IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


ජලයේ බැස සෝමාවති සෑය වඳින බැතිමත්හු

(ක.ග. කරුණාරත්න)

මහවැසි හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය පුදබිම අඩි 7ක් පමණ ජලයෙන් යටවී ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.
 
සෝමාවති සෑ මළුව අඩි 3ක පමණ ජලයෙන් යටවී ඇති බවද, සංඝාවාස ඇතුළු සියලු ගොඩනැගිලි අඩි 4කට වඩා වැඩි මට්ටමකින් ජලයෙන් යටවී ඇති බවද විහාරවාසී හිමිවරු පැවසූහ.
 
සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කෙරෙන බුද්ධ පූජා, ගිලන්පස පූජා ආදී ආගමික වතාවත් නොකඩවා සිදුකරන බවද, බෝට්ටුවක ආධාරයෙන් එම පූජා භාණ්ඩ චෛත්‍යය වෙත වැඩම කරවන බවද හිමිවරු සඳහන් කළහ.

 



අදහස් (20)

ජලයේ බැස සෝමාවති සෑය වඳින බැතිමත්හු

ගැමියා Sunday, 22 December 2019 06:47 AM

සාදු සාදු සාදු !!! බුදුපියාණන්වහන්සේගේ අසමසම පාරමිතා බලය... කුමන ආපදා තත්ත්වයක වුවද පිදුම් ලාබන අනන්ත බුදුගුණවල අසිරිය...

:       2       58

sirima Sunday, 22 December 2019 09:28 AM

"දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ..."

:       118       256

banda Sunday, 22 December 2019 09:48 AM

වතුරේ බැහැගෙන මේ අයගේ අන්ධ භක්තිය නේද පෙන්වන්නේ...?

:       854       631

මුණසිංහSunday, 22 December 2019 10:43 AM

ඕං කිව්වා කතාවක්. ඔයාට යමක් වැරදුණාට පස්සේ දෙයියන්, බුදුන් මතක් වෙලා හරියන්නේ නැහැ...

:       71       69

තුසිත Sunday, 22 December 2019 12:19 PM

රටේ නායකයාගේ සිටම මිත්‍යා දෘෂ්ටිකයින් ජීවත්වන ගෝත්‍රික ජන සමාජයක් තමයි ලංකාව කියන්නේ... නායකයාගේ අතේ බැඳලා තියෙන ගැජට් හරියට වැඩකළා නම් අද මේ රට දිව්‍ය ලෝකයකි. නමුත් අවාසනාවට හිඟන රාජ්‍යයකි.

:       477       664

මුණසිංහSunday, 22 December 2019 03:49 PM

තුසිත - මංගල එක වල්ලේ පොල් වගේ..!

:       242       359

SidathSunday, 22 December 2019 02:05 PM

අහෝ බණ්ඩා නොදුටු මොක්පුර...!

:       23       45

bandaSunday, 22 December 2019 03:35 PM

තව ටිකක් වතුර පාර වැඩි වුණානම් වතුරේ බැහැලා ඉන්න අයට මොක්පුර පෙනේවි..

:       175       316

නිමල්Monday, 23 December 2019 01:23 AM

සර්ප දෂ්ඨන අනතුරකුත් තිබෙනවා

:       2       18

PrasaSunday, 22 December 2019 09:02 PM

ඔයාගෙ කතාව හරියට හරි. අනික බුදු දහම හරය (ධර්ම දේශනා වලින් බුදු රජාණන් අපට තේරුම් කර දුන්නෙ) සිමෙන්ති සහ ගල් පිළිම වලට වැන්දල පින් හරියට මල්ලක් එකතු කරගන්න නෙමෙයි සූර ලොව යන්න. බුදුන් වදාලේ ලෝකය තමා තුළින් ම, අනිත්‍ය බවත් එක්කම තේරුම් කරගෙන හැම ආසාවන් ම නැති කරගැනීම තුළින් නිවන් අවබෝධ කර ගැනීම.

:       0       75

HemanthaMonday, 23 December 2019 04:07 AM

අපේ මිනිස්සු වැඩිහරියක් සිතින් නොව පෙනුමෙන් බෞද්ධ වීමට හරි කැමතියි. බොක්කේ දඩ මස් හක්කේ බුදුරැස් කියලා පැරණි කියමනක් තියෙන්නේ මේ නිසා තමයි.

:       0       51

JayMonday, 23 December 2019 07:23 AM

නිකන් කට තිබිච්ච පලියට කියවන්න එපා. රජකාලේ ඉඳන් කරගෙන ආපු වත්පිළිවෙත් මොන බාධා ආවත් භික්ෂූන් වහන්සේලා කරගෙන යන නිසා තමයි ශාසනය ආරක්ෂා වෙන්නේ... එහෙම නම් ඔයා කියයි දේවනම්පියතිස්ස රජතුමා කරවටක් දියේ ගිහින් ජය ශ්‍රී මහබෝධිය වඩමවපු එකත් අන්ධ භක්තියක් කියලා...

:       0       51

Dayananda Tuesday, 24 December 2019 07:04 AM

බුද්ධ දර්ශනය එකක් වැදුම් පිදුම් තව එකක්. අද යම් කෙනෙක් නිර්වාරණය අවබෝධ කරන්නේනම් එයට හේතුව ඔහු කුඩා කල සිට වැදුම් පිදුම් වලින් අරම්භකර ඉන්පසු සත්‍යය වශයෙන්ම තථාගතයන් වහන්සේ නිවන පිණිස දේශනා කලේ කුමක්ද කියා ආර්ය පර්යෙෂණයේ යෙදුන නිසාය . (අද නිවන සොයන්නෙකුට ආර්ය පර්යෙෂණය කළ යුතුමය. මන්ද ධර්මය තුලට නිගන්ට ධර්මය කලාවන් වී තිබෙන නිසා ) ඔවුන් නිත්‍ය වශයෙන්ම නිවන අවබෝධ කරන්නේය. එසේනම් මේ පන්සල් ,දාගැබ්,බෝගස් ,පිළිම තිබීම බුද්ද ශාසනය පැවතීමට හේතුකාරක වන කාරණාය. පන්සල් ,දාගැබ්,බෝගස් ,පිළිම තිබීම ,අනාගතයේ ඉපදෙන කෙනෙකුට නිවන් මාර්ගය සෙවීමට උපකාර වෙනවා .පන්සල් ,දාගැබ්,බෝගස් ,පිළිම ,නිවන නොවේ. සත්‍ය සොයන්නා මේවා පසුකරගෙන යනවා. මන්ද ඔහු නිස්සත්තෝ ,නිජ්ජිවෝ ,සුන්ඥෝ කියන තැනට යනවා .එය සත්‍යය වශයෙන් අවබෝධ කරනවා.

:       0       9

jayasekaraMonday, 23 December 2019 09:08 AM

වතුරේ බැහැගෙන පව් කමාකරනවා නෙමේනේ ....... උතුම් බුද්ධ ගුණය සිහිපත් කරලා උන්වහන්සේ පුදනවා... මේක අන්ද භක්තිය කියලා කියනවානම්... බුද්ධ චරිතය හරියට කියවලා නැති කෙනෙක්....

:       13       44

bandaMonday, 23 December 2019 02:44 PM

එක පාරට වතුර පාර වැඩි වුණානම්...

:       62       26

vidya Sunday, 22 December 2019 08:23 PM

ජලයෙන් යට උනත් වැඳුම් පිදුම් කල යතුය. එනමුත් ජලය බැස ගියාම නැවත අමතක වෙන්නට පෙර. අර කුඹුරු අස්වද්දන තරුණයන් සමග එකතුවී ජල බස්නා මාර්ග සහ වැව් අමුනුටික පිරිසිදු කරලා මම අපතේ යන ජලය රඳවා ගන්නට සාකච්චාවක් පටන් ගන්න. නැතිනම් ලබන අවුරුද්දෙත් මේ ටිකම වෙයි.

:       0       20

eresh S kumara Monday, 23 December 2019 04:51 AM

වැලේ වැල් නැතුව ඉන්න සමහරුන්ට ආගමක් දහමක් නැහැ.

:       0       10

kamal Monday, 23 December 2019 06:51 AM

වතුරේ නොබැසත් පන්සිල් පද පහ රැකගෙන පින්වත් බෞද්ධයෙක් වෙන්න පුළුවන්. හැබැයි එකේ ගතියක්, පන්ච් එකක්, ෂෝ එකක් නැහැ .

