IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ-චන්ද්‍රිකා ඇතුළු පක්ෂ ගිවිසුම අත්සන් කරයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ හා හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු  සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද සිදු කෙරිණ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් මෙන්ම සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් මේ  අවස්ථාවට එක්ව සිටියහ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නව සන්ධානය වෙනුවෙන් ද ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් එම පක්ෂවල ලේකම්වරු ද  ගිවිසුමට අත්සන් තැබුහ.



අදහස් (26)

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ-චන්ද්‍රිකා ඇතුළු පක්ෂ ගිවිසුම අත්සන් කරයි

anuara Friday, 01 November 2019 09:31 AM

මට විජය කුමාරතුංග මහතාව මතක් වෙනවා. ඔහු අරගල කළේ මේවා බලන්නද කියලා?

:       835       873

Gobbaya Friday, 01 November 2019 09:35 AM

අනේ අපේ වල්ගමට එන්න කිව්වේ නැද්ද?

:       178       184

sampath Friday, 01 November 2019 09:40 AM

මේ කරපු වැඩේ කිසිම තේරුමක් නැහැ.. මීට වඩා හොඳයි ශ්‍රී ලංකා එකෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් දැම්මා නම්... අද සහමුලින්ම ප්‍රගතිශීලී සහ මධ්‍යස්ථ මතයක් දැරූ දේශපාලන පක්ෂයක් අවලංගු කරලා දැම්මා...

:       119       363

sirimal Friday, 01 November 2019 09:42 AM

චන්ද්‍රිකා සමඟ එකතු වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම "අපි ශ්‍රී ලංකා" නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන කටයුතු කරන බවයි කියන්නේ. ශ්‍රීලනිප ආසන සංවිධායකයින් අතරින් බහුතරයක් "අපි ශ්‍රී ලංකා" සංවිධානය සමඟ එක්ව කටයුතු කරන අතර ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව ශ්‍රීලනිපය රැකගැනීමේ අරමුණින් දීපව්‍යාප්ත රැස්වීම් මාලාවක් පැවැත්වීමටද තීරණය කර ඇති බව කියනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගතහොත්" සිංගප්පූරුව දියුණුවට පත්කිරීම උදෙසා ලී ක්වාන් යූ විසින් ක්‍රියාත්මක කළ පාලන ක්‍රමයට සමාන ක්‍රියාදාමයක් ගෙනයාමට සැලසුම් කර ඇති බවයි කියන්නේ. සිංගප්පූරුවේ රෝහල්ගතව සිටි කාලයේදී ලී ක්වාන් යූ ගේ වැඩ කටයුතු පිළිබඳ පොත්පත් රැසක් ගෝඨාභයට ගෙනැවිත් දෙමින් මෙම අදහසට ඒ මහතා යොමුකරවා ඇත්තේ අප රටේ එක්තරා ප්‍රධාන මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු බවද කියනවා. ඒ අනුව "තමන්ටම අනන්‍ය ක්‍රමවේදයකට අනුව පක්ෂ බේදයකින් තොරවූ ලී ක්වාන් යූ පන්නයේ දූෂණ විරෝධී වැඩපිළිවෙලක් සකස් කිරීමට" ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බවත් එය තමන්ගේම පක්ෂය මුලින්ම ශුද්ධ කරමින් තමන් වටා ඉන්නා අයගෙන්ම පටන් ගැනීමට යන බවත් කියනවා...

:       549       571

Gamarala Friday, 01 November 2019 09:55 AM

කණගාටුයි. ඔබ විසින්ම ඔබම විනාශ කරගන්නවා. සියල්ලටම පෙර වෛරී සිතිවිලි වලින් ඉවත්වන්න.

:       585       613

max Friday, 01 November 2019 10:02 AM

මේ අශුද්ධ සන්ධානයට ඡන්දෙ දෙන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ නැහැ. විශේෂයෙන්ම මෙවර. 2015 කාපු පරිප්පුව, නාපු නෑම මතකයිනේ.

:       3287       1917

ධම්ම Friday, 01 November 2019 10:07 AM

දැනුයි එක පාටක කුරුල්ලෝ එක අත්තේ වැහුවේ.

:       121       141

sunilFriday, 01 November 2019 01:09 PM

වික්ටර් අයිවන් හා චන්ද්‍රිකාද?

