IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නව යුද හමුදාපති ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව යුද පෙරමුණේ ක්‍රියාන්විතයේ සිටි රණවිරුවන්ගේ සුවදුක් විමසීමට අත්ඉඩිය මිහිඳු සෙත් මැදුරේ (23) සංචාරයක නිරත විය.

යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම සංචාරයේ නිරත වූ අතර මෙම අවස්ථාවට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මියද එතුමන්ගේ දියණියෝ ද එක්ව සිටියහ.

කුරිරු යුද්ධයෙන් ආබාධිතව ප්‍රතිකාර ලබමින් විරෝදාර රණවිරුවන්ගේ 50 කට වැඩිපිරිසක් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරෙහි විවේකීව පසුවෙති.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්න සමඟින් පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ශාන්ත රාජකරුණා මහතා සහ එම මැතිණිය මෙන්ම මිහිඳු සෙත් මැදුරෙහි සේනාවිධායක ලුතිනන් කර්නල් ජීවන් ගුණසේකර මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, හමුදාපතිතුමන් ඇතුළු පිරිස සුවතා නිකේතනයේ වාට්ටුවල සංචාරයක නිරත වූ අතර එහිදී, ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවී ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් හමුදාපතිතුමන් සහ පවුලේ සාමාජිකයෝ ඔවුන්ට ත්‍යාග පාර්සල්ද ප්‍රදානය කළහ.

එම පරිශ්‍රය තුළදී හමුදාපති, මිහිඳු සෙත් මැදුරෙහි සුවය ලබන රණවිරුවන්ගේ නවාතැන්, ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සහ මානසික ප්‍රතිකාරයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අතර අනාගතයේදී සිදුකළ හැකි වැඩිදියුණු කිරීම් පිළිබඳවද විමසා සිටියේය.

මෙම සංචාරය සඳහා ඉඩම් දේපල හා නිවාස අධ්‍යක්ෂක ජෙනරාල්  මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර මහතා සහ යුද උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජී.අයි. විද්‍යානන්ද මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (6)

නව යුද හමුදාපති ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසයි

Raveendra Saturday, 24 August 2019 04:12 PM

ඇත්තෙන්ම ඔබ විසින් පළමුව ආබාදිත රණවිරුවන් බැලීමටයාම ඔවුනගේ සුවදුක් විමසීම අප අගය කරන්නෙමු. ඔවුන්ගේ තරුණ ජිවිත රටේ අනාගත වෙනුවෙන් කැපකිරීම නිසා ලක්මව ලබාගත් ඒ නිදහස අප මෙමොහොතෙත් එකිනෙකාට බැනවදිමින් මෙන්ම සිනහමුසු මුහුණින් ඉන්නේද ඒ ඔවුන්ගේ ජිවිත පුජාකර ලංකා මාතාව ආරක්ෂා කල නිසා බැවිනි. අප ඔබලාට සැමදා නයගතිය. ලක්මවගේ හදවතේ සියලුම රණවිරුවන් මෙන්ම සියලුම එයට නායකත්ව ලබාදුන් දේශපාලන අධිකාරිය මෙන්ම සියල්ලොගේම නාමයන් රන් අකුරෙන් ලියවී ඇත. එය සක්කරයාටවත් මැකිය නොහැක. ඔබලාට ජය. ඔබලාව මෙලොවට බිහිකළ ඒ ලක්මවගේ ආදරණිය දෙමාපියන්ට අප හදවතින්ම ස්තුතිවන්ත වෙන්නෙමු.

:       0       441

sirimal Saturday, 24 August 2019 04:50 PM

මහපොළවේ පයගසා ජීවත්වෙන රටට ණය නැති නමුත් මුළු රටම ණය පවුලේ කෙනෙක්. ජයවේවා.

:       0       303

රජින්ද Saturday, 24 August 2019 06:05 PM

සිංහයෝ හැමදාම ගුහාවේ ඉන්නේ නැහැ වගේ ඔබතුමාට ලැබිය යුතු දේ ලැබුනා.! ඇමෙරිකාව නෙවෙයි යුරෝපේ ඇවිලුනත් කරන්න දෙයක් නැහැ. අපි නොබැදි ජාතීන්ට අයත් ස්වාධීන රාජ්‍යයක්. අනික මේ පත්වීම අපට සම්බාධක වැටෙන්න තරම් ප්‍රශ්නෙකුත් නෙවෙයිනම්. කාටත් තියෙන අමාරුව මොකක්ද. ඔබතුමාට දීර්ඝායු.!

:       6       171

SL Saturday, 24 August 2019 06:36 PM

4 වෙනි පින්තුරේ?? .......................හරිම දුකයි

:       0       279

isurandi Sunday, 25 August 2019 06:13 AM

ඇස් ඇරලා බලන්න .මේ යුධ සෙබළුන් තම ජීවිතය මවුබිම වෙනුවෙන් පුදකළේ අපේ සුඛවිහරණය වෙනුවෙන් නේද කියලා. පක්ෂ පාට වලට බේදභින්න වෙලා රට ජාතිය වෙනුවෙන් දැන්වත් හිතන්න මේ රට තවතවත් අගාධයට ඇද දාන්නේ නැතුව.

:       0       182

pradeep kumara Sunday, 25 August 2019 08:34 AM

ඔබට මේ ලක්මව රකින්න ශක්තිය සහ දිරිය ලැබේවා..

:       0       95

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19774 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site