IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජනප්‍රියම නළුවා තුමිඳු - ජනප්‍රියම නිළිය නයනතාරා

(ඉෂාන් සංජීව)

රයිගම් ටෙලි සම්මාන 2017 සම්මාන  උළළේදී  ජනප්‍රියම නළුවාට හිමි සම්මානය  තුමිඳු දොඩන්තැන්න  හිමි  කර ගත් අතර අතර ජනප්‍රියම නිළියට හිමි සම්මානය නයනතාරා වික්‍රමාආරච්චිට හිමි විය.

"රයිගම් ටෙලි සම්මාන 2017" සම්මාන උත්සවස මාධ්‍ය ක්ෂේත්‍රයේ, නළු නිළියන්ගේ, ගායකගායිකාවන්ගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දි  පැවැත්විණි.

එහිදි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා සම්මානයෙන් ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” නාට්‍යයේ රෝහණගේ චරිතයට පණ පෙවු මයුර කාංචනට හිමි විය.

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශයේ වු “මේ මමයි” ටෙලි නාට්‍යයේ හර්ෂිට පණ පෙවු බුවනි චාපා දියලගොඩට හිමි විය.  

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවාට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” ටෙලි නාට්‍යයේ ජිනපාල චරිතයට පණ පෙවු ආනන්ද කුමාරට හිමි වු අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නිළිය සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” නාට්‍යයේ “යසෝ මැණිකේ” චරිතයට පණ පෙවු නයනා හෙට්ටිආරච්චිට  හිමි විය.  

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු "බැද්දේ කුල්වමිය” ටෙලි නාට්‍යයේ“එඩ්වින්” චරිතයට පණ පෙවු මහේන්ද්‍ර පෙරේරාට හිමි විය.

වසරේ විශිෂ්ටතම නිළියට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු "බැද්දේ කුලවමිය" ටෙලි නාට්‍යයේ“චංචලා” චරිතයට පණ පෙවු නදී කම්මැල්ලවීරට හිමි විය.  



අදහස් (5)

ජනප්‍රියම නළුවා තුමිඳු - ජනප්‍රියම නිළිය නයනතාරා

sirimal Sunday, 25 March 2018 11:13 AM

පවතින "සිස්ටම්" එකේ කිළිටි ස්වභාවය දකිමින් තමන්ටම හිනාවෙන ලෝලයින් කූඹියෝ මාරයි කියද්දී දවසේම මහන්සි වෙලා හවසට ටෙලියක් බලන්නේ හිත සැහැල්ලු කරගන්න වගේ කියන්නන් දෙවෙනි ඉනිමේ ලෝලයින් වෙනවා. විසිරුණු වින්දන පරාසයක් ඇති, කතාන්දරයක් බලන්න කැමැති කට්ටියක් ඉඩ ලැබෙන විටෙක මේ දෙකම බලනවා. නොදරුවන්ගේ හුරතලය නිසාවෙන් හෝ මේක හරි ආතල් සමාජයක්ය. කැරපොත්තො නැති, මැස්සෝ මදුරුවෝ නැති සුන්දරම සුන්දර සමනල වර්ණ ලෝකයක්ය කියා පෙන්වන නිසාවෙන් හෝ " ජනප්‍රිය " වෙන තාලයට අනුකූලව වැල යන පැත්තට මැස්ස ගහමින් කතාවේ මුඛ්‍ය අර්ථයට කිසිසේත්ම අදාළ නැති අලුත් චරිත, අලුත් සිදුවීම් එකතු කරමින් ඉමක් නැති කොනක් නැති "කලාල" ගොතමින් ටෙලි නාට්‍ය රබර් බවට පත් කරන බොළඳ නිර්මාණ ගොන්නට කුඹියෝ අකාලයට වැටුණු වැහි පොදක් වගෙයි. එහි සාර්ථකත්වය නිසා අද ඒ ගැන විශාල කතා බහක් ඇතිවී තිබුනත් කුඹියෝ නිපදවා අවසන් වී වසර ගණනාවක් යනතුරු පෙන්වාගන්නට බැරුව එක එක නාලිකා මඟින් ප්‍රතික්ෂේප වෙමින් අවසානයේදී බැරිම නිසා පාඩුවට දෙන්නට සිදුවූ බව එහි නිෂ්පාදකවරයා පවසා තිබුණා මතකයි.

:       0       235

buddika Sunday, 25 March 2018 03:10 PM

sms වලින් විතරක් නෙවේ කූඹියෝ ඇත්තටම ජනප්‍රියයි, හැම කොටසක හැම චරියතයක්ම හොදටම රගපානව, අධ්‍යක්ෂ වරයාගේ නළු නිලි මෙහෙයවීම ඇති සාර්ථකයි.

:       0       96

dayan Monday, 26 March 2018 04:47 AM

තුමිදු ට ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබිය යුතුමයි. දෙවෙනි ඉනිම ගැන කථා කිරීමත් තේරුමක් නැත. දැන් අප 'සිදූ'සහ 'දෙවෙනි ඉනිම' බලන්නේ නැත. තිර රචකයා අතරමං වී ඇති සෙයක් පෙනේ. ඒ වගේම ඔහු කොඩිවින ගැන ප්‍රවර්ධනය කරන්නෙකි. නුතන ලෝකය නොදියුණු ගල් යුගයක් කරා ගෙන යන්නෙකි.දැන් විකට චරිත ප්‍රධාන චරිත වී ඇත. ඕයි තමුසේ උඹ යනාදී වශයෙනුයි. පවුල් අතර කතා බහ කරන්නෙත්. කිසිම ආදර්ශයක් නැත.

:       0       189

රොමේෂ් Monday, 26 March 2018 10:12 AM

ගන්න දෙයක් නැති දෙවැනි ඉනිමේ කෙනෙක් ජනප්‍රියම නිළිය වෙන්නේ අපේ සමාජයත් ගන්න දෙයක් නැති තැනට පත්වෙලා තියෙන නිසයි. ඒත් එක්කම කූඹියෝ තුමිඳු ජනප්‍රියම නළුවා වෙන්නෙත් ඒ සමාජ ක්‍රමය තුළින්ම ඒ සමාජ ක්‍රමයටම නැගුන ප්‍රතිවිරෝධය නිසයි. මේ සිදුවීම දෙවැනි ඉනිමේ සියලුම දෙනා "බින්දුවට" දැවීගිය අවස්ථාවක් වගෙයි මට නම් පෙනෙන්නේ.

:       0       111

maalaka Monday, 26 March 2018 11:15 AM

මෙවැනි අවස්ථාවකට සහභාගී වනවිට සමහර නිළියන්ට සැරසිය යුතු අන්දම ගැනවත් දැනුමක් නැති බවයි පෙනෙන්නේ...

:       0       142

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6546 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 514 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site