IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නයාරු ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය

( සිතුම් චතුරංග)

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති  කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදහන  පූජෝත්සවය අධිකරණ  නියෝග  ලැබීමට පෙර එම විහාරස්ථාන  භූමියේදී  සිදු  කිරීමෙන් දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය.

අධිකරණ නියෝගය නිකුත්  කරන තුරු බලා සිටියහොත් ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නොහැකිවන බව පවසමින්  ආදාහන පූජෝත්සවය පැවැත්වීමට කටයුතු කළ බව  ආදහන කමිටුව සඳහන් කළේය.

එම කටයුතු සිදු කෙරෙන අතරතුරදී  අධිකරණ නියෝගය රැගෙන නීතීඥවරු ඇතුළු පිරිස  දේහය තැන්පත් කර තිබූ ස්ථානයට පැමිණෙන විටත්  විහාරස්ථ දායක සභාව සහ  බොදු බල සේනා සංවිධානය  මැදිහත්වීමෙන් ආදාහන පුජෝත්සවය සිදු කර තිබිණි.

ආදාහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු කරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්  දහවල් 12.45 ට පමණ නියෝගය නිකුත් කළේය.

විහාරස්ථානයේ පිහිටි නිරාවි පිල්ලයාර් කෝවිලේ පාලක පාර්ශවය  ඇතුළු  දමිළ ජනතාව  මෙම සිදුවීමට දැඩි විරෝධය එල්ල කළේය.

 

(වීඩියෝ - රොමේෂ් මධුෂංඛ)



අදහස් (26)

නයාරු ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය

ගල්කටස් Monday, 23 September 2019 02:20 PM

සිංහල බෞද්ධයිනි, නැගිටපල්ලා දැන්වත් අපි එක පෙළකට සිටන් මෙවර ඡන්දය පාවිච්චි කරමු. ඕකුන්ටයි, අනිත් උන්ටයි පාඩමක් කතිරෙන් උගන්වමු. මෙවර පමණක්වත් එක අරමුණකට එමු. යහපාලනයෙන් අපට ලැබුණු දේ කුමක්ද..? සිංහල බෞද්ධයින්ට පහරදීම විතරයි නේද..? අපිට රටක් ඕනෑ නේද අපේ දරුවන්ටත් රටක් ඉතිරි කිරීම අපේ වගකීම හා යුතුකම විය යුතුයි.

:       1       1

malaka Monday, 23 September 2019 02:35 PM

පේනවනේ සද්දේ... දැන් බලමු ඕවට විරුද්ධ වෙන මහලොකු නායකයන් කව්ද කියලා...

:       1       1

malaka Monday, 23 September 2019 02:37 PM

කෝ මල්වතු අස්ගිරි හිමිවරු? බොදුබලසේනාව නම් එතන...

:       1       1

chinthaka Monday, 23 September 2019 03:17 PM

අපේ ජාතියට පොඩි වැරද්දක් උනා 2015 දී. ඒත් අපි එක නිවැරදි කරනවා නොවැම්බර් 16 දා. අන්න එදාට ඔය දෙමළ ප්‍රදේශ වල සිංහල අහිංසක මිනිස්සුන්ට තමන් කැමති ආගමක් අදහගෙන නිදහසේ ඉන්න පුළුවන් වේවි. ඒ වගේම අපවත් වුණු හාමුදුරු කෙනෙක්ව තමන්ගේම පන්සලේ ආදාහනය කරගන්න ඔය තරම් දත්මිටි කන්න වෙන එකක් නැහැ.කෙසේ වෙතත් හිමියන්ට නිවන් සුව!!!

:       1       1

dilan Monday, 23 September 2019 03:19 PM

මේ ලංකාවේද? අපවත් වෙච්ච හිමිනමකගේ දේහය තමන්ගේම පන්සලේ ආදාහනය කරගන්න බැරි? රජෙක් එළවලා හිවලෙක් පත්කරගත්තාම දඩාවතේ යන සුනඛයොත් අපිට මුත්‍ර කරනවා.

:       1       1

samantha Monday, 23 September 2019 03:21 PM

පක්ෂ පාට වැඩක් නැහැ. කොන්දක් නැති ආණ්ඩුවට බැරිවූ දේ කරවූ ගලගොඩඅත්තේ හිමියනි, ඔබවහන්සේට චිරං ජයතු...!!!

:       1       1

ravin Monday, 23 September 2019 03:25 PM

මොවුන් ආයෙත් ඉල්ලන් කන්නයි හදන්නේ... අපරාදේ.. උන්වහන්සේගේ දේහය දෙමල්ලුන්ට දෙන්නයි තිබුනේ.

:       1       1

janahitha Monday, 23 September 2019 03:44 PM

මේ මොකක්ද වෙන්න යන්නේ? ඔය ප්‍රශ්න දකුණටනම් ගේන්න එපා.

