IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නොරොච්චෝලේ අළු විධිමත් කළමණාකරණයකට

(සටහන සේයාරු - හිරාන් ප්‍රියංකර ජයසිංහ)


නොරෝච්චෝලය ලක් විජය බලාගාරයේ ගල් අඟුරු දුමාරය සහ ගල් අගුරු පිළිස්සි ඉතිරි වන අළු හේතුවෙන් හා අනිකුත් පරිසර හානි අවම කිරිම සදහා විවිධ ක්‍රම වේදයන් ඔස්සේ 2018 වසර වනවිට සියයට 95 කින්  හානි අවම කිරිමට සියලු කටයුතු අරඹා ඇති බව නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා පැවසිය.

නොරෝච්චෝල බලාගාරය නිසා ජනතාවට සිදුවු පිඩාවන් පිළිබඳව ජනතාව දිගින් දිගටම ජනාධිපතිවරයාට දැනුවත් කිරීමේ ප්‍රථිපලයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් විමෙන් බලාගාරයේ සිදුවන පරිසර හානි පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් .චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්තව සෑම මසකම  ලක් විජය බලාගාර භුමියේ දි ජනතාව ආගමික නායකයින් වගකිව යුතු රාජ්‍ය ආයතන මැදිහත් විමෙන් රැස්වි ජනතාවගේ ගැටළු සඳහා කඩිනම් පියවර ගැනීමටත් එහි තත්වයන් පිළිබඳවත් තමන් දැනුවත් කිරිමටත් ජනාධිපතිවරයා නියෝග කර තිබුණි.

ඒ අනුව මාර්තු මාසයේ හමුව මෙසේ 16  දින රැස්වු අතර එහිදි කරුණු දක්වමින් අදහස් දැක්වු බලාගාර කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා පැවසූයේ බලාගාරය විදුලිය නිෂ්පාදනයේදි විවිධ ගැටළු වලට මුහුණ දුන් බවත්, මෙහිදි  මුහුණ දුන් බරපතලම ගැටළුව ගල් අඟුරු වලින් පිටවන දුමාරය බවත්ය. ඒ සඳහා දුමාරය යාම වැලැක්විම සඳහා ගල් අඟුරුවලට රසායනිකයක් ඉසීම කළ බවත් එය සාර්ථක වූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය .

එලෙසම දිනකට ගල් අගුරු පිළිස්සීමෙන් ඉතිරි වන  අළු මෙට්‍රික් ටොන්  800 ආසන්න වේ. එහිදි යම් ප්‍රමාණයක් අවට ගම්මාන වලට සහ වගාවන්ට යාමෙන් සිදුවු හානිය පාලනය කිරීමට දිර්ඝ කාලීන වැඩසටහන් ආරම්භ කර තිබේ.

එහි ප්‍රථිපලයක් ලෙස ජාතික ඉංජීනේරු පර්යේෂණ හා සංවර්ධනයේ සහයෝගය ඇතිව සුළඟේ පාවෙන අළු හා පතුළේ ඉතිරිවන අළු කුඩා පරිමාන ගඩොල් නිෂ්පාදන සදහා මුන්දලම ප්‍රදේශයේ කර්මාන්ත කරුවන් වෙත ලබා දිමටත් බලපත්‍ර ලබා දි ඇත.


එයට අමතරව පුත්තලම සිමේන්ති සමාගම සහ ටෝකියෝ සිමෙන්ති සමාගම් මේ වන විට අළු රැගෙන ගියද එය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදි තවත් වැඩි ප්‍රමාණයක් අළු විවිධ කර්මාන්ත සඳහා ලබාදීමටත් කටයුතු කරන බවත් ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතා සඳහන් කළේය.



අදහස් (10)

නොරොච්චෝලේ අළු විධිමත් කළමණාකරණයකට

Perakum Saturday, 17 March 2018 06:29 AM

සුර්ය බල ශක්තියෙන් හා සුලන් බල ශක්තියෙන් විදුලිය නිපදවීමට මෙතරම් හැකියාව ඇති රටක ගල් අඟුරු බලාගාර ගොඩනගන්නේ කාගේ උවමනාවටද? ඉන් සිදුවන පරිසර දුෂණය අසීමිත බව නොපෙනේද? බලවත් ජනතා විරෝධතා මධ්‍යයේ සාදනලද මෙම බලාගාරයෙන් සිදුවුයේ සමහරුන්ගේ මඩිය තරවීම නොවේද?

