IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනමාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් සමුළුවක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ජනමාධ්‍ය අමාත්‍යංශය සහ යුනෙස්කෝ ජාත්‍යන්තර ආයතනය එක්ව සංවිධානය කළ ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂ සමුළුවක් අද(4) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය සහ අපරාධ අවසන් කිරීමේ එක්සත් ජාතීන්ගේ දිනය මූලික කරගනිමින් ‘ආසියාව තුළ භාෂණයේ නිදහස සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය‘ යන තේමාව යටතේ පැවැති සමුළුවේ ප්‍රධානියා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අතර යුනෙස්කෝ සංවිධානයේ භාෂණයේ නිදහස සහ මාධ්‍ය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ගයි බර්ජර් ද ඊට එක්විය.

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන යන මහත්වරුන්ද විදේශීය මාධ්‍යවේදීන් රැසකගේ ද සහභාගීත්වයෙන් පැවැති සමුළුවට ශ්‍රී ලංකාවේ මුද්‍රිත හා විද්‍යුත් සෑම මාධ්‍ය ආයතනයක්ම නියෝජනය කරමින් මාධ්‍යවේදීහු පිරිසක් ද එක්ව සිටියහ.
 



අදහස් (12)

ජනමාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් සමුළුවක්

rohana Monday, 04 December 2017 08:14 AM

රිචර්ඩ් ද සොයිසා මහත්තයාට ආරාධනා කලේ නැතෙයි?

:       271       641

RaveendraThursday, 07 December 2017 03:40 AM

rohana මයා වෙත, අපගේ කුඩා අවදියේ සිංහල ගුරුතුමිය කියාදුන් අරුත්බර කවියක් මතකයට නැගෙනවා එය ඔබ සැමට මෙසේ ඉදිරිපත් කරමි. කිවුවොත් කියන්නේ අරුතක් නැති කථා මය...... කෙරුවොත් කරන්නේ අනුවන ක්‍රියා මය...... ගත්තොත් ගන්නේ වැඩකට නැති තීරණය........ මම වෙමි මහදැන මුත්ත සිරිලක සිටින.......

:       0       149

ලුම්බිණි Monday, 04 December 2017 08:25 AM

සමුළු තිබ්බට වැඩක් තියෙනවද? වෙබ් අඩවියක් තහනම් කෙළේ කවුද කියලවත් හොයා ගන්න බැරි රටේ...

:       172       275

siri Monday, 04 December 2017 09:33 AM

"ජනමාධ්‍ය නිදහස" කියන එකේ තේරුම වටහාගන්න අකමැතිව " වල් බුරු නිදහසක්" කියල හිතාගෙන වැඩ කටයුතු කරන මිනිස්සුන්ට මේවා විහිලු බොස්....

:       47       215

naradha Monday, 04 December 2017 10:15 AM

ජනමාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියකුත් හඳුන්වා දෙනවා නම් හොඳයි.

:       0       6

.රොහාන් දයාදර පැරිස් ...!!! Monday, 04 December 2017 10:45 AM

එක්සත් ජාතික පක්ෂයේ ගරු නායකතුමනි, ගරු ඇමති වරුනේ.. රටක විරුද්ධ පක්ෂය තමයි... නිර්භීතව නිවැරදි තොරතුරු රටට ජනතාවට හෙළිදරව් කරන අයගේ වගකීම ...රජයේ වැරදි අඩුපාඩු වගේම රට හා මහජනයා වෙනුවෙන් ඉදිකෙරෙන යහපත් කටයුතු පිළිබඳවද සම සමව රජයට පෙන්වාදීම ...ජනතාවට නිවැරදි තොරතුරු එළිදැක්වීම, විනය ගරුක මාධ්‍යවේදීන්ගේ යුතුකමයි. වගකීමයි... ඉදිරියේදී අප පක්ෂය නිවැරදි මාවතක් ඔස්සේ ගමන් කරනු ඇතැයි මගේ පැතුමයි ...

:       76       32

DD Monday, 04 December 2017 10:53 AM

මේ අය මේ පාලන කාලයේම කරලා තියෙන්නේ මාරුවෙන් මාරුවට රට යන එක සහ සමළු පවත්වලා ලොකු කථා පැවැත්වීම පමණයි. එයින් එහාට දෙයකුත් නැහැ. මිනිසුන්ට වෙච්ච සෙතකුත් නැහැ. මිනිස්සු මේ අයව නඩත්තු කරමින් සැප දුන්න එක විතරයි.

:       76       67

SAHAN Monday, 04 December 2017 11:31 AM

කෝ අපේ අප්පොච්චයි, බාප්පොච්චයි දෙන්නා. ඒ දෙන්නා අනිවාර්යෙන්ම මෙතන ඉන්න ඕනේ.. මොකද පහුගිය අවුරුදු දහයේ මාධ්‍යවේදීන්ට දීපු නිදහස නිසා...

:       471       540

anura Monday, 04 December 2017 12:43 PM

අනේ සීයේ දැන් කලා හොඳටම ඇති. දැන් ඉතින් තව කියව කියවා ඉන්නේ නැතිව ගෙදර යන්න !

:       111       857

hira Tuesday, 05 December 2017 03:12 AM

ජනමාධ්‍යවේදීන්ට මෙච්චර ආදරේ මොකද දන්නවද.?ඡන්දය ලග එනවනේ.

:       0       9

Hafeel Tuesday, 05 December 2017 06:13 AM

මේ රජය බලයට එන්න පාවිච්චි කලේ පහුගිය පාලනය තුල මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට කල හානිය ඉදිරිපත් කරමින්. රජයේ මාධ්‍ය අනිකුත් මාධ්‍ය සම බරව කටයුතු කල නිසා තමයි මේ රජයට බලයට ඒමට පුළුවන් වුණා. විශේෂයෙන්ම ලසන්ත, එග්නේලිගොඩ, බෝද්ද්හල ජයන්ත, තෙන්නකෝන්, කීත් නොයල් ඔ නම් ටික උපරිම ප්‍රදර්ශන කලා. මෙවෙනවිට මේ රජය බලයට පත්වෙලා අවුරුදු 3ට ආසන්නයි. නමුත් පොරොන්දු ටික වචනවලට පමණක් සීමා වෙලා.

:       8       21

ruchi Tuesday, 05 December 2017 07:49 AM

මෙතුමාට ලජ්ජා නැද්ද කලිසමක් ඇඳගෙන මෙහෙම කරලියට එන්න?

:       0       92

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28013 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site