IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් නිකුත් කෙරේ

(තිලකරත්න දිසානායක)
 
ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල් 15 ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් අද (30) නිකුත් කෙරිණි.

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ සංවිධානත්වයෙන්,  අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජා හස්තියාගේ  හිමිකරු වන හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයාගේ නැදුන්ගමුව නිවසේ දී මෙම උත්සවය පැවැත්විණි.
 
සියම් මහා නිකායේ  බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තලංගල්ලේ සෝමසිරි නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය රාජා හස්තියා වෙනුවෙන් සෙත් පතා පිරිත් සජ්ඣායනා කළහ.

මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, මෙරට බෞද්ධ ශාසනික ඉතිහාසය තුළ දළදා කරඬුව වැඩිම වාරයක් වැඩම කරවූ නැදුන්ගමුව රාජා හස්තියා වෙනුවෙන් මුල්දින කවරයක් නිකුත්කිරීම ගැන සතුටට පත් වන බවත් රාජා හස්තියා රැක බලාගැනීම වෙනුවෙන් නැදුන්ගමුවේ ධර්මවිජය පරපුරට ගෞරවය පුද කරන බවත් පැවසීය. ඒ මහතා මෙසේද කීය. 

"පසුගිය වකවානුව තුල අලි ඇතුන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් සිරගත කළා. පෙරහරවලට අලි ඇතුන් නැතුව ගියා. මෙය අපේ සංස්කෘතික උරුමයට පහරක් වුණා. එම යුගය අවසන් කර නව ගමන් මගක යමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නැදුන්ගමුව රාජා හස්තියා වෙනුවෙන් මෙලෙස මුල්දින කවරයක් නිකුත් කළා. මෙම ඇත් පරපුර රැකබලා ගැනීම වෙනුවෙන් ධර්මවිජය වෙද පරපුරට සහ රාජා හස්තියාට දීර්ඝායු පතනව"යැයිද කීය.

දළඳා මාලිගාවේ දිය වඩන නිලමේ වන ප්‍රදීප් දෑල බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

" 1985 වසරේදී  සබරගමුව මහා සමන් දේවාලයේ පෙරහරට සම්බන්ධ වූ රාජා හස්තියා, 2005 වසරේ සිට 12 වතාවක් දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවූවා. මෙම හස්තියාට තවත් දිගු කලක් මෙම අවස්ථාවට සහභාගි වීමට නීරෝගි සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා.

අද වනවිට අලි ඇතුන් පෙරහරවලට නැතිව ගිහින්. එවැනි තත්වයක් තිබියදීත් කැලෑවේ සිටින අලි ඇතුන් සම්බන්ධ කර ගැනීමට රාජ්‍ය නොවන සංවිධානවල විරෝධය පළව තිබෙනවා. මෙය ඉතා කනගාටුදායක තත්වයක්. මෙවන් සමයක ධර්මවිජය වෙද පරපුර මගින් කරන්නා වූ සේවය ඉතා අගය කරනවා" යැයිද පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර, අමාත්‍යාංශය ලේකම්වරුන් වන ඩබ්ලිව්. ඒ.චූලානන්ද සහ සුනන්ද මද්දුමබණ්ඩාර, තැපැල් මුද්දර කාර්යාංශයේ අධ්‍යෂක ශාන්ත මාගම්මන, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන ,ගම්පහ දිසාපති සුනිල් ජයලත් , ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක ,ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා යන මහත්ම මහත්මීහු සහ සමස්ත ලංකා අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයෝ ද එක්ව සිටියහ.  



අදහස් (18)

නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් නිකුත් කෙරේ

eresh S kumara Monday, 30 December 2019 06:57 AM

අපිත් ඇත් පරපුර රැකබලා ගැනීම වෙනුවෙන් ධර්මවිජය වෙද පරපුරට සහ රාජා හස්තියාට දීර්ඝායු පතනවා.

:       6       158

thushara Monday, 30 December 2019 07:36 AM

අලින්ට කොයින්ද ඕවා ගැන වගක්...

:       126       172

raviMonday, 30 December 2019 09:37 AM

විකුණගෙන කන්න කව්රු උනහම මොකද ?

