(සටහන මනෝජ් හර්ෂික - ඡායාරූපය සංජීව රත්නායක)
දුමිරිය මාර්ග තුළ සෙල්ෆි ඡායාරූප ගැනීම රජය විසින් තහනමි කර තිබියදිත් ,විද්‍යුත් මාධ්‍ය සහ මුදිත මාධ්‍ය තුළින් කෙතරම් දැනුවත් වීම් කළත් එය ගණනකට නොගෙන සෙල්ෆි ඡායාරූපකරණයේ යෙදෙන පාසල් සිසුන් පිරිසක් වේයන්ගොඩ දුමිරිය ස්ථානයේ දී පසුගිය දිනක අපට දක්නට ලැබිණි.
මේ වැනිම අනුවණ ක්‍රියා හේතුවෙන් පසුගිය දිනවල අපට බොහෝ තරුණ ජිවීත රැසක්ම අහිමි වුහ.2017 ජනවාරි මස සිට ජුලි මස දක්වා කාලය තුළ දුමිරිය ආශ්‍රීත විවිධ අනතුරු හේතුවෙන් විසි අට දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි දුමිරිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීති කැඩීම විනෝදාංශයක් වෙයි
kumar (galf) Wednesday, 05 July 2017 12:33 PM
දැන් රටේ මෙවන් පුද්ගලයින් වැඩියි. අකාලයේ මිය යනවා.
shan saudi Wednesday, 05 July 2017 12:45 PM
මෙයට නිකම් නීති ගෙනාවට වැඩක් නෑ. මේ වැරදි කරන අයට අවමය රුපියල් 50,000 වත් දඩයක් සමග මාස 3 ක සිරදඬුවම් ලබාදිය යුතුයි. එවිට රේල් පාරේ සතෙක් ඇරෙන්න මිනිස්සු නම් යන්නේ නෑ.. අපේ මිනිස්සුන්ට සුළු දඬුවම් ගාණක් නෑ. දැඩි දඬුවම් කළාම ඇඟට දැනෙනවා. එමෙන්ම දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට ඔවුන් අල්ලා පොලිසියට බාරදීමට බලය දෙන්න ඕනේ...
රජින්ද Wednesday, 05 July 2017 12:55 PM
කරන්න දෙයක් නැහැ. නීතියද, ආර්ථිකයද එකවිට වල් වැදුණු රටක දෙමව්පියන්ට දරුවන් ගැන සොයන්නවත්, දරුවන්ට නීතිගරුක වන්නවත් අවශ්‍යතාවයක් නැත. අද සමස්ථ ලාංකීය සමාජයම උදේ සිට රෑ වනතුරු දකින්නෙත්, අසන්නේත් අවනීතිය ගැනයි. ඉතින් පාසල් දරුවෝ ගැන කවර කතාද?
lalith Wednesday, 05 July 2017 02:14 PM
මොනවට දඩ ගහනවද? ඔන්න ඔහේ යන්න ගහන්න අරිනවා මිසක්. මැරෙන්නේ අපි නෙමෙයිනේ? එකපාරක් දෙපාරක් කිව්වහම, නීති පනවපුවහම, කවුරු හරි කෙනෙක් මැරිලත් ඕක නවත්වන්නේ නැතිනම් වෙන මොනවා කරන්නද?
deva Wednesday, 05 July 2017 02:51 PM
මේවා ගැන දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුය.
uddika Thursday, 06 July 2017 02:26 AM
මේ පින්තුරය අරගෙන තියෙන්නේ කෝච්චිය පිටිපස්සෙන්. හැබැයි සමහරු නොදන්නා කම නිසා ඉදිරියෙන් පැමිණෙන දුම්රියේ පින්තුර ගන්න ගිහින් තමා ජීවිතයෙන් වන්දි ගෙවන්නේ. හොදම දේ තමා සැලකිලිමත් වෙන එක. අදත් සාගරික දුම්රියට පියෙක් සහ පුතෙක් මෝටර් බයිසකයෙන් ඇවිත් හැප්පුනා. අනාරක්ෂිත දුම්රිය හරස් මාරගයකදී දුම්රිය මාර්ගය හරහා දැමීමේදී හොදින් විමසිලිමත්වීමෙන් මේවා අවම කරගන්න පුළුවන්.
අමරසේන Thursday, 06 July 2017 02:52 AM
මට පේන හැටියට එන්ජින් ඩ්‍රයිවර්ට කියල තමයි මේ ෆොටෝ එක ගන්නේ.
imesh Thursday, 06 July 2017 03:45 AM
මේනකාට නඩු දැම්ම නම් අැයි මේකට නඩු දාන්න බැරි පොලිසියට ?
PA-RA Thursday, 06 July 2017 04:00 AM
ජනගහනය වැඩිවීම මහා පොළොවට බරකි. එහෙයින් ස්වභාවයෙන් හා අනවශ්‍ය දේවල් ද නොයෙක් ආකාරයෙන් අඩු කරයි. එයින් එක්පැත්තක් වනුයේ දෙමාපියන් ළමයින්ට නවීන පන්නයේ මොබයිල් ෆෝන් ලබාදීමයි.
palitha Thursday, 06 July 2017 04:34 AM
කියන දෙයක් හරි හැටි පිළිගන්නේ නැති අය අහිමි වී ගියාට කමක් නැහැ.
neil Thursday, 06 July 2017 08:45 AM
අධිවේගී මාර්ගයේ නටපු නිළියට නඩු දැම්මා නම් මේ කරන විකාරවලට නඩු දාන්න බැරි ඇයි?
shan saudi Thursday, 06 July 2017 10:27 AM
මේ කරනවා විතරක් නොවේ. දුම්රිය පොළවලදී දුම්රියට ගොඩවන හා බැසයන මගීන් දුම්රිය මාර්ගයට බැසීම හා එහි සිට දුම්රියට ගොඩවීම පවා තහනම් කල යුතුයි. මේ නිසා සිදුවන අනතුරු බොහොමයි. අනෙක් පාරේ දුම්රිය එන බව නොදැන බැසීම හා දුම්රිය එනබව පෙනිපෙනීම මාර්ගය හරහා පැන අනෙක් දුම්රියට ගොඩවන මගීන් විශාල ලෙස ඉන්නවා. මේ අවස්ථාවලදී මාර්ගයේ එන දුම්රියට යටවන අවස්ථා බොහොමයි
sachith Thursday, 06 July 2017 10:29 AM
උද්දික කිව්වා වගේ මේ ළමයි ඉන්නේ කෝච්චියේ පිටිපස්සේ. ඒ වුණාට ඕක නොදන්න ගොඩක් අයට ඕක මැජික් වගේ. කෝච්චියෙන් ගමන් කරන මිනිස්සුන්ට තමා රස්තියාදුව...