අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නායක ස්වාමින් වහන්සේගේ 103 වන ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ දානමය පුණ්‍ය කර්මයක් අද (30) දහවල් නුගේගොඩ ශ්‍රී විද්‍යා විජයාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.
අපවත්වී වදාළ මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව දානමය පුණ්‍ය කර්මය සදහා එක්වෙමින් මහා සංඝරත්නයට දානය පිළිගැන්වීය.
මහා සංඝරත්නය 150ස් නමක් විෂයෙහි පැවති දානමය පුණ්‍ය කර්මයේ ප්‍රධාන අනුශාසනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ විසින් සිදු කළ අතර, පිරිස පංචශීලයේ පිහිටුවීම පූජ්‍ය ගිරාබේ මංගල නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළහ.
විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කරගහඋල්පොත සුගතනන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය )
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දවුල්දෙණ ඤාණීස්සර මහ නාහිමිගේ 103 වන ජන්ම දින දානමය පුණ්‍යකර්මයට ජනපති එක්වෙයි