IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඩෙංගු මර්දනය දුම්රියපොළෙනුත් ඇරඹෙයි

රජයේ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව අද(16) සිට රට පුරා ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 351ක් අවට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම ආරම්භ කළේය.

එහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ   ප්‍රධානත්වයෙන්  අද දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල දී පැවැත්විණි.

මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු අකාරය පිළිබඳව විශේෂ චක්‍ර ලේඛයක්ද මේ වන විට දුම්රිය  සමාන්‍යධාරිකාරිවරයා විසින් සියලුම දුම්රි ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ එම දුම්රිය ස්ථාන පවතින පළාත් පාලන අයතන ඒකාබද්ධව ශ්‍රමදාන  අකාරයෙන් ශුද්ධ පවිත්‍ර කිරිමෙන් අනතුරුව මහජනතාව එම ස්ථාන අපිරිසිදු කරන්නේද යන්න පිළිබඳව සෙයා බැලීමට විශේෂ වැඩපිළිවෙළක්ද සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

දුම්රිය මගීන් දුම්රිය මාර්ගයට කැලි කසල බැහැර කිරීම නිසා දුම්රිය මාර්ගත් ඒ අවටත් අපිරිසිදු වන බවත් මින් ඉදිරියට දුම්රිය මාර්ග වල හා දුම්රිය ස්ථාන වල තැන තැන කැලි කසල බැහැර කිරීම වරදක් සේ සලකන බවත් ඒ සඳහා මගීන් හටද දඩ මුදලක් පැනවීමටත් ක්‍රියා කළ යුතු බවද අමාත්‍ය වරයා මෙම අවස්ථාවට සහභාගී වෙමින්  ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

ඩෙංගු මර්දනය දුම්රියපොළෙනුත් ඇරඹෙයි

menna Sunday, 16 July 2017 10:49 AM

මහනුවර දුම්රියපළේ වැසිකිලියට ගියාම අපිරිසිදු වතුර පිරිලා. කරගන්න හිතාගෙන ගියදේත් කරන්න එපා වුණා.

:       1       5

saman Sunday, 16 July 2017 12:03 PM

ලංකාවේ තිබෙන අපිරිසිදුම රාජ්‍ය ආයතනය තමා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. තවම ගොඩාක් තැන්වල වැඩ කරන්නේ එක්දාස් අටසිය ගණන්වල කරපු විදිහට. කොච්චර සේවකයෝ හිටියත් දුම්රිය ස්ථාන, දුම්රිය මාර්ගය සහ දෙපස හරිම අපිරිසිදුයි. දුම්රිය සේවයට අයත් අනෙක් බොහෝ කාර්යාල, නිලනිවාස පවා ගරාවැටිලා නටබුන් වෙලා...

:       2       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2018 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site