IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නෙළුම් කුළුණ තැඹිලි පැහැවෙයි

(ඩයනා උදයංගනී)

කොළඹ නෙළුම් කුළුණ අද සවස 6.00  සිට තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලෝක  සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම සැප්තැම්බර් 17 වැනිදා දිනය රෝගී සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇති අතර එය සංකේතවත් කිරීම සඳහා මෙම කටයුත්ත සිදුකරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය ඇතුළු දිවයිනේ සියලුම රෝහල් ද අද රාත්‍රියේ තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමටද කටයුතු යොදා ඇති අතර ඒ වෙනුවෙන්  ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය අනුග්‍රහය ලබා දී ඇත.

දැනට ගෝලීයව බලපා ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර රෝගීන් සුරක්ෂිතතා දින තේමාව ලෙස සෞඛ්‍ය කාර්ය  මණ්ඩලවල සුරක්ෂිතතාව ප්‍රමුඛ කාර්යයක් යන්න යොදා‍ගෙන තිබේ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (8)

නෙළුම් කුළුණ තැඹිලි පැහැවෙයි

siri Thursday, 17 September 2020 02:38 PM

අයියෝ සල්ලි... !!! 

:       448       392

jayasekaraFriday, 18 September 2020 03:51 AM

අයියෝ සල්ලි? මහ බැංකු කොල්ලයේ...

:       4       2

BankFriday, 18 September 2020 02:45 PM

මහ බැංකුවට මොකද වුනේ..?

:       0       0

BamunuarachchiFriday, 18 September 2020 03:35 PM

ප්‍රංශ වැසියෝ අයිෆල් කුළුණ ආලෝකමත් කළාම අයියෝ සල්ලි කියන්නේ නැහැ. දීන මානසිකත්වය.. රටක් දියුණු වෙන්න මෙවන් මතධාරින්ගෙනුත් රට නිදහස් වෙන්න ඕනේ..

:       0       0

විජේ Thursday, 17 September 2020 11:24 PM

පටන්ගත්ත කාලෙ රැස්වීම් වලට වතුර බෝතල් වෙනුවට වතුර වීදුරු දීලා නාස්තිය අඩුකරපු ජනාධිපතිතුමා මේක දකින්න නැතුව ඇති. නෙලුම් කුළුණ අවුලක් නෑ කියමුකෝ, ඒත් සියලුම රෝහල් තැඹිලිපාට කරන්න. හිතුණේ නැද්ද ඕකෙන් තව සේලයින් බෝතලයක්, වෙන්ටිලේටරයක් වගේ ගත්තා නම් වටිනා බව... අයියෝ සල්ලිදත් කියනවා සිරි..., හරි සිරි.

:       97       289

amal Friday, 18 September 2020 05:17 AM

හොඳ වෙලාවට මේක හැදුවේ.. නැතිනම් කොහේ ලයිට් පත්තු කරන්නද?

:       3       143

BamunuarachchiFriday, 18 September 2020 03:37 PM

මේක හදලා ඉවර වෙලයි පොහොට්ටුව කියලා පක්ෂෙට නම දැම්මේ.. කොහොමද ප්ලෑනින්. ඡන්ද ලකුණු පෝස්ටර් ගහන්න බැරි වුණාට කොමසාරිස්ටත් බලබල ඉන්න ඡන්ද ලකුණක් තිබෙනවා.

:       0       0

CHANDIMA Friday, 18 September 2020 01:12 PM

මාරයි, තොරන් බලන්න ගියාවගේ. දැන් අපට හැමදාමත් වෙසක්. බලාපල්ලා ඕක දිහා බලන් ඉන්න වෙලාවේ... සීනි, පිටි ගණන් නැගලද කියලාද?

:       0       22

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30674 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23710 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site