:       1       1

Nandalal DE SILVA - France Monday, 23 September 2019 04:38 PM

බොහොම උතුම් කටයුත්තක් මේ පින්වතුන් සිදුකර තිබෙනවා. සාධු! සාධු!! උන්වහන්සේට උතුම් නිවන් සැප ලැබේවා..!!! එය අසාධාරණයට එරෙහිව ගත් වැදගත් තීරණයක් බව පේනවා...! සාමාන්‍ය පුද්ගලයෙකුගේ කෙසේවෙතත්, මහානායක හිමිනමකගේ අදාහන පූජෝත්සවයක්වත් නිදහසේ සාමකාමී විදියට කරගෙන යාමට බැරි රටක්ද අපේ ශ්‍රී ලංකාව කියන්නේ? දැන්වත් රජයත්, මැති ඇමැතිවරුත් එකතු වී මේ මංකොල්ලකෑම නතර කිරීමට ඉක්මන් පියවර ගතයුතු වෙනවා. මේ විහාරස්ථානයට පැමිණිය හැකි ත්‍රස්තවාදී කටයුතුවලට ඉඩනොදී පූර්ණ ආරක්ෂාව සැපයීම පොලිසියේ ප්‍රධාන කාර්යයක් වියයුතු වෙනවා.!

:       1       1

surath Monday, 23 September 2019 04:41 PM

කෝවිල් භූමිය හාමුදුරුවන්ගේ ආදාහනය නිසා කිලිටි වී ඇත්නම් දැන් සුදුසුම දේ කෝවිල වෙනත් තැනකට ගෙනයාමයි..

:       1       1

saman Monday, 23 September 2019 04:53 PM

සංහිදියාව වෙනුවෙන් සාධුකාරයක් දෙන්න.

:       1       1

Abey Monday, 23 September 2019 06:12 PM

සාදු,සාදු, සාදු. සිංහල බොදු උරුමය වෙනුවෙන් පෙනී සිටි ගිහි, පැවිදි උත්තමයන්ට අපගේ උත්තමාචාරය. සිංහල බොදු උරුමය වනසමින් දෙමළ ඊළාම් අන්තවාදයෙන් වියරු වැටී සිටින බෙදුම්වාදීන් තවමත් සිංහලයාට එරෙහිව ගෙන යන අරගලයේ එක් අවස්ථාවක්. අපේ හාමුදුරුවන්ගේ දේහය ආදාහනය කළාම කෝවිලට එතරම අපහාස වෙනවනම් හින්දුන්ගේ දෙවියන් (විෂ්ණු, කතරගම , ගණපති, පත්තිනි, ශිව ආදී...) පන්සල් ඇතුළේ ගාල් කරගෙන බෞද්ධයන් ලවා වන්දවන විට තථාගත ධර්මයට කොපමණ අපහාස වෙනවද? දැන්වත් මොලේ කල්පනා කළොත් නරකද? සංහිඳියාව දෝරෙ ගලනවා.

:       1       1

Kanishka Monday, 23 September 2019 06:39 PM

හරිම කණගාටුදායකයි.. අපි හිතාගෙන හිටිය දෙමළ කියන්නේ අපේම සහෝදර ජාතියක් කියලා..., ඔවුන් අපේ හැම පළාතක වගේ ජීවත් වෙනවා.. අපි එයාලගේ ආගමික දේවල් වලටත් ඉඩ පහසුකම් සලස්වනවා... ජාති භේදයකින් තොරව.. එ්ත් මේ සිදුවීම අපි දැක්කේ හරිම මෙලෙච්ඡ ජාතියක් තමයි මේ දෙමල්ලු කියල‍ා..!!! මේක අපේ සිංහල මහජාතිය ජීවත් වන රට.. අපිට වෙන රටක් නැහැ...!!! අපි ජාති භේදයකින් තොරව අපේ සල්ලි වලින් මොවුන්ගේ සුබ සාධනයට වැඩ කරනකොට අකුල් හෙළුවේ නැහැ. ඒ අපේ සල්ලි ...!!! හැබැයි මොවුන් එන්නේ දැන් මේ වගේ පටු ජාතිවාදී අරමුණකින් නම් අපිත් විරුද්ධයි අදින් පස්සේ අපේ සල්ලි වලින් මුන්ගේ පළාත්වල සංවර්ධනය කරනවට.. අපේ බදුසල්ලි වලින් මොවුන්ගේ මැතිඇමැති මන්ත්‍රීවරුන්ට පහසුකම් දෙනවටත් අපි විරුද්ධයි...!!!

:       1       1

කරුණාවතී Tuesday, 24 September 2019 12:56 AM

ස්වාමීන්වහන්සේට නිවන්සුව අත්වේවා! උන්වහන්සේ කටුක දිවිපෙවෙතක් ගතකරමින් කළ සේවය අමරණීයයි.

:       3       36

ලුම්බිණි Tuesday, 24 September 2019 02:30 AM

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු නොකර එම විහාරස්ථාන භූමියේදී සිදු කිරීමෙන් අප ලැබූ ජයග්‍රහණය කුමක්ද?

:       321       3

ThilinaTuesday, 24 September 2019 07:57 AM

එතකොට විහාර භූමියට අයිති ඉඩමේ අදාහන කටයුතු කිරීමේ වැරැද්ද මොකක්ද? ඒ උන්වහන්සේ ගොඩ නගන ලද භුමිය. හැමදාම කඩේ යන උදවියටනම් මේවා වැරදි තමයි. මොකද එයාලගේ ඊනියා සංහිදියාවට මේවා වැරදි තමයි.

:       3       229

Indhika Tuesday, 24 September 2019 04:20 AM

අගය කළ යුතු වැඩක්. මොනවා උනත් බොදුබල සේනාවට මේ වගේ ක්‍රියා වලට අපි ස්තුති කරන්න ඕනේ. දේශපාලනයට සගරුවන සම්බන්ධ වීම නිවැරදි නැති උනත්, ලංකාවේ දැන් දේශපාලනයක් නැහැ. නුල් ටික අන්තවාදීන් අතේ තියෙන රූකඩ මැදුරක් වෙලා ලංකාව. අන්තවාදීන් හැරෙන්න පන්සලේ හාමුදුරුවන්ගේ ආදාහනය පන්සලේ කරනවට විරුද්ධ වෙන්නේ නැහැ පරිණත මිනිසුන්.

:       3       229

sarath Tuesday, 24 September 2019 04:58 AM

ජාතියේ අසරණ බව පෙනුන දවසක්.

:       36       229

raviTuesday, 24 September 2019 08:35 AM

දන්නෝ දනිති .

:       1       1

jayasekara Tuesday, 24 September 2019 05:12 AM

මුකුත් නොකියමි..... සිහිවේ ... අනගාරික ධර්මපාල උතුමන්..... සහ අති පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් කියූ අනාවැකි ...... එය අනාවෙකියක්ම වී යතාර්ථයක්ම වීම ගැන තියෙන්න සිංහල බෞද්ධයා (දේශ පාලුවන්) ගැන අප්පිරියාවක්...

:       26       230

lankaputha Tuesday, 24 September 2019 05:17 AM

ලැජ්ජයි ශූ ගාල සෙනඟ 150 විතර ඉන්නවා සිංහල රටේ බුදු පුතෙක්ගේ ආදාහනයට

:       164       1

Galauda Tuesday, 24 September 2019 06:45 AM

කොහොමද යහපලානේ ගෙනාපු සහජිවනේ රඟ! දැක්කද දෙමල සහ සිංහල ජනතාව එකමුතුවෙලා සමාදානයන් අපවත් උන හාමුදුරුවන්ගේ ආදාහනය කරපු අපුරුව. යහපලානේ නැත්නම් ඔයවගේ සහජීවනයක් ඇතිවෙනවද? ඔබට සතුටුයිද දැන්? යහපලානේ ගෙනාපු සියලුදෙනාටම පින්සිදුවෙවා!

:       131       206

shanika Tuesday, 24 September 2019 08:12 AM

සමහරු දේශපාලන අතකොලු .

:       2       2

nima Tuesday, 24 September 2019 08:34 AM

ගොඩාක් සෙනග ඉන්නවට වඩා හදවතින්ම දුක් වෙන 150 දෙනා හරිම වැදගත්.සෙනග ගොඩක් පිරුන තැන බොරුවෙන් පිරිලා.

:       1       7

sharm warn Tuesday, 24 September 2019 09:07 AM

පුජ්‍ය පක්ෂයේ කෙනෙකුගේ අවසන් කටයුතු වලට එරෙහිව උසාවි ගියා කියලත් , උසාවි නියෝගයකින් අවසන් කටයුතු නතර කලා කියලත් ගිනස් වාර්තා තියන්න බලාගෙන හිටිය අයට වැරදුනාලු. කොළඹ සත්‍යග්‍රහ කරපු හාමුදුරුවන්ට බැරි උනානේ නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙකුගේ අවසන් කටයුතු ටික නිසියාකාරව ඉටු කරන්න. ලුම්බිණි , මෙතන ජයග්‍රහණයක් ලබන්න කවුරුවත් උත්සහ කලේ නැහැ. හිමි නමකට අවසන් ගෞරවය දෙන්නයි යමක් කලා නම් කලේ. නමුත් උසාවි ගානේ ගිිය අයනම් ජයක් ලබන්න බලාගෙන ඉන්න ඇති ... සිංහල මිනිස්සු වෙනුවෙන් කතා කරන්න....

:       1       5

sanath Tuesday, 24 September 2019 12:21 PM

නොදියුණුකමේ තරම......මරණයකට දබර.

:       1       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20328 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18099 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 300 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site