:       15       29

Gamaya Friday, 01 November 2019 01:13 PM

මම බැලුවා කවුද මේ විරිත්තගෙන ඉස්සරහට පැනගෙන ඉන්නේ කියලා.

:       0       16

fasmy Friday, 01 November 2019 01:38 PM

අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගය දිනුවට පස්සේ මේ සංධානයට පොහොට්ටු කට්ටියත් එ්වි... අනාගතයේදී ඔබ සමග විපක්ෂයට...

:       54       281

gobbaya Friday, 01 November 2019 01:48 PM

පුරවැසියන්ට වැඩි තැනක් දීලා නෑ නේද?

:       1       14

සමන් Friday, 01 November 2019 02:04 PM

එකවල්ලේ පොල්. මරු කට්ටිය.

:       11       142

Chanak los angeles Friday, 01 November 2019 04:40 PM

සාටකයන් හා ඔවුන්ගේ වරිගේ මතය වෙලා තිබෙන්නේ සාටකයින්ට එකතු වුණොත් පමණයි. දේශප්‍රේමීන් වෙන පක්ෂයකට සහාය දුන්නොත් දේශද්‍රෝහීන්.. අපි නම් කියන්නේ රට විනාශ කර රටේ සම්පත් හොරා කාලා වටිනා නගරයන් චීනයට විකුණලා අධිකරණය අතට අරගෙන ඔවුන්ට පක්ෂව තීරණ නොදුන්න විනිසුරුවන් එක පැයෙන් දොට්ට දමපු සාටක පවුල් පාලනයකට මුක්කු ගහනවා නම් අන්න ඔවුනුයි දේශද්‍රෝහියෝ...

:       240       1643

anuaradhaFriday, 01 November 2019 06:45 PM

ලංකාවට ඇවිල්ලා ඕවා කියන්නකෝ. ලොක්කෝ වගේ ලොස් ඇන්ජලීස් වලට වෙලා කියන් නැතුව.

:       19       68

Chanak los angelesSunday, 03 November 2019 04:51 PM

ලංකාවට එන්න බයයි.. ඒ ඝාතකයන් හිරේ දැමුවාට පසුව එන්නම් ..

:       22       47

TD Friday, 01 November 2019 11:09 PM

එක්සත් ජාතික පක්ෂය යනු D.S. සේනානායක මැතිතුමා විසින් අරම්බකරනලද නිදහස ලබිමටත් පෙර ලංකාවේ බිහිවූ සෑම ජාතියක්ම සමව නියෝජනයකරන ප්‍රධාන ශක්තිමත්ම පක්ෂය. ඉතාම පහළ මට්ටමේ සිට ඉහළටම යාමට එදා මෙන් අදත් එම පක්ෂය සැමටම අවස්ථාවන් උදාකර අැත. අද බොහෝ සුළුජාතික පක්ෂ මෙන්ම විවිධ දේශපාලන මත දරන්නන් එක්සත් ජාතික පක්ෂය තුළත් සහ සමගත් එහි රැකවරණය මත දේශපාලනය කරන බව රහසක් නොවේ. අප පාක්ෂිකයන් වශයෙන් අපගේ පක්ෂය වන මේ මහා එක්සත් ජාතික පක්ෂය ගැන ඔවුන් තබා ඇති විශ්වාසය අගය කරමු. විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුළ විවිධාකාර වූ විවේචන, අර්බුධ හමුවේ එම අර්බුදවලට සාර්ථකව මුහුණ දෙමින් නොසැලී පක්ෂය ශක්තිමත් කරමින් පක්ෂය සහ රට වෙනුවෙන් ප්‍රබල දේශපාලන කැප කිරීම් කළ වර්තමාන අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කළ සහ අදටත්, අනාගතයේදීත් කරන කැපවීම සහ සේවය සියලු ශ්‍රී ලාංකිකයන් සැමදා අගය කරනු අත. කවුරු මොනවා කිව්වත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයකදී ජයග්‍රහණය කළහැකි සුදුසුම අවස්ථාව වනතුරු සිට ඔහුට එම අවස්ථාව ලබාදීමට කටයුතුකළ බුද්ධිමත් නායකයෙකි. සත්‍ය එයයි.

