IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දිඹුලාගල දරුවෝ ඔන්ලයින් කරන්න මහා වන මැද අවදානම් ගමනක

(නිමල් ජයරත්න)

වල්අලින්ගේ දැඩි තර්ජන ඇති ප්‍රදේශ හරහා  විවිධ දුෂ්කරතා මැද දිඹුලාගල කන්ද තරණය කර ඔන්ලයින් හරහා අධ්‍යාපනය කිරීමට තම දරුවනට සිදුව ඇතැයි දිඹුලාගල වෙහෙරගම ගම්මානයේ අපට හමුවිය.

කිලෝ මීටර් පහක් පමණ පා ගමනින් හා අත්ට්‍රැක්ටරයකින් ගමන් කරන මෙම දරු දැරියෝ දිඹුලාගල කොස්ගහඋල්පත ප්‍රදේශයේ කඳුමුදුනට පැමිණ මෙසේ අධ්‍යාපනය හදාරති.

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මැදගම, වෙහෙරගම, ලීලාරත්න විලයාය, ඇතුළු අවට පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියෝ  මෙම දුෂ්කරතාවයට මුහුණ පා සිටිති.

ඇතැම් දරුවන්  ඔන්ලයින් හරහා අධ්‍යාපනය කිරීමට ගල්උඩ, ගස්උඩ මෙන්ම කුඹුරුවලට ඉදිකළ අට්ටාල මත ද සංඥා සොයා යන බව ද මවුපියෝ කියති.

ඇතැම් දරුවන්ට ස්මාර්ට් ඡංගම දුරකතන නොමැති නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටිති.


 



අදහස් (17)

දිඹුලාගල දරුවෝ ඔන්ලයින් කරන්න මහා වන මැද අවදානම් ගමනක

සනත් Sunday, 20 June 2021 04:10 PM

ළමයින්ට උදව් කිරීම හොඳයි අත්ට්‍රැක්ටර් රියදුරු තැන මාස්ක් එක නිකටේ දාගෙන යෑම නම්... කාලයට උචිත නොවන බව පෙනේ... !!!

:       22       18

prabashMonday, 21 June 2021 08:47 AM

ඒක තමයි අවදානම් ගමනක් කියලා තියෙන්නේ...

:       0       4

ජයන්ත මිලානො Sunday, 20 June 2021 04:20 PM

අනේ දරුවනේ, මොන අර්බුද මැද වුණත් හොඳට ඉගෙන ගන්න. ඔබේ ඤාණවන්ත දෙමාපියන්ට කියන්න මේ මොහොතේත් ආණ්ඩුවේ අර්බුද... නමුත් අනික් අමෙරිකන් කාරයාල ඊළඟ ජනාධිපති වරණයට ඉදිරිපත් කළාම රටේ ප්‍රශ්න විසඳෙන නිසා, පවුලේ අදහස එහෙම කිව්වාම ජනතාව බුද්ධිමත් නිසා පිළිගන්නා නිසා එතුමාව දිනවන්න ඊළඟ පාර ඔබේ බුද්ධිමත් දෙමව්පියන්ගේ ඡන්දෙ දෙන්න කියලා. ඊට පස්සේ ඔයාලගේ දරුවන්ට චීන තාක්ෂණේ හොඳට ලබාගන්න පුළුවන්...

:       2       81

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 20 June 2021 04:27 PM

අපට කුමන පැත්තක හෝ දේශපාලනයක් අවශ්‍ය නැහැ. හොඳට හොඳ කියන්නත්, නරකට නරක කියන්නත්, අප පසුබට වෙන්නේ නැහැ. පසුගිය රජයෙන් ළමයින්ට ටැබ් දෙන්න පියවර ගත්තා. ඇතැම් අනුවණ දේශපාලුවන් එදා ඒකට සමච්චල් කළා. මේ රටේ ජනතාවගෙන් කොටසක්ද, එයට හුරේ දැම්මා මතකයි. එදා සමච්චල් කරපු අය මේ අවශ්‍ය වෙලාවේදී දරුවන්ට ටැබ් දෙයි කියා හිතන්නට බැහැ. කෝ මේ ඩිජිටල් ඇමතිලා නින්දේදී මේවා පේන්නේ නැත්තේ? මේ දරුවන්ට පහසුවෙන්න ඇයි සිග්නල් පහසුකම් වැඩි නොකරන්නේ...?