:       11       0

sathyapala Saturday, 17 March 2018 07:38 AM

ගල් අගුරු දහනයේදී එකතුවන අළු වල ඇති ඇති සියුම් සහ සැහැල්ලු බව නිසා මේවා වාතයේ ඉතා පහසුවෙන් පාවී යයි. එසේම අලුවල ඇති සියුම් සිලිකා අංශු පෙනහළුවල ඇලුන පසු එය කිසිදා ඉවත්ව නොයන අතර එයින් සුවකළ නොහැකි ස්වසන රෝගයක් ඇතිවේ. මේ අළු වල ඇති බර ලෝහ වර්ග( යකඩ,ඊයම්, නිකල්, මැන්ගනීස්,ක්‍රෝමියම්) භූගත ජලයට එකත් වෙන බව ලෝකය පුරා පර්යේෂණ වලින් සොයාගෙන ඇත. ලංකාව වැනි කුඩා ඉඩ ප්‍රමාණයක අධික ජන ඝනත්වයක් ඇති රටකට මේ අළු ප්‍රමාණය (දිනකට මෙට්‍රික් ටොන්800) කිසි සේත්ම ඔරොත්තු නොදෙන අධික ප්‍රමාණයකි.

:       0       0

sathyapala Saturday, 17 March 2018 07:39 AM

ඉතා සියුම් මේ අළු ගඩොල් නිෂ්පාදකයන් ගෙන යනවානම් ප්‍රවාහනයේදී පරිසරයට එකතු වන බැවින් ඔවුන් ගෙන යන්නේ කෙසේද සොයා බැලුවාද ? සහ ගඩොල් නිෂ්පාදන සේවකයන් සහ අවට පදිංචිකරුවන් ආරක්ෂිතද ? ලංකාවේ මහා පරිමාන පස් ගොඩ කිරීම් සහිත ඉදිකිරීම් නොමැති නිසා පසට කලවම කිරීම අවම බැවින් දිනකට එකතුවෙන ටොන් 800 න් කොන්ක්‍රීට් වලට කලවම් කිරීමට සුදුසු Class - F සහ Class - C ටොන් කීයද ? ඉදිරි වසර 10-15 තුල ඉතිරිවන අනෙක් අළු කන්දරාවට කරන්නේ කුමක්ද ?

:       0       0

abaran Saturday, 17 March 2018 08:04 AM

මෙතන ඉන්න කට්ටියක් ආරක්ෂක හිස් වැසුම් දමලා... සමහරක් නැහැ... ඒ අයට අනතුරක් වෙන්නේ නැතිව වෙන්ට ඇති නේද?

:       33       40

ruchiraSaturday, 17 March 2018 08:10 PM

කපුවා දේවාලේ පහරන එක බැතිමතාට අදාල නෑ

:       0       0

සත්‍යවාදී Saturday, 17 March 2018 09:29 AM

මේ ආරක්ෂක හිස් වැසුම් දමන්නේ ඉහළින් යමක් හිස මත වැටුණොත් ආරක්ෂා වෙන්න. මේ වගේ එළිමහනක ඕක දාලා බේරෙන්න තියෙන්නේ උඩින් ඉගිලෙන කුරුල්ලෙකුගේ වසුරු වලින් විතරයි.

:       0       12

bandula Saturday, 17 March 2018 10:20 AM

ඔය වගේ තැනකට අවශ්‍ය ඇස සහ මුඛ ආවරණ පමණි. ආරක්ෂක හිස් වැසුම් අවශ්‍ය ඉදිකිරීම් පෙදෙසකටයි.

:       0       4

Game Saturday, 17 March 2018 11:02 AM

ආරක්ෂාව ගැන හිතන්න තිබුනේ කලින්. පොඩි මිනිස්සු කොච්චර දුක් විඳිනවද? ඇයි රිනීවබල් වලට යන්නේ නැත්තේ?

:       0       0

kumar (gulf)Saturday, 17 March 2018 06:41 PM

එතකොට ලොකු ලොකු කුට්ටි කඩාගන්න බැනේ, මේ වගේ කාටවත් එපාවෙච්ච දහ ජරාවල් ලොකු ගානකට ගත්තාම හොඳට මල්ල කරේ දාගන්න පුළුවන්, රටට හෙනගහලා ගියත්.

:       0       0

Saman Sunday, 18 March 2018 03:43 AM

'දිනකට ගල් අගුරු පිළිස්සීමෙන් ඉතිරි වන අළු මෙට්‍රික් ටොන් 800 ආසන්න වේ.' මේව රටේ අනාගතය ගැන හිතල හැදුවද ? කොමිස් ගැන හිතල හැදුවද කියල දැන් තේරෙනවනෙ. ඔය අළු කන්දරාව නිසා ඔය පැති කාන්තාර වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23091 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22909 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site