IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


නියඟය දරුණුවීමෙන් දිය කැපීම බේසමක

හිරාන් ප්‍රියකර ජයසිංහ

පවතින නියඟය හේතුවෙන් අද (1) පුත්තලම කරුමාරි අම්මන් කෝවිලේ වාර්ශීක මංගල්‍යය වෙනුවෙන් දිය කැපීම සිදුවුයේ  කරුමාරි අම්මන් මැණියන්ගේ   ප්‍රතිමාව ඉදිරිපිටදි    ආභරණ කුඩා බේසමක දමා චාරිත්‍ර ඉටු කිරිමේනි.
 
කරුමාරි අම්මන් කෝවිලේ වාර්ශීක මංගල්‍යය වෙනුවෙන් වෙනත් වසර වලදි  දිය කැපීම සිදුවන්නේ පුත්තලම සේනකුඩිරිප්පුව විල්ලුව වැවේ අදාල චාරිත්‍ර ඉටු කරමිණි .නමුත් වසර ගනණාවක සිට පුත්තලම දිස්ත්‍රික්කයට නිසි වර්ශාවක් නොලැබීම නිසා ගංගා , ඇළ දොල, සහ සියලුම වැව් හා ජලාශ මේ වන විට සිදි යාම හේතුවෙන් හින්දු බැතිමතුන් තම චාරිත්‍ර වතාවත් වන දිය කැපීම කරුමාරි අම්මන් මැණියන්ගේ  ප්‍රතිමාවක් ඉදිරිපිට තබා ගෙන    කුඩා බේසමක ආධාරයෙන් සිදු කර තිබේ.
 
එසේම ශ්‍රී කරුමාරි අම්මන් කෝවිලේ වාර්ශීක මංගල්‍යය වෙනුවෙන් රටට සෙත් පතා වැසි වස්සන ලෙස ඉල්ලමින්  සැතපුම් පහකට ආසන්න දුරක් පා ගමනින් ගමන් කර කරුමාරි අම්මන් වෙනුවෙන් කිරි කළ පුජා කිරිම සිදුවිණි . 



අදහස් (8)

නියඟය දරුණුවීමෙන් දිය කැපීම බේසමක

බද්රානි Thursday, 01 March 2018 02:24 PM

මෙන්න මේ තියෙන්නේ ලංකාවට ගැලපෙන ඉතාම සාර්ථක ජල ව්‍යාපෘති? ලංකාවට විතරක් නෙමේ, ලෝකෙටම ඇති තරම් ජලය සපයන්න හැකි විශ්වකර්මයින් සිටින රටක් මේක?මොකක්ද මන්දා කරුමෙකට ලෝකෙටම තියෙන්නේ මේ වගේ එකයි????

:       0       165

sudu putha Friday, 02 March 2018 08:11 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටක්..., වෙන රටවල් අඟහරු ලෝකෙටත් යන්න හදනකොට ලංකාවේ ඉන්න මේ නඩය ලංකාව ගල් යුගයට ඇදගෙන යනවනේ... මේ ඉන්දියාවෙන් ආව අර හනුමා පාලමක් හැදුව කිව්වා වගේ ගොන් කතානේ.. මේවා රජයක් හැටියට තහනම් කළ යුතුයි.. මේක කැපුවා කියලා තියෙන වතුර ටිකත් නාස්තිවුණ එකනේ වුණේ..

:       2       17

parakkramaSaturday, 03 March 2018 02:59 PM

හින්දු භක්තිකයින් ඔවුන්ගේ ඇදහිලි විශ්වාස අනුව වැසි දිය අපේක්ෂාවෙන් , ස්වභාව ධර්මයාගේ පිහිට දේව ආශීර්වාදය පතා පුද පූජා පැවැත්වීම ඒ අයගේ සංස්කෘතිය හා බැඳුනු දෙයක්. අපේ ආදිවාසී ජනතාවත් ස්වභාව ධර්මයාගේ මෙවන් අයහපත් අවස්ථාවල කිරිකොරහ නැටීම වැනි ආදියේ පටන් එන විශ්වාස හා සංස්කෘතික බැඳීම්වලින් යුත් කටයුතු ගරු ගාම්භීරව සිදු කරති. සිංහල බෞද්ධ ජනතාවද විශ්වාස හා සංස්කෘතිය අනුව නොයෙකුත් පුද පූජා පැවැත්වීම් , පිරිත් දෙසුම්, පෙරහැර පැවැත්වීම් කරති. ක්‍රිස්තියානි , කතෝලික ජන කොටස්ද තම ආගම හා බැඳී විශ්වාස මත පුද පූජා පවත්වති. මේ සියල්ල ඒ ඒ අයගේ අයිතීන් ය. ඒ අනුසාරයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුනා හෝ නොලබුනා හෝ මේ කිසිවක් මෝඩ ක්‍රියා වශයෙන් සළකනවා නම් තමන් ඒවායින් වැළකී සිටිනවා මිස, යමෙකු තම නොහික්මුණ ගති පෙන්වමින් අන්‍යන් හැඳින්වීමත්, ගැරහීමත් සදාචාරාත්මක නොවන බව කිවමනාය. එසේ නමුදු මුන්නේෂ්වරමේ මෙන් අසීමිත සත්ව ඝාතනයේ යෙදෙනවා නම් හෝ මිනිස් මෙන් සත්ව දිවි අහිමිවන්නට අවකාශ ඇති ආගමික හා සංස්කෘතික කටයුතු සිදු කැරෙනවා නම් හෝ ඒ ගැන තදින් කතා කිරීමට මාද එකඟය.

:       1       14

Chaminda Sunday, 04 March 2018 01:40 AM

මෝඩ මිනිස්සු. දෙවියෝ කියල ජාතියක් ඉන්නවනම් වැස්ස ලැබෙන්න කියල කන්නලව් කරන්න ඕනද? මිනිස්සුන්ගේ දුක බලලා වස්සනවනේ.

:       0       1

කුමාර් (ගල්ෆ්) Sunday, 04 March 2018 11:22 AM

පාපය, දූෂණය, මැරකම, ජඩකම ඉහවහා ගියපු රටකට කොහෙද හලෝ දෙවියෝ වරුසාව එවන්නේ?

:       0       3

ramsiMonday, 05 March 2018 12:04 AM

ඉතින් නියම දෙවියෙක් ඉන්නවානම් ඉස්සෙල්ලම ඔය කියන පාපය දුෂණය මැරකම් නවත්තන්න එපැයි!

:       0       0

ramsi Sunday, 04 March 2018 08:34 AM

අයියෝ ඔච්චර මහන්සි වෙන්නේ මොකටද? අර මිලිලීටර 500ක වතුර බෝතලයක් අරන් දෙකට කැපුවානම් ඉවරයිනේ.

:       0       1

Ashika Sunday, 04 March 2018 03:24 PM

ඔය පරාක්‍රමලා වගේ ගල් යුගයේ පණ්ඩිතයෝ ඉන්නකම් මේ රට කවදාවත් දියුණු කරගන්න අමාරුයි.. අවුරුදු දහස් ගාණක පරණ මතවලම එල්ලීගෙන ජීවත් වෙන නිසයි. ලංකාව කවදාවත් ඉස්සහරහට නොයන්නේ, මේ මිථ්‍යා දෘෂ්ඨික මිනිස්සු ගැහැණු එකතු වෙලා මේ කරන නාඩගම නවත්තලා අලුතින් පැල 1000 ක් හිටෙව්වා නම් මේ කල නාස්තියයි, ජලය නාස්තියයි වෙනුවට පසුකාලිනව හෝ වැස්ස ලැබේවි...

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 72 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 218 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site