:       3       333

GamageSunday, 20 June 2021 11:38 PM

ඇත්තෙන්ම මල්කැකුළු, ලස්සනට පිළිවෙලට ඇඳුම් ඇඳලා, අධ්‍යාපනයට ඉතා ගෞරවයෙන් කැපවීම් කරන බවක් පෙනෙනවා... මෙය පොතේ දැනුමට වඩා සීයට දාහක් වටිනා අත්දැකීමක්...

:       0       38

pradeepa Sunday, 20 June 2021 04:54 PM

වාසි දේවල් විතරක් බලන්න යන අපේ සර්ට මේ ළමයින්ගේ දුකත් පෙනිලා ඔවුන්ව මුනගැහෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරමි..

:       21       13

Anura Sunday, 20 June 2021 06:02 PM

රජයේ කිසිම වැරැද්දක් නැහැ. මෙය කොරෝනා නිසා ඇතිවූ කෘතිම ප්‍රශ්නයක්...

:       501       292

ganegodaSunday, 20 June 2021 06:53 PM

අර රාජපක්ෂලාගේ මැතිවරණ වේදිකාවලදී කිව්වේ... ‘‘අපි බලයට ආවොත් ඔක්කෝටම වයිෆයි ලබාදෙනවා... ‘‘ කියලා..

:       39       102

fairoosSunday, 20 June 2021 07:39 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       32       87

මරික්කාර් Sunday, 20 June 2021 08:03 PM

මට මේ පින්තූර බැලුවාම හිතන්නේ මේ ළමයිට පාසල් විවෘත කර දුන්නොත් සෞඛ්‍ය විධිවිධාන මීට වඩා ක්‍රමවත්ව පිළිපැදලා අධ්‍යාපනයත් හොඳට හදාරන්න පුළුවන් කියලා...

:       0       54

parakkrama Sunday, 20 June 2021 09:03 PM

රටට හෙණගැහිලා ගියත්, දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයක් දුටුවිට හොඳ දේට සමච්චල් කිරීමේ කඩාකප්පල් කිරීමේ විපාක තමයි මේ..

:       0       0

Gamage Sunday, 20 June 2021 11:33 PM

හැමදේම ධනාත්මකව හිතන්න. ළමුන්ට උගන්වමු.. පාසලේදීවත් නොලැබෙන අපූරු අත්දැකීමක් අනේ කොළඹ ළමයින්ට මේ වගේ වෙනස් අත්දැකීම් ගන්න ලැබේවා..!!!

:       0       50

69lakshaya Sunday, 20 June 2021 11:58 PM

අපේ මන්ත්‍රීතුමන්ලාට, ඇමැතිලාට වී8 ඉල්ලන්නේ මේ ප්‍රශ්න සියල්ල විසඳලා දෙන්න තමයි.

:       0       1

Ashan Monday, 21 June 2021 01:18 AM

මරික්කාර් ඔබ හරි. මටත් හිතුණේ මේ ළමයි මේ විදිහට එකතු වෙනවා නම් පාසල් වහලා සංචරන සීමා දාන එකේ තේරුම මොකක්ද? පාසල් වහන්නේ ළමයින්ගෙන් මෙය පැතිරීම වළක්වන්නට නේද?

:       0       0

69lakshaya Monday, 21 June 2021 09:16 AM

පොඩ්ඩක් ඉවසන්නකෝ.. අපේ මැති ඇමැති ගොල්ලන්ට වී8 වාහන ලැබුණු ගමන් ඔය ගම්වලට ගිහින් වයිෆයි, සිග්නල් ප්‍රශ්න ඔක්කොම විසඳනවා.

:       0       2

Wickrama Monday, 21 June 2021 10:30 AM

ඔවුන්ට උදව් කරන්න දුරකථන අංකයක් දෙන්න.

:       0       1

Rata Perata Monday, 21 June 2021 12:32 PM

හැම කාලකන්නි පාලකයාම බලයට එනකොට ලස්සන වචන දාලා ප්‍රතිපත්ති ප්‍රකාශ හදලා ජනතාව ගොනාට අන්දනවා. ලෝකේ අනිත් රටවල් අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකි සේවාවන් ගැන තරඟ කරන කාලෙක, අපේ අයට තාම රටටම අන්තර්ජාල පහසුකම්වත් දෙන්න බැරිවෙලා. ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතාවට දෙන නීතිමය වටිනාකමක් තියෙන ලියවිල්ලක් කළ යුතුයි. එතකොට අපිට නිදහසට කරුණු විමසා නඩු දාන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35644 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site