භික්ෂූන් වහන්සේලා සිරගත කිරීමට එරෙහිව, සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මාතෘභූමි සුරක්ෂයෝ සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව ලෝටස් පාරේ දී පැවැත්වේ.
විරෝධතාවය හේතුවෙන් මේ වන විට ලෝටස් පාර වසා තිබේ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්
sirimal Monday, 03 September 2018 09:06 AM
මේ ආණ්ඩු පෙරලන ගාය මිසක් මේ ස්වාමින් වහන්සේලාට තමන්ට සිව් පසය ලබාදෙන දායකයින් හට අර්ථයෙන්, ධර්මයෙන් ධර්මානුශාසනා කරන්නට හිතෙන්නෙම නැද්ද? ශාසනය පිරිහෙනවා, බුද්ධාගම අනතුරේ කියලා කාටවත් දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. වැරැද්ද අපේම නම්...
ravi Monday, 03 September 2018 09:13 AM
මෙය නීතියට එරෙහි වීමක් නොවේද.. ?
DarshanaMonday, 03 September 2018 10:45 AM
මේ නීතිය සිංහල බෞද්ධයාට විතරනේ ක්‍රියාත්මක වෙන්නේ...
iranth Monday, 03 September 2018 09:27 AM
බන්ධනාගාරගත කරපු හාමුදුරුවන් වහන්සේලා නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කරන අය... හාමුදුරුවන් වහන්සේලා දේශපාලනයෙන් ඉවත් වී සිල් රැකගෙන, පන්සල් දියුණු කරගෙන, ශාසනය රකින්න ධර්ම ප්‍රචාරන කටයුතුවල නියැලෙන්න කියලා මුළුරටම එකතුකරගෙන එකහඬින් උද්ඝෝෂණය කළානම් මව්බිමත්, ශාසනයත් රැකේවි.
dayan Monday, 03 September 2018 09:53 AM
මෙය අධිකරණ තීන්දුවට එරෙහිව කරන විරෝධයක් .....මෙය අධිකරණයට එරෙහි වීමක් අධිකරණයට අපහාස කිරීමක්, තරාතිරම නොබලා මේ අයට නිසි දඩුවම් දිය යුතුයි .
ravi Monday, 03 September 2018 09:57 AM
මොවුන්ව පන්සල් වලින් එළියට අරගෙන යලිත් ගිහි ජීවිතයට පුනරුත්ථාපනය කල යුතුයි... එහෙම නොවුනොත් මෙයාලා බුද්ධ ශාසනය විනාශ කරලා තමයි පස්ස බලන්නේ.. ! බෞද්ධයිනි අවදිවෙයව් !!!
danasiri Monday, 03 September 2018 10:01 AM
මේ අය කියන්නේ හරියට... නිස්සරණ වනයේ භාවනා යෝගීන් සමවැදී සිටින මාර්ගඵල ලබාසිටින හිමිවරුන් කුදලාගෙන ගොස් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරලා වගේ ... අබුද්ධස්ස කාලේ..
DarshanaMonday, 03 September 2018 10:49 AM
මෙහෙම කියූ අය සුද්දගේ කාලේත් ඉදලා තියෙනවා.
NuwanMonday, 03 September 2018 12:25 PM
සුද්ද නොඑන්න මෙලහකට අවසර ඉල්ලලා රජා ළඟ දණින් වැටිලා... හැබැයි තාමත් එහෙම වහල්ලු වගේ හිතන අය ඉන්නවා.
RajithTuesday, 04 September 2018 02:49 AM
සුද්දගෙ ක්‍රමේට රට කරවන උන් රැලකගේ විකාරය පෙනි පෙනී මෙහෙම විහිලු කරන්නේ සෑහෙන්න මානසික ප්‍රශ්නයක් තියෙන්න ඕනෙනේ. සුද්දගේ යටත් විජිත විදියට තිබුනු රටවල් සේරම 3වෙනි ලෝකයේ රටවල්. ඒ උවූන්ගේ ක්‍රමේට හිතන නුවන් වගේ පරගැති සෙට් එකකට රට භාරදීල ගියපු නිසා. ඒ සෙට් එක කවදාවත් රටට ගැලපෙන ක්‍රමේට ඒක දියුණු කරන්න දෙන්නේ නැති නිසා.
odastin Monday, 03 September 2018 10:03 AM
අනේ අම්මෝ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනේට ගිය කලක්...
DD Monday, 03 September 2018 10:06 AM
මේ විකාර මේ අයටත් බෝවෙලාද?
iran Monday, 03 September 2018 10:11 AM
ශ්‍රී ලංකාවේ ගිහියන්ට ලොකු ගැටළුවක් ඇත ...මහන වෙන්නේ ...දේශපාලනේ කරන්න ද ? උද්ඝෝෂණය කරන්න ද ?...බුද්ධ ශාසනේ රකින්න ද ...???
jagath Monday, 03 September 2018 10:55 AM
අනේ බුදුහාමුදුරුවේ හිටියා නම් ශාසන ගැනත් කලකිරෙනවා එතකොට මේ මල විකාර ....පස් පෙර නිමිත් වේවිදෝ මන්දා ...?
ලුම්බිණි Monday, 03 September 2018 10:59 AM
"සිංහල අපට විතරද සුද්දගේ නීතිය" කියල අහන එකේ තේරුම මොකද්ද? සිංහල රජ කාලේ නීතිය නම් ඉල්ලන්නේ අන්තිමට උල තියල තමයි නවතින්නේ.
darshana Monday, 03 September 2018 07:09 PM
දෙකක් නෑ මේවා පිටිපස්සේ ඉන්න රාජපක්ෂලා තමයි .
Saman Tuesday, 04 September 2018 04:22 AM
සුද්දගෙ නීතිය හොඳ නැත්නම් රජ නීතියට යමු. රජා තින්දුව දුන්නට පස්සෙ උල තියනව.. නඩු කල් යන්නෙ නෑ.. ඇපිල් නෑ.. "අපි නම් බය නෑ.. අපි වැරදි කරල නෑ."
dhamneth Tuesday, 04 September 2018 09:31 AM
අද අපේ හාමුදුරුවරු බොහෝ දෙනෙක් දන්නේ නැහැ තමංගේ තත්වය හා සඟ ගෞරවය ආරක්ෂාකරගෙන ඉන්න. දින කීපයකට පෙර මා විද්‍යුත් මාධ්‍යයෙන් දැක්ක සිද්ධස්ථාන හත අටකටම අධිපති හාමුදුරුනමක් දේසපාලන නායකයෙකු සමග ගමන්කරනවා ......එහිසිටි සුදු ඇඳගත් අය අපේ හාමුදුරුවන්ට වදින්නෙ නැතුව දේසපාලන නායකයට වඳිනවා.
kamil Tuesday, 04 September 2018 11:42 AM
මේ වෙලාවේ රට පාලනය කරන්න තිබුණේ සර් ජෝන් කොතලාවල මැතිතුමායි.