IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


පොලිසිය අයිස් සොයා පාසල් පීරයි

(සුමිත් පොතුපිටිය සහ ජවුෆර් ඛාන්)

කළුතර පාසල් සිසුන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර උතුර පොලිසිය විසින් සිදුකරන ලදී .

මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඩාලී නිළ සුනඛයාද පරීක්ෂා කිරීම් සදහා කැදවා තිබුණි,

පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍යවලට පොළඹ වන බවට ලැබී ඇති තොරතුරු අනුව දිවයිනපුරා පාසල්වල මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

දිවයින පුරා බොහෝ පාසල් අසල අද දිනයේ පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.

මඩකළපුව ජවුෆර් ඛාන්

කළුතර සුමිත් පෙතුපිටිය



අදහස් (23)

පොලිසිය අයිස් සොයා පාසල් පීරයි

දිමුත් Friday, 16 December 2022 10:48 AM

මේ වැඩේ කරනවා වගේම..., ළමයින්ගේ මානසිකත්වය පැත්තෙනුත් හිතන්න... දරුවන්ට අපරාධකාරයින් විදියට හැඟීමක් යවන්න එපා...

:       148       30

අබිලින් Friday, 16 December 2022 01:42 PM

දරුවන්ට එහෙම වෙන්නේ තවත් (නොසණ්ඩාලයෙක් හෝ පිරිසක්) දරුවෙක් නිසා තමයි ඉතින් එක මකුණෙක් කෑවාම ඔක්කෝටම මැරෙන්න වෙනවා වගේ මෙතැනත් වෙනවා... දරුවන්ට කරන්න දෙයක් නැහැ.. මොකද තොරතුරක් දුන්නොත් තොරතුරු ගත් පුද්ගලයා පාවා නොදෙයි කියලා කොහොම විශ්වාස කරන්නද?

:       2       60

senaSaturday, 17 December 2022 12:50 PM

දරුවෝ බය කරන්නේ නැතිව, දරුවන් ඕවාට පොළඹවන මිනිස්සු අල්ලන්නේ නැත්තේ මොකද? ඕනෑ නම් පොලිසියට පුළුවන්නේ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන්න. එතකොට නොදැනුවත්කමින් මේවාට පෙළඹෙන්න ඉඩ තියෙන දරුවෝ දැනුවත් වෙනවා..

:       4       8

malaka Gunewardena Friday, 16 December 2022 11:29 AM

මේ වගේ බොලද වැඩ කරන්න විතරය් පොලිසිය දන්නේ දරුවන් පරික්ෂ කරන්න කලින් ඕව ගෙන්නන උන්ගේ ගෙවල් පරික්ශා කරන්න ලමයි අපහසුතාවට පත්නොකර , මුන් කරන්නේ ගෙන උන්ව ආරක්ෂා කරලා අදාල නැති උන්ව අමාරුවේ දාන එක තමයි

:       18       66

චන්දන Friday, 16 December 2022 01:07 PM

කියන කතාව ඇත්ත වගේම මේ පරීක්ෂා අවශ්‍යයි. ගෙදරින් හොඳින් එන එකාට මගදී බඩු ලැබෙනවා. මේව කියකියා කරලත් වැඩක් නැහැ. හැමදාම ගේන එකා මෙදා ගේන්නේ නැහැ. ඒ වගේම ළමයි පිට දාලා ශේප් වෙන්න එපා... මේවා තොග පිටින් විකුණන තැන් තිබෙනවා... ඒවා වට කරන්න. එතකොට ළමයි බේරෙනවා. බොරු වැඩ කරලා දැන් හරි කියන්න එපා...

:       0       57

chi Friday, 16 December 2022 11:33 AM

පය බරවාට, පිට කරේ බෙහෙත් බැදීම.

:       16       34

කිරිපුතා Friday, 16 December 2022 11:37 AM

දරු පැටව් බය වීම සහ දරුවන්ට නිගරු වීම වැළකිය යුතුයි. අහිංසක දරු පැටව් පරීක්ෂා කිරීම පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා වගේ. අල්ලන්න ඕන මත්ද්‍රව්‍ය විකුණන මිනිසුන්. ගෝනි ගණන් අල්ලන මත්ද්‍රව්‍ය නැවත සමාජයට එනඑක වැළැක්විය යුතුයි. කොහොම හරි දරුවන් ආරක්ෂා කරගන්න ඕනෑ. ඒ රටේ අනාගතයයි...

:       4       38

ganegoda Friday, 16 December 2022 11:51 AM

ඇයි මෙතනට පොලිස් සුනඛයින් යොදවන්නේ නැත්තේ? අයිස් හම්බවෙයි කියන බයටද?

:       4       42

මාටින් Saturday, 17 December 2022 12:28 AM

මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඩාලී නිල සුනඛයාද පරීක්ෂා කිරීම් සඳහා කැඳවා තිබුණි.

:       0       16

Rata Perata Friday, 16 December 2022 01:00 PM

මත්ද්‍රව්‍ය ගේන අය පාර්ලිමේන්තු යවලා දැන් ළමයි ඒවා බොන තත්වයටම ඇවිල්ලා. දෙමව්පියන්ගේ මෝඩකම් පේනවා නේද? දැන්වත් මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දෙන්න. කිසිම ආණ්ඩුවකින් මහා අපරාධකාරයින්ට දඬුවම් දෙයි කියලා හිතන්න බෑ..

:       4       34

චන්දිම Saturday, 17 December 2022 08:28 AM

ඔබට මතකද වසර කීපයකට කලින් එක්තරා දියවන්නාවෙකුගේ නිවසක් (එය දැනට ගිනිතබා විනාස වූ නිවසක්) පරික්ෂා කිරීමට නිලධාරින් විසින් වට කර තිබූ වෙලාවක ජාතියේ දරුවන්ගේ ආඩම්බරකාර තාත්තෙක් හිටි හැටියේ එතැනට පාත්වෙලා ඕගොල්ලෝ දැන් යන්න කියලා නිලධාරීන්ව විසුරුවා හැරලා සිද්ධිය යට ගහපු හැටි. ගොඩක් රූපවාහිනි චැනල්වල මේ සිදුවීමට අදාළ රූපරාමු පෙන්වූවා. වෙන රටක නම් ඕක මහා විශාල උද්ඝෝෂණයක් සහ පෙරළියක් වෙන සිදුවීමක්. ඒත් අපේ මිනිස්සුන්ට ඕක හෙමිහිට අමතක වුණා. ඉතින් මතට තිත නෙමෙයි තිතට මත තමයි කියන්න තියෙන්නේ. අයිස් ක්‍රීම් තමයි දැන් කන්න වෙන්නේ.

:       0       29

කරුණාජීව Friday, 16 December 2022 01:21 PM

ලෙහෙසියෙන් ම ගහේ මුල පාදා ගන්නේ නැතුව.... අතු උඩ නැගලා කොළ අතගානවා. ලෙඩ හැදිලාද බලන්න...! ලෝකේ හිනස්සනවා. ආරක්ෂාවට අයවැයෙන් මුදල් යොදවන්නේ මේවාට කියලා කියන්න පුළුවන්නේ...

:       8       18

ආතා Friday, 16 December 2022 01:25 PM

ෂා, අන්න වැඩ! ගිය සැරේ පාස්කු බෝම්බ මාලාව පිපිරුණාට පස්සෙත් පාසල් දරුවන්ගේ බෑග් තමයි පරීක්ෂා කළේ. විනිවිද පේන බෑග් පවා ගන්න වුණා. අමුතු ඇටