74 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ නිදහස් චතුරඝ්‍රය හා ඒ අවට පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිධාරීන් කොළඹ නිදහස් චතුරශ්‍රය හා ඒ අවට පුහුණුවීම් කටයුතු වල නියැලුණ අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.
(ඡායාරූප ගයාන් අමරසේකර)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
නිදහස් දින පෙරහුරුව නිදහස් චතුරඝ්‍රයේදී
පිටිගල මිලානෝ Saturday, 29 January 2022 05:18 PM
හම්බවුණු නිදහස කාපු එක අපි හැමදාම සමරනවා. රට හොරාකාපු අයගේ මෑණියන්ලා මතක් කර කර...
විපරමා Saturday, 29 January 2022 05:24 PM
නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරපු දූෂිත දේශපාලුවන් නිදහස් උත්සවය සමරනවා. බලලෝභී, බඩගෝස්තරවාදීන් වසර 74ක් තිස්සේ කෙරුවේ ජනතාව ගොනාට අන්දවපු එකයි..
kapila Saturday, 29 January 2022 05:52 PM
දැන් පේන හැටියට සුද්දා අපිට නිදහස දූන්නා නෙවෙයි. සුද්දා අපෙන් නිදහස් වුණා වගෙයි මට හිතෙන්නේ...!
gamunu Saturday, 29 January 2022 10:38 PM
නිදහස් දින පෙරහුරුව නිදහස් චතුරශ්‍රයේදී පවත්වන්නේ නම් මේවර ජාතික නිදහස් උත්සවයේදී "ජාතික ගීතය"ගායනය වන්නේ සියලු ජාතින් සමග එක්ව ලංකාවට නිදහස ලබාදුන් ඩී.එස් සේනානායකට ගරුත්වයක් ලබාදීමට විය යුතුවේ..
sampath Saturday, 29 January 2022 11:20 PM
අපි හරිම පුදුම මිනිස්සු... මේ තරම් වසංගතයක්, මේ තරම් ආර්ථික අහේනියක් තියෙද්දී උත්සව නම් අඩුවක් නෑ. ජාතික ගීය කියලා ඒ වෙනුවෙන් මැරුණු අයට පින් අනුමෝදන් කළා නම් හොඳටම ඇති.. මේවා නාස්තිකාර වියදම් විතරයි.
ලුම්බිණි Sunday, 30 January 2022 05:11 AM
සාමාන්‍ය උත්සවයක් කළා නම් මදිද?
සමිත අම්බලන්ගොඩ Sunday, 30 January 2022 08:42 AM
නිදහසින් පසු ලංකාවේ පසුගාමීත්වයට, ලෝකයෙන් කොන් වීමට, එකිනෙකා මරා ගැනීමට ඍජුවම වගකිය යුතු ජාතිවාදී සූත්‍රය අනුශාසනා කරපු හාන්දුරු බලකායත් ආචාර පෙළපාලියේ ඉදිරියෙන්ම යැව්වා නම් තමා ඒ ගොල්ලොන්ටත් සාධාරණය ඉෂ්ඨ සිද්ධ වෙන්නේ.
R.k.piyumi Sunday, 30 January 2022 09:25 AM
යුද හමුදා පොදු සමාව විතරයි බලාපොරොත්තු වෙන්නේ...
kumarage Sunday, 30 January 2022 10:07 AM
මොකක්ද නිදහස කියලා සමරන්න තියෙන්නේ ලංකාවේ..? මැති ඇමැතිලා ඇරෙන්න කීයෙන් කී දෙනාද නිදහසෙන් ජීවත් වෙන්නේ..? උදේ නැගිට්ට වෙලේ ඉඳන් හිතන්නේ අද දවසේ දරුවන්ට කන්න ටික දෙන්නේ කොහොමද? ගෑණු කෙනා කුස්සියේ ඉන්නකන් බයයි ගෑස් එක පුපුරයි කියලා..., හදපු ගේ එහෙම්ම නැවතිලා සිමෙන්ති නැතිව.. තියෙන ඒවා ගිනි ගණන්. පාන් ගෙඩියක් ගන්න සල්ලි නැතිවෙන වෙලාවල් එනවා. කොහේද නිදහසක්...?
69ශ්‍රී 2020Sunday, 30 January 2022 04:21 PM
ඇයි මිනීමරුවන් නිදහසේ ඉන්නවා. කුඩ්ඩන්, එතනෝල් කාරයින් ප්‍රභූ පර්යන්තය හරහා ගොස් නිදහස සමරනවා. (ඇත්ත කිව්වොත් නිදහස සීමා වෙනවා) දක්ෂතා පෙන්නුවොත් එහෙම අයව රජවෙයි කියලා කූඩු කරන්න හදා පාලකයින් උපරිමයෙන් නිදහස සමරනවා.
kamal Sunday, 30 January 2022 01:06 PM
සංදර්ශනේට මහබැංකුවේ ඩොලර් සේප්පුවත් ප්‍රදර්ශනය කරනවද?
saman Monday, 31 January 2022 02:33 PM
නිදහස් උත්සවය අභිමානවත් උළෙලක්. ඒකටත් සමහරු ජාති, ආගම් ප්‍රශ්න ඇදගන්න තමයි හදන්නේ.. 1948 දී නිදහස ලැබුණේ අපි හැමෝටම මිසක් එක ජාතියකට නොවේ...