:       291       72

Champa Monday, 23 December 2019 02:53 PM

පෘතුගීසීන්, ලන්දේසින්, ඉංග්‍රීසින් එන්න ඉස්සෙල්ලා මේ රටේ සෑම සිංහලයෙක්ම බෞද්ධ... බුද්ධාගමට ගරහන්න පටන් ගත්තේ පටු ආර්ථිකමය හෝ වෙනත් ලාභ තකා පරගැති ආගම් බදාගත්ත අබෞද්ධයන් සහ අසිංහලයන්. බෞද්ධයෙක් කවදාවත් අන්‍ය ආගම්වලට ගරහන්නේ නැහැ. සිංහල අබෞද්ධයන් හඳුනාගන්න හරිම පහසු ඒකයි. පහුගිය කාලේ මොවුන් ලංකාව අනාගමික කරන්න සෑහෙන්න මහන්සි වුණා. නමුත් වෙන කවරදාකවත් නැතුව සිංහල බෞද්ධයන් ඊට එරෙහිව නැගී හිටිය නිසා කරන්න හදපු දේ බැරිවුණා. අපට බුද්ධාගම ගැන බණ කියන සමහරුන් කියලා තියෙන දේවලට හිනායනවා. එක අයෙක් කියනවා බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ සුර ලොව යන්නලු. බුදුහාමුදුරුවෝ නම් සුර ලොව යන්න කිව්වේ නැහැ. සිමෙන්ති සහ ගල්පිළිම වලට වඳිනවා කියන්නේ මොකක්ද මම නම් දන්නේ නැහැ. ආගමික සංකේත හැම ආගමකටම පොදුයි. ආගමික සංකේත අවශ්‍ය වුනේ ලෝකය පුරා එකම ආගම අදහන මිනිස්සුන්ගේ එකමුතුකම දැක්වීම සඳහා සහ ඔවුන්ගේ ආගම වෙනත් ආගම් වලින් වෙන් කරලා පෙන්වීම සඳහායි... බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩම කරපු තුන් වතාවෙම තමන් වහන්සේ වන්දනාමාන කරන්න සිහිවටන දීලා තියෙනවා. එම සිහිවටන අදටත් රැකිලා තියෙන්නේ ඒ ආශ්‍රිතව ගොඩ නැංවුණු මහා නිර්මාණයන් නිසා...

:       14       25

Champa Monday, 23 December 2019 03:13 PM

අපේ හෙළ ශිෂ්ඨාචාරය ඔපනැංවුණේ බුදුදහමේ ආභාෂය නිසා... අපේ ඉපැරණි දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රමයන් හැඩ ගැන්වුණේ බුදුදහම අනුව. අපේ රටට සියලු දුසිරිත් අරන් ආවේ විජය හොරාගේ පටන් පෘතුගීසීන්, ලන්දේසින්, ඉංග්‍රීසින්. ඔවුන්ගේ ගැත්තන් නිසා අදත් මේ රට දුසිරිත්වලින් පිරිලා. ලංකාවේ සිංහලයන් වර්ග දෙකක් ඉන්නවා. එක කොටසක්, ඒ කියන්නේ සියයට 99%ක් අපේ හෙළ ශිෂ්ඨාචාරයේ උපත සංකේතවත් කරන මහා රාවණා රජ්ජුරුවන් අයත් යක්ෂ ජනවර්ගයෙන් පැවතෙන සිංහලයන්. අනිත් කොටස - රටේ ජනගහනයෙන් 1% ක පිරිසක් පැවතෙන්නේ විජය හොරාගෙන්. රටේ විනාශයට මුල් වෙලා තියෙන්නේ මේ 1% පිරිස. මෙතන සෝමාවතී සෑය වන්දනා කරන බැතිමතුන්ට ගරහලා තියෙන්නේ විජය හොරාගෙන් පැවතෙන් සිංහලයන්... බුදු දහම සහ බුද්ධාගම කියන්නේ දෙකක් බව මොවුන් දන්නේ නැහැ. බුදුදහම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල සංකීරණ, ගැඹුරු ධර්මය. බුද්ධාගම කියන්නේ ඒ ධර්මය ප්‍රයෝගික ජීවිතයට අනුයුක්ත කිරීම. බෞද්ධයන් කියන්නේ ධර්මයේ ප්‍රයෝගික පැත්ත අනුගමනය කරන පිරිස. අබෞද්ධයන් මේක දන්නේ නැහැ. එවැන්නන්ට අනුකම්පා කරන ගමන් අපි අපිට කැමති ආගමක් අපිට කැමති විදිහට අදහන්න තියෙන අයිතිය ආරක්ෂා කරගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6639 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7691 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18358 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 134 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 128 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site