(ඩබ් ඒ පියතිලක )
දින කිපයක සිට මැදිරිගිරිය දම්සෝපුර ගම්මානයේ නිවාස දළඹුවන් දහස් ගණනක් පැමිණ ආක්‍රමණය කිරිම නිසා එහි ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටිති.
මෙම දළඹුවන් නිවාස අසන්නයේ ඇති ගස්වල කොළ සියල්ල එක් රැයක් තුළ කා දමා දවල් කාලය වෙන විට අවට නිවාස වෙත පැමිණෙන බව ගම්වාසින් කියති.
එක ගසක් තුළ දළඹුවන් දහස් ගාණක් සිටින බවත් ඒ සියල්ල නිවාස ඇතුලට සහ මිදුල්වල විශාල රංචු පිටින් සිටින බවයි. මෙම දළඹුවන් පැමිණිම නිසා ගම්මානයේ කුඩා වෙළදසැලක් ද වසා දැමිමට සිදු ව ඇති බව ගම්වාසින් කියති.
දිවා රාත්‍රි දෙකේම නිවාසවල දොර ජනේල් වසා තබමින් නිවාස තුළට දළඹුවන් පැමිණිම වැළැක්විම සදහා නිවාස වටා භුමි තෙල් දැමිමට සිදුව ඇති බව නිවාස හිමියෝ කියති.
නිවාස වෙත දිනකට දළඹුවන් දහස් ගණනක් නොකඩවා පැමිණිමට පටන් ගැනිම නිසා නිවාසවල තම දෛයිනික කටයුතු සිදු කිරිමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ගම්වාසින් පෙන්වා දෙති.
ගම්වාසින් පවසා සිටින්නේ මෙම සතුන් දිනෙන් දින වැඩිවන බවයි.
මෙම ගම්මානයේ සියලු දෙනා ගොවිතැන් කර ජිවත් වෙන බවත් එක රැයකට විශාල ගසක් දළඹුවන් විසින් කා දමන නිසා යම් හෙයකින් තමන්ගේ වගා කර ඇති වී වගාව ඇතුළු අනිකුත් වගාවන්වලට ඇතුළු වුවහොත් ලොකු විනාශයක් සිදුවිය හැකි බව ගොවින් පෙන්වා දෙති.
එම නිසා දිනෙන් දින මෙම දළමු විශේෂය ගම පුරා ඉතා සිඝ්‍ර ලෙස පැතිර යන බැවින් බළධාරින් වහා ඉදිරිපත් වී ගම්මානයත් තමන්ගේ බවබෝග ආරක්ෂා කර දෙන ලෙස බලධාරින්ගේන් ඉල්ලා සිටි.
මේ සම්බන්ධයෙන් විමසිම සදහා මැදිරිගිරිය ප්‍රදේශිය ලේකම් සි. එම් . කරුණාරත්න මහත්මිය සම්බන්ධ කර ගැනිම සදහා රාජකාරි දුරකථනයට ඇමැතුමක් ලබා ගත්තත් එහි නිළධාරියෙකු පවසා සිටියේ ලේකම් තුමිය කාර්්‍යාලයේ නොමැති බවයි.
පසුව ලේකම් තුමියගේ පුද්ගලික දුරකථනයට ඇමැතුම් කිපයක් ලබා ගත්තාත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටියේය.
කෙසේ නමුත් මැදිරිගිරිය දම්සෝපුර ගම්වාසින් පවසා සිටින්නේ වහාම මෙම දළඹු උවදුර ගම පුරා ව්‍යාප්ත විමට පෙර හැකි ඉක්මනට මර්දනය කිරිමට කටයුත් කරණ ලෙසයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දම්සෝපුර ගම්මානය දළඹු ආක්‍රමණයක්
kamal Monday, 20 July 2020 11:13 AM
දැනට කුකුලෝ ටිකක් ගෙනත් දාන්න දළඹුවෝ කන්න, ඡන්දෙන් පස්සේ සලකා බලන්නම්.