පද්මා කුමාරී කංකානම්ගේ
කතෝලික බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූ වැළි කතරේ මිත්තණියගේ පිං බිම යයි විරුදාවලි ලත් තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ශික මංගල්‍ය සමාරම්භය සනිටුහන් කරනු ලබන සාම්ප්‍රදායික කොඩි ගස එසැවීම අද දින සවස උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
තලවිල සිද්ධස්ථාන පරිපාලක නෙල්සන් සමන්ත ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්විණි. මෙදින සිට දිනපතා සවස හයට නුවානයන් පැවැත්වේ.
වෙස්පර්ස් දේව මෙහෙය අගෝස්තු 04 වැනි දා සන්ධ්‍යාවේ පැවැත්වේ. මංගල්‍ය ප්‍රධාන දේව මෙහෙය අගෝස්තු 05 ඉරිදා උදේ 7ට වැලන්ස් මෙන්දිස් හලාවත රදගුරුතුමාගේ හා ක්‍රිස්ටියන් නායෙල් එම්මානුවෙල් ත්‍රිකුණාමලය රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙවර මංගල්‍ය තේමාව වනුයේ "යහ මග යන දේව දරුවෝ වෙමු අපි" යන්නයි.
මේ වන විට 50,000 අධික බැතිමතුන් පිරිසක් පුද බිම හා ඒ අවට කඳවුරු බැඳ සිටින බැව් කල්පිටිය පොලිසිය පවස යි.




2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තලවිල මංගල්‍යය ඇරැඹේ
kumar (Gulf) Monday, 30 July 2018 05:38 PM
හැමදාම මිනිසුන් රවටාගෙන බයිබලයේ ලියා ඇති දේව වචනය කියානොදී, වසන් කරගෙන රෝම රාජ්‍යය මේ රටේ පවත්වාගෙන යනවා.
Thushara Tuesday, 31 July 2018 04:09 AM
රබන් ගහන තැන අපේ අගමැති තුමා නැද්ද ?
ජයන්ත සපරමාදු Wednesday, 01 August 2018 03:46 AM
ශාන්තආනා තුමියගේ මංගල්‍යට සහභාගී වී එතුමියගේ පිහිට ආශිර්වාද ලබා ගැනීමට සැමදෙන අදිටන් කර ගනිමු. යහ මග යන දේව දරුවෝ වෙමු අපි යන තේමාව සාක්ෂාත් කර ගනිමු.
rohan Wednesday, 01 August 2018 09:33 AM
ආගමික කටයුතු වලට දේශපාලනය ගාව ගන්න එපා..........