IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තුන්පත් රටා ස්වර දැහැනට ජනපතිත් එක්වෙයි

(නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය)

කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීන ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් ,නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන, සමගින් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත උපහාර පිදීමේ උළෙල අද (24) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත විශේෂ සම්මාන තිළිණ පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

සවන රැඳි ගීත රසික සංසඳය විසින් මෙය සංවිධානය කර තිබුණි.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල යන මහත්ම මහත්මින් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (7)

තුන්පත් රටා ස්වර දැහැනට ජනපතිත් එක්වෙයි

sirimal Saturday, 24 February 2018 06:48 PM

සමහර අය නම් ආදාහන පුන්‍යයෝත්සව බෝධි පුජා, ධර්ම දේශනා වගේ දේවලට සහභාගී වෙන අවස්ථා වලදී පවා දේශපාලනය කතා කරනවා. ඒඋනාට මෙතුමාට ඒ ලෙඩේ තවම වැළඳිලා නැතුවා වගෙයි.

:       336       170

සුහද රසකාමී Saturday, 24 February 2018 07:48 PM

සදා නොමියෙන ලංකාවේ කිසිම ගායකයෙකුට නොමැති වරක් ගැයූ ගීතය දෙවෙනිවර ගැයිමේදී පළමු ගීතයට වෙනස් නමුත් අනන්‍යතාව රැකි අපේ ගායක සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාට දීර්ඝායු ලැබේවා.

:       0       0

Aluthgama A. Samathasena. Sunday, 25 February 2018 04:34 AM

අපගේ හදවත් තුළ හා ලේ නහර තුළ වැඩ සිටිනා ඒ දයාබර ළයාදර හඩට, ප්‍රතිභාවට කෙතරම් උපහාර දැක්වුවද සිතට සෑහීමක් ඇති නොවේ.මේ සදහා අනේක විධ අයුරින් කැපවූ සියලු දෙනාට රට ජාතියේ ප්‍රසංසාව හිමිවෙනවා. සනත් නන්දසිරි ශ්‍රීමතාණන්ගේ දිවියේ යෝධ සෙවනැල්ල වන මල්කාන්ති අක්කා ගැනද සටහනක් තැබීමද අගනේය.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි නාට්‍ය ශීල්පී එකමුතුවේදී,මල්කාන්ති අක්කාගේ නිහතමානී සෙනෙහස කරුණාව ලැබීමට තරම් මා වාසනාවන්ත විය.ශ්‍රී ලංකාවට ලෝක ජනමාධ්‍ය අංශයෙන් ලෝක කුසලාන තුනක් ගෙන ඒමේදී එම කරුණාවද උපකාර වූ බව මල්කාන්ති අක්කා දන්නේ නැත.ඒ පිළිබදව මසිතෙහි ඇත්තේ අපමණ සතුටකි.මෙම උත්තරීතර අවසථාව දේශපාලනයෙන් තොර වුයේ නම් කෙතරම් අගනේද ?

:       0       107

Aluthgama A. Samathasena. Sunday, 25 February 2018 03:30 PM

කරුණාරත්න අබේසේකර සහ ධර්මවර්ධන මහත්වරුන් සිදුකල මෙහෙයද ඇති විශිෂ්ඨයි. ඒ ගැන රටේත්, අපේත් ප්‍රණාමය. ධර්මසිරි ගමගේ මහතා මා නිතර දුටු කෙනෙකු වුයේ එතුමා එවකට ලේක්හවුසියේ ජනතා, යොවුන් ජනතා කතෘමණ්ඩලයේ සේවය කල බැවිනි. කඩියන් මෙන් ඒ මේ අත දුවමින් වැඩ කරනා අප වෙත බලමින් හදපිරි සිනහවකින් පසුවන එතුමා සමග ඉඩ ලද ලද අවසථාවන් වලදී අපි කතා කළෙමු. එතුමා අපහට දුන් ගුරුහරුකම් බොහෝය. මා හට දරුවෙකුට මෙන් ආදරය දැක්වූ නිව්ටන් පින්තූ, සුගතදාස සහ හැරී උභයසේන යන මහත්වරුන්ගේ බලවත් ඉල්ලීම මත 'යොවුන් ජනතා' සතිපතා පත්‍රය සදහා කෙටිකතාවක් රචනා කලෙමි. එය 'හමුවීම' යනුවෙන් පිටුවක් පුරා පලවිය. කලක් ගොස් එයට ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් විශ්ව සාහිත්‍ය නිර්මාණයක් සේ සලකා පදනම් ආයතනයේදී හරසර දක්වනු ලැබීය. නිර්මාණකරුවෝ හතළිහක් මෙසේ හරසර ලැබුහ. රටෙහි සිටින ශ්‍රේෂ්ඨතම කලාකරුවන් උගතුන් අපහට සුබ පතූහ. සමහර දෙනා අප සිප ගත්තෝය. එදා ධර්මසිරි ගමගේ ගුරු පියාගේ දෑස සතුටු කඳුලින් පිරී මා දෙඅත අල්ලා ගෙන බොහෝ වෙලා මා අගය කළේය. එතුමාගේ ආදරය ලැබීමට මා පින්කොට තිබුණේය. යහගුණ පිරි ඒ ශ්‍රේෂ්ඨ මිනිසා මම නමදිමි.

:       0       114

sunimal Sunday, 25 February 2018 08:01 PM

කොහොමත් සිරිසේන මේ වගේ වැඩක් කරගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එක හොඳයි - නොදන්නා රාජ්‍ය පාලන කරන්න ගිහින් ලංකාවට කෙල්වනවට වඩා!

:       0       57

anil Sunday, 25 February 2018 08:02 PM

අනේ පුටු ගොඩක් හිස් නේද? ජනාදිපති එනවා කිවුවම සනත් නන්දසිරි මහත්මයාගේ සින්දු අහන්න එන රසිකයොත් ඇවිත් නැද්ද මන්ද!

:       2       29

Sathyayaa Monday, 26 February 2018 09:33 PM

හොඳ දේට හොඳයි කියන්න බැරි මිනිසුන් අපේ රටේ ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24035 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23238 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site