(රංජිත් රාජපක්ෂ)
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඊයේ (22) ආරම්භ කළ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතියේ දෙවන දින කාසල්රී ජලාශ ජල පෝෂක ප්‍රදේශයේදී අද (23) ක්‍රියාවට නැංවීය.
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ඊයේ (22) ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානය යොදා ගනිමින් සාර්ථකව සිදු කළේය.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත තායිලන්තයේ සිට මෙරටට පැමිණි කෘතිම වැසි ඇති කිරීමේ පේටන් බලපත්‍රය හිමි සමාගමක් මෙම කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
මෙම නියමු ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ වල දින 14 පුරා සිදු කිරීමට නියමිතය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජලාශ ප්‍රදේශවලට දෙවැනි දිනටත් කෘතිම වැසි
nilu Saturday, 23 March 2019 12:43 PM
ඇත්තටම වැස්සද?
weerakonSunday, 24 March 2019 01:08 PM
පළමු දවසට වැඩියෙන් දෙවන දින වැස්ස ලැබුණා... නමුත් අගලක්වත් ජලාශ පිරෙන්න වැස්ස වැටුනේ නැත.
AmaraMonday, 25 March 2019 09:08 AM
වැස්ස වැස්සන්ද ගිය වියදම ලක්විජයෙන් විදිලිය නිපදවූ ව නම් වොට් කීයද?
sena Saturday, 23 March 2019 12:43 PM
අගල් කියක් වැසි වැටුනද කියන එක වාර්තාවට අඩංගු උනානම් අපිට දැනගන්න තිබුනා මේ ව්‍යාපෘතිය ඵලදායක එකක්ද නැද්ද කියන එක.
sachith Sunday, 24 March 2019 02:34 AM
පලවෙනි දවසෙනම් හොදට වැස්සා ගොරව ගොරව. කොහොමත් අගල් 30 එහා වැස්සක් වෙන්න ඕන.
Perakum Sunday, 24 March 2019 08:58 AM
මේවා නිකන් කරුවලේ අතගානවා වගේ වැඩ. සමකය අසල තියන අපේ රටේ ඇති තරම් සූර්ය බලය නිපදවන්න හැකියාව ඇතත් ඒවා නොකරන්නේ මොන කරුමයකටද? කොමිස් මදිකමද?
JayaSunday, 24 March 2019 10:21 AM
අනිවාර්යයෙන්. සූර්ය පැනල සවිකරපු ගෙවල් ලක්ෂයක් තිබ්බොත් ඔය හිඟය දවල්ට පියවගන්න පුළුවන්. 5KW x 100,000 = 500MW ඒ කියන්නේ අලුත් නොරෙච්චෝලේ බලාගාරයක් හැදුවා වගේ... ආණ්ඩුවට බලාගාරය හදන්න ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නේත් නෑ. කරන්න ඕනෑ. එකම දේ බදු නැතිව සූර්ය පැනල ගේන්න දෙන එකයි, අවුරුදු 10 විතර ගෙවන්න බැංකු නය ක්‍රමයක් හදන එකයි. දන්නා කෙනෙක් කියන්න පගාව ඇරෙන්න මේක කරන්න විදිහක් නැත්තේ ඇයි කියලා....
PerakumSunday, 24 March 2019 11:35 AM
වෙන රටවල සූර්ය පැනල දෙන්නේ ඉතා අඩු සහන මිලකට... ණය ක්‍රමයක් ඕන වෙන්නෙත් නැහැ.
PathiranaSunday, 24 March 2019 11:38 AM
කිව්වත් වගේ අපේ කට්ටිය කරන්නෙම මහාපරිමාණ වියදම් වැඩමයි.. ඔය වැසි වැඩේටත් පේටන්ට් බලපත්‍ර හිමි කොම්පැනියක් සම්බන්ධයිලු.. ඉතින් කොමිස් ගැන අහන්නත් දෙයක් නෙවෙයිනේ...
saman Monday, 25 March 2019 03:48 AM
වලාකුළු විතරක් නෙවෙයි.. පීඩනය සහ ආර්ද්‍රතාවය කියන හැමදේම සුදුසු වෙන්න ඕනෑ මේකට... සල්ලි තියෙන රටක් වන ඕස්ට්‍රේලියාවවත් මේවා කරන්නේ කලාතුරකින්, වියදම තරමට ප්‍රතිඵල නැති නිසා...
සංජීව Monday, 25 March 2019 04:45 AM
අපේ රටේ පුල්මුඩේ සිලිකා වැලි තියෙනවා ඒවා අරගෙන සුර්ය පැනල හදල අඩුවට දෙන්න පුළුවන්නේ අපේ රටෙන් එතකොට තෙල් බලාගාර නිසා පිටරටවලට යන සල්ලි අඩු කරගන්න පුළුවන්. කෝ මේ මොලයක් තියෙන එකෙක් නැනේ. ඔක්කොමල කොමිස් වලට තමා වැඩ. ජපානේ වගේ රටකින් අඩුවට ණයක් ගත්තත් කමක් නෑ ප්‍රතිලාබය වැඩිනම්. කොහෙද මේ කඩේ යන අය එක්ක බැනේ.
rohan Monday, 25 March 2019 09:06 AM
මහත්වරුනි , ඔබල යෝජනා කරන දේවල් කරන්න බැහැනේ එහෙම කෙරුවහම කොහොමද මණ්ඩලේ ලොක්කන්ට සහ ඇමතිට කොමිස් ලැබන්නෙ කොමිස් නොලැබුනහම ඒ දුප්පත් අය ජිවත්වෙන්නේ කොහොමද ඔයාල අපි විදුලිය නැතුව ඉන්නව වගේද එක.