:       48       1063

tdSunday, 03 November 2019 10:26 PM

මෙම යෝජනාව ලිවිය යුතුතන මෙය නොවුවත් හැකිනම් ඉක්මනින් මැතිවරණයට පෙර කළහැකිනම් " LAST MINUTE APPROACH "ඉතාම වටිනේය. පසුගියදා සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශය " sanitary napkins" පිලිබදව පොහොට්ටු වේදිකාවේදී ඉතාම පහත් ආකාරයට එම සලකා බොහෝ දෙනෙකු පහත් මට්ටමේ ප්‍රකාශ කරමින් සිටි.

:       0       0

anura Saturday, 02 November 2019 01:37 AM

අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක බැලුවහම මේක නිකන් පොඩි එකාගේ ලියුම වගේ. මැතිවරණ ඉතිහාසයේ පළමු වරට තමා ඒ වගේ සවිස්තරාත්මක දැක්මක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා අපි දකින්නේ....

:       7       31

chamila Saturday, 02 November 2019 05:40 AM

ජනතාව මෝඩයෝ කියලයි හිතන් ඉන්නේ... 2015 හිටපු සෙට් එකමයි ආයෙත් කරලියට ඇවිත් තියන්නේ, වෙනසකට තියන්නේ මෛත්‍රී ලොක්කා නැති එක විතරයි. ස්ටේජ් වල මොනවා කියලා ජනතාව රවට්ටන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.

:       68       107

jayantha Saturday, 02 November 2019 08:48 AM

ආයේ කවදාවත් නුඹලාට දේශපාලනය කරන්න බැරිවේවි...!!! ජනතාව ගොනාට අන්දන කාලකන්නි...

:       277       337

menna Saturday, 02 November 2019 09:22 AM

මම අහලා තියෙනවා දේශපාලනය කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ කියලා. එහි වටිනාකම එකයි. එයට වටිනාකම දෙන්නේ ජනතාවයි. එමනිසා පොදු මහජනතාව ඔවුන් වෙනුවෙන් ගහ මරා ගැනීම අනුවණ කමක්. ලංකාවේ දේශපාලකයෝ නළු නිලියෝ වගේ. මිනිසුන්ව විනෝද කරන්න එක එක දේවල් කරනවා. ලංකාවේ මිනිසුන්ට කසිකබල් ඉන්දියානු චිත්‍රපටි පෙන්නලා ඔවුන්ව ඔලමොට්ටල කරලා.. මේ වගේ දේශපාලන නාටකවලින් වින්දනයක් ලබාගැනීමට උගන්වලා...

:       0       4

Bandara Saturday, 02 November 2019 06:12 PM

මෙම රට කන පෙරමුණට පොදු සතුරෙක් සහ පොදු අරමුණක් ඇත. ඒ රාජපක්ෂ සහ රට පාවාදීමයි.

:       204       251

Rasika Pradeep Sunday, 03 November 2019 09:50 AM

බෙදුම්වාදීන්, අන්තවාදීන් සහ අවස්ථාවාදී දේශපාලකයන් බහුතරයක් සජිත් වටේ හිටගෙන ඉන්නේ... ජනතාවට සිය තීරණය ඉතා පහසුවෙන් ගන්න පුළුවන් මේ පාර. අනික රනිල් දැන් අවුරුදු කීයක් පක්ෂ නායකකමේ ඉන්නවද? ඒවා ගැන කතා නොකර රට බෙදන අන්තවාදී NGO රැළට රෙදිනැතුව කඩේ යනවා.

:       191       220

mp Monday, 04 November 2019 02:09 AM

මූණට අබ ඇට ටිකක් දැම්මොත් බෝම්බයකටත් වඩා සැරෙන් පුපුරයි.

:       0       11

sharm warn Monday, 04 November 2019 04:47 AM

දැන් පේනවනේ කාගේ කාගේත් හෙළුව ? මෙවුන් එකෙකුට වත් කවදාවත් රට ගැන රුදාවක් තිබුන කියලද හිතන්නේ? වල පයයි ගොඩ පයයි තියාගෙන තවමත් බල ලෝභය ඉහින් කනින් උතුරනවා.

:       0       0

Bandula. Monday, 04 November 2019 07:02 AM

අනේ... පව් වගේම දුකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතනින් අවසන් ගමන් යනවා වගේ තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21145 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20421 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 320 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site