:       68       94

jayasiri lankathilaka Monday, 30 December 2019 08:16 AM

නැදුන්ගමුවේ රාජා ඇත්රජුනි, ඔබට දිර්ඝායුෂ පතමු. ධර්මවිජය වෙදපරපුරට මෙවන් ඇත්රජකු දායාද කළාට රැකබලා ගැනීමට ගොඩාක් ස්තුතියි. රාජා ඇත්රජුනි, ශ්‍රී ලංකාවේ ආඩම්බරය ඔබයි...

:       35       253

ravi Monday, 30 December 2019 08:38 AM

මෙයාගේ ගම ඉන්දියාව නේද . . ?

:       81       104

Akila Monday, 30 December 2019 09:57 AM

අම්මෝ බලන්නකෝ ඇතා දාගෙන ඉන්න චේන් ගොඩ... ලස්සනේ බැහැ. අමාත්‍යතුමාගේ කතාවෙන් තේරෙනවා. ඉදිරියේදී අපේ වග ඇත් පැටවුන්ට සහ පැටවුන් පණ වගේ රැකබලා ගන්නා මව් ඇතින්නියන්ට අත්වෙන්න යන ඉරණම...

:       84       242

Champa Monday, 30 December 2019 02:17 PM

නැදුම්ගමුවේ ඇතා රටේ ජාතික වස්තුවක්... බෞද්ධයින්ගේ පෙරහැර සංස්කෘතියට ඇතා සහ අලියා ගෞරවාන්විතව යොදාගන්න එක විවේචනය කරන එන්ජීඕ... කාරයන්, හුදු විනෝදය තකා එංගලන්තයේ අශ්වයින්ට පහර දිදී දුවවන අශ්ව රේස් ගැනවත් ස්පාඤ්ඤයේ අමානුෂික ගොන් පොර ගැනවත් කිසි කතාවක් නැහැ.

:       70       221

samanTuesday, 31 December 2019 02:21 AM

ඔබ පවසන කතාව ඇත්ත. නමුත් ආදී කාලයේ සිට පැවත එන සංස්කෘතිමය හේතු මත ඇතුන් පෙරහරේ යෙදුවත්, බෞද්ධයින් වශයෙන් වර්තමානයේ අප සත්ව හිංසනය හෙලා දැකිය යුතුයි.

:       18       5

ChampaTuesday, 31 December 2019 04:23 PM

ඇතා පෙරහරේ ගෙනියන එක හිංසාවක් නෙමෙයි. ඇතුන් කරඬුව අරන් යන්නේ අභිමානයෙන්. අලිඇතුන් බොහෝ නුවණැති සතුන් කියලා හැමෝම දන්නවා. පෙරහරේ යන ඇතුන්ට විරුද්ධව ඔය කතා ඔක්කොම ආවේ එන්ජීඕ පිහිටෙන් බලයට පත්වෙච්ච වහල් ආණ්ඩුව නිසා. දේශීය විදේශීය එන්ජීඕ කාරයින්ට අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය, සභ්‍යත්වය, චාරිත්‍ර වාරිත්‍ර ගැන ලොකු අකමැත්තක් තියෙනවා. අවුරුදු 2500කට ඉස්සෙල්ලත් දියුණු, විශිෂ්ඨ ශිෂ්ඨාචාරයක් තිබ්බ තවත් රටක් හෝ ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ. ආදම් සහ ඊවා හිටියේ කොහොමද කියලා කවුරුත් දන්නවා. නමුත් විජය හොරා එනකොට අපේ කුවේණි හිටියේ කපු කටිමින්. නිකම් නෙමෙයි යන්ත්‍රයකින්. අපි ඇඳුම් ඇඳන් හිටපු ජාතියක්. බුදුහාමුදුරුවෝ ලංකාවට තුන්වරක් වැඩම කලේ විජය හොරා එන්න බොහෝ කාලෙකට ඉස්සෙල්ලා. එදා හිටපු අපේ ජනවර්ග, යක්ෂ, නාග, දේව, රාක්ෂ ගෝත්‍රිකයන් බුදු දහම වැළඳගත්තයි කියන එක ඉතිහාසය අනුව ඔප්පු කරන්න පුළුවන් දෙයක්. අපි රැකෙන්නේ සම්බුද්ධ ශාසනය නිසා. ඒ හින්දා බුද්ධාගම ආශ්‍රිත අපේ වත් පිළිවෙත් සහ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕනේ...

