IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජපන් ජබර නිසා කළා බළලු වැවේ අලින්ට ආහාර හිගයක්

(කාංචන කුමාර ආරියදාස)

ජපන් ජබර ආක්‍රමණශීලී ශාකය නිසා කලා බලලු වැවේ  වන අලින්ට උග්‍ර ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුව එහි සුන්දරත්වයට මෙන්ම එහි සිටි පක්ෂි විශේෂ රැසකටද හානි සිදුවී ඇතැයි ජනතාව පවසති.

 වෙනදා  අලි ඇතුන් ගහන ව පවතින කලාවැව වෙනත් වසර වලදී මෙවැනි මාස වල ඉතා අලංකාරව දසුන් මවන  සුන්දර ප්‍රදේශයකි.

 වෙනදා කලා බලලු  වැව් ඉස්මත්තේ අලි ඇතුන් 350 ක් පමණ විශාල පිරිසක් වැව්තාවුල්ලේ ඇති තෘණ ආහාරයට ගන්නා දසුන් මෙන්ම කුරුල්ලන් විශාල පිරිසක් දැකගැනීමට හැකි වී තිබුණු බව ජනතාව මෙන්ම ප්‍රදේශවාසීහු පවසති.

 එහෙත් මේ දිනවල වන අලි 35-40  අතර රංචු වලට කැඩී කලා වැවැවේ මෙන්ම  බළලු වැවෙත් ඇවිත් තැන තැන ස්ථානගත වී ආහාර සොයමින් යන බව ජනතාව  පෙන්වා දෙති.

 ජබර ආක්‍රමණශීලී ශාකය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවත් එම ශාකය වැව් තාවුලු සියල්ල වසා ගෙන තිබීම නිසා කුරුල්ලන්ට පවා  ආහාර  නොමැති බවය

 එමෙන්ම කලාවැවේ සිටි බොහෝ අනෙකුත් ගව රංචු ද මේ දින දිනවල කලාවැවෙන් ඉවත්ව ගොස් ඇති බව හෙතෙම සඳහන් කළේය.

 කඩිනමින් මෙම ක්‍රමණශීලී ජපන් ජබර ශාකය කලාවැවෙන් වූ ඉවත් නොකළහොත් ඉදිරියේ දී අලි මිනිස් ගැටුම්ට අත්වැනීමක් සිදුවන බවද පෙන්වා දුන්නේය .

 වෙනදා මෙම කලා බළලු  වැවේ නම් රැසකින්  ප්‍රසිද්ධ ඇතුන් රැසක් සිටි බවත් එම ඇතුන් ද මේ වන විට කලා වැවේ දැක ගැනීමට හැකි වන්නේ ඉතා කලාතුරකින් බව ගැමියෝ කියති.



අදහස් (6)

ජපන් ජබර නිසා කළා බළලු වැවේ අලින්ට ආහාර හිගයක්

Dimali Saturday, 17 July 2021 05:05 PM

ඕවා ඉවත් කරන්න මුදල් නැහැ. අධිවේග හදන්න තියෙනවා කොළඹ අවට ඉන්න අයට...

:       23       315

BamunuarachchiSunday, 18 July 2021 07:53 AM

ජෙප්පන්ට කියන්න වැව සුද්ද කරන්න මොකද? චීන්නු වැව සුද්ද කරනවාට ජෙප්පන් කැමැති නැහැ. ජෙප්පන්ට ඉන්නවා පාප්ප බලකාය ඕවා සුද්ද කරන්න. වැඩේට සුදුසු යන්ත්‍ර, තාක්ෂණය තිබෙන අය තමයි වැඩේ අත ගගා ඉන්න නැතුව කරන්න හැදුවේ. ජෙප්පෝ ඒවාට විරුද්ධ වුණා..

:       60       0

sharm warnTuesday, 20 July 2021 10:47 AM

බමුණු, ඔයා බයියෙක් කියලා රටම දන්නවා. නමුත් මෙච්චර සද්දෙන් කියන්න එපා. අපිටත් ලැජ්ජයිනේ.. ඔයත් මනුස්සයෙක්නේ. ජෙප්පන් ජයට ගියාවේ. චීන්නු අපේ වැව් හාරන එක හොඳයි කියන්න තරම් ඔයා පහළට වැටුණේ කොහොමද කියලා අපිට හිතාගන්න අමාරුයි.

:       0       1

පූජා. Saturday, 17 July 2021 05:48 PM

නුදුරු අනාගතයේම ලංකාවේ මිනිසුන්ටත් උග්‍ර ආහාර හිඟයකට මුහණ දෙන්න වෙනවා කියලනේ කියන්නේ... මේ සමඟම අලින්ටත්, කුරුල්ලන්ටත් ආහාර හිඟවීම මහා අභාග්‍යයක පෙර නිමිති වත්ද? වැව් තාවුල්ලේ තෘණ භූමි වියළී ගොස් නම්, අලි ඇතුනේ නුඹලාට වෙනත් තෘණ භූමි සොයාගැනුමත් දුෂ්කර කටයුත්තක් වේවි..!!! ඇයි නුඹලාට හිමි නිජ බිම්, දේශපාලක හෙන්චයියන් එළිපෙහෙළි කරගෙන අත්පත් කරගෙන ඉන්න නිසා. ඉතින් මින්පසුව අලි මිනිස් ගැටුම් තව, තව උග්‍ර වේවි...!!! අලින් අතින් මිනිසුන් මැරෙයි. නැත්නම් මිනිසුන් අතින් අලි මැරෙයි. බලධාරින් හැකි ඉක්මනින් මේ ආක්‍රමණශීලී ජපන් ජබර ශාකය ඉවත් කර මේ අසරණ සතුන්ව බේරා ගන්න. සියතුනේ නුඹලාට පියාපත් තිබෙන නිසා වෙනත් තැනකට ඉගිල ගොස් කුස පුරවාගෙන සතුටෙන් වාසය කරන්න.

:       101       260

Chandima Saturday, 17 July 2021 11:09 PM

මේ ජපන් ජබර, වැව් ජලයේ ඇති බැරලෝහ උරාගන්නා අතර, කාබනික පොහොර වලට යොදාගත හැකියි. සැල්වීනියාත් එහෙමයි.

:       0       18

එච් එම් ගුණවර්ධන Sunday, 18 July 2021 09:18 AM

ජපන් ජබ‍ර ශාකය ගොඩබිමදී ඉතා ඉක්මණින් දිරාපත්වන නිසා මෙය කාබනික පොහොරක් ලෙස හෝ කාබනික පොහොර සෑදීමට අමුද්‍රව්‍යක්‌ ලෙස භාවිතා කළහැකිය. මේ පිළිබඳව වගකිව යුතු අයගේ අවධානය යොමුවේවා..!!!.

:       0       27

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6189 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7640 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18279 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1256 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9438 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 593 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site