IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ත්‍රිරොද රියේ ගිය හතරක් දුම්රියට බිලි - වීඩියෝ

 

(ඩී.ජී.සුගතපාල, ගාමිණි මහදුර, සුමතිපාල දීයගහගේ සහ සිරංගිකා ලොකුකරවිට)

බූස්ස වැල්ලබඩ  දුම්රිය හරස් මාර්ගයේදි බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වු  සිඝ්‍රගාමි දුම්රියේ අද (01) පෙරවරුවේ  ත්‍රි රෝද රථයක් හැපි ත්‍රි රෝද රථයේ සිටි එකම පවුලේ සිව් දෙනෙකු  මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුස්ස පරණවත්ත පදිංචිව  කාලිංග ජිනදාස පියා(85)  කාලිංග සුනිමල් පුතා (46) පුතාගේ බිරිඳ මෙරෙඤ්ඤ ලසිකා කුමාරි මෙන්ඩිස් (48) සහ ලසිකා කුමාරිගෙ අම්මාවන මනිමෙල්දුර ඒමිස්හාමි(83) යන සිව්දෙනා වෙති.

ඉඩම් ඔප්පුවක් ලිවිම සඳහා ඔවුන් ගාල්ලට යාමට  පැමිණ ඇති බවත් ත්‍රි රෝද රථය පුතා විසින් පදවාගෙන පැමිණ ඇති බවත් ඔහු  අනතුරු සංඥා නොතකා දුම්රිය අනාරක්ෂිත මාර්ගය හරහා ධානවය කර ඇති බවත් අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.

(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)

(ඡායාරූප: ගාමිණී මහදුර)



අදහස් (6)

ත්‍රිරොද රියේ ගිය හතරක් දුම්රියට බිලි - වීඩියෝ

ජගත් ලියනගේ Tuesday, 01 February 2022 02:03 PM

අපි තවත් වැඩි වැඩියෙන් දුවන මන්තීරු හදමු . නගර අලංකරනය කරමු .

:       0       0

Mahesh Wednesday, 02 February 2022 02:10 PM

සම්පූර්ණ වැරැද්ද ත්‍රිරෝද රියදුරු අත වන අතර, විධිමත් ගේට්ටු සවිකර තිබුණා නම්, මෙවැනි අයටද ජීවිත ආරක්ෂාව දීමට හැකිවනු ඇත...

:       1       18

Bunny Preena Wednesday, 02 February 2022 02:24 PM

බොහොම කණගාටුදායක පුවතක්... අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල යනකොට අනිවාර්යයෙන් එක්කෙනෙක් බැහැලා දෙපැත්ත බලලා මාර්ගය පසුකරන්න දෙපැත්ත බලලා උදව් කරන්න ඕනේ.. වැඩිම වුණොත් විනාඩි 2ක් යයි. ඉවසීම මේවගේ තැන්වලදී ගොඩක් වටිනවා...

:       0       16

jayath Wednesday, 02 February 2022 02:37 PM

මිනිස්සු මැරෙන එක ගැන කණගාටුයි. නමුත් මේ ත්‍රිවීල් "කාරයෝ" (කාරයෝ කිව්වේ ගෞරවාන්විතයෙන්... නඩු කාරයෝ වගේ) නම් කවමදාවත් පාඩම් ඉගෙන ගන්න අය නෙමෙයි... මේ කොළඹ දවසට කිලෝමීටර 100ක් විතර අවුරුදු ගණනක් එලවන කෙනෙක් විදියට මේ කියන්නේ... මේ තරම් කාලකන්නි විදියට පාරේ එලවන ජාතියක් නැහැ.. අනිත් මිනිහාත් එක්ක දුර මීටර 5ක් 10ක් වුණත් කමක් නැහැ. එකපාරටම යූ ටර්න් එක මහපාර මැද්දේ ගහනවා. හරස් පාරවල්වල ඉඳන් හොම්බ දමනවා එකපාරටම... පාරට දමනවා. අපියි නවත්ත ගන්න ඕනෑ. මෙතැනදීත් දමන්නේ කෝච්චිය එනවා දැකදැක නොවේ.. සමහරවිට අපි වගේ කෝච්චියත් නවත්ත ගනීවී කියලා හිතන්න ඇති...! මෙහෙම් කියන එක නරකයි නමුත් බූස්ස, දඩල්ලට හරි කිට්ටුයි..!

:       0       29

godabanda Wednesday, 02 February 2022 04:16 PM

ඔබලා දැකලා තියෙනවද වවුලන් පියාඹගෙන ගිහින් විදුලි රැහැන්වල වැදිලා මැරිලා යනවා. මෙරුවන් ලාම්පු දැල්ලට වහලා පිච්චෙනවා. ඒ සමහර සත්තුන්ට ලැබිලා තිබෙන මොලේ තරම... ජාතියක් විදිහට අපේ රටේ උදවියගේත් ලොකු අවුලක් තියෙනවා. ගණන් හදන්න, අකුරු ලියන්න පුළුවන් ජාතියක් වුණාට ඔලුවේ එක පැත්තක් අවුල්. අනතුරක් හඳුනා ගන්න පරිස්සම් වෙන්න කියන දෙය අන්තිමයි. දවසකට කී දෙනෙක් වතුරේ ගිලිලා මැරෙනවද? බොරු කපුවන්, සාස්තරකාරයින් කට්ටඩියන්ට කොතරම් රැවටෙනවද? අපල දුරුකරගන්න දුව හෝ බිරිඳ කට්ටඩියා ළඟ තියලා එළියේ ඉඳලා අතවරයට ලක්වෙන ගැහැණු කොතරම්ද? ආගමේ නාමයෙන් පන්සිල්වත් නොරැක සතියේ, දෙකේ වැඩසටහන් වලින් නිවන් යන්න හදන අය කොතරම්ද? තවමත් කෝවිඩ්, පිළිකා, කොලොස්ටරෝල් තෙල්, පැණි වලින් හොද කරන බව පිළිගෙන මැරෙන තරම් කොපමණද? කනට ඇහෙන ඕනෑම බොරුවක් තව කෙනෙකුට දෙන උදවිය කොතරම්ද? ජාතියක් ලෙස ලොකු අවුලක්..!

:       0       34

Rohana Thursday, 03 February 2022 02:58 PM

දුම්රිය හරස් මර්ගවල වාහන පැදවීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි. සංඥා සලකුණු නැත්නම් වාහනයෙන් බැස මාර්ගය පරීක්ෂාකිරීම නුවනට හුරුයි. හේතුව ජීවිත ආරක්ෂාකර ගැනීම අන් මොනම කාරනයකටත් වඩා අතිශයින්ම වැදගත් වීමයි. අනවශ්‍ය හදිසිය නිසා ජීවිත සියල්ලම නැතිවීයන්න හෝ අබ්බගාතයින් වීමට හොදටම ඉඩතියෙන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 105 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6638 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7689 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18354 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1317 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 87 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 887 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site