:       0       0

sena Monday, 30 December 2019 02:36 PM

බන්දුල මහත්තයා කට ඇරියොත් කියන්නේම මෝඩ කතාවක්... අර මව් ඇතින්න මරලා කැලෙන් අල්ලාගත්තා අලි පැටියෙක් ළඟ තියාගෙන, මිනිස්සුන්ට අමතකවෙලා අලිපැටියෙක් පන්සලේ දාලා ගිහින් කිව්ව හාමුදුරුවෝ හරි කියලා නේද කියන්නේ?

:       30       94

කන්නග්ගර Monday, 30 December 2019 03:11 PM

නැදුන්ගමුවේ රාජා බෝධි සත්වයෙකි...

:       238       263

Chithrananda Tuesday, 31 December 2019 12:33 AM

කාලේ නිදහසේ ඉන්න ඕන සතෙකුට විලංගු දාලා බුද්ධ දර්ශනය ප්‍රතික්ෂේප කරන සත්ව හිංසාව පිළිපදිමින් මේ අසරණ සතාව අගයලා මුද්දර ගහලා වැඩක් නැහැ. මොකද ඒ සතාට මුද්දරවලින් වැඩක් නැහැ.හොඳම උපහාරය එයාට නිදහසේ එයාගේ පරිසරයේ ඉන්න දෙන එක. මම එන්.ජී.ඕ කාරයෙක් නම් නෙවෙයි. සත්තුන්ට ආදරේ කරන සාමාන්‍ය පුරවැසියෙක්.

:       133       108

aska Tuesday, 31 December 2019 02:33 AM

අනේ අර ඇතා බලාගන්න ඇත්ගොව්වට කිසි හොදක් මේ මිනිස්සු කියන්නේ නැහැනේ. බලන්න එයාගේ අසරණපාට.

:       0       36

raviTuesday, 31 December 2019 07:18 AM

මේ සතාව අපිට තෑගි කරපු ඉන්දියාව ගැනත් මෙතන කිසිම දෙයක් සඳහන් කරලා නැහැ .. මේ වගේ අයට නේද මෙතන දුර්ලබ ඝනයේ සත්ව කරුණාවක් පහලවෙලා තියෙන්නේ ..

:       0       2

PA - PA Tuesday, 31 December 2019 04:23 AM

අත්‍යවශ්‍ය, කෙරිය යුතු වැදගත් කාර්යයක්.

:       3       129

Jay Tuesday, 31 December 2019 06:49 AM

බෞද්ධයින්ගේ පෙරහැර සංස්කෘතියට ඇතා සහ අලියා ගෞරවාන්විතව යොදාගන්න එක විවේචනය කරන කිසි කෙනෙක් දළදා පෙරහැරේ ඇතා නැතුව කරඩුව වඩම්මන්නේ කොහොමද කියන එකට උත්තරයක් දෙන්නේ නැහැනේ. සත්ව හිංසනය වැරදි තමා. නමුත් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන දන්ත ධාතුන් වහන්සේ වඩම්මවන සංස්කෘතික පූජෝත්සවය අලි හිංසනය උඩින් යවන්න අවශ්‍ය නැහැ. අනික නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් කරලා ජාතික වස්තුවක් බවටත් පත් කරලා ඉවරයි.

:       19       142

AkilaTuesday, 31 December 2019 05:40 PM

බෞද්ධයින්ගේ පෙරහැර කියලා දෙයක් නැහැ. එ්ක මේ අපේ රටේ අය හදාගත්තු දෙයක්... අනිත් ආගම කෙසේ වෙතත් බෞද්ධයෙක් කිසිම සතෙක්ට හිරිහැර කරන්න හොඳ නැහැ..

:       0       0

Kumar Friday, 10 January 2020 02:48 AM

සතා මැරුන දවසක හම ගලවලා පුළුන් පුරවලා ප්‍රදර්ශනය කරලා සල්ලි උපයනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6639 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7691 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18358 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 135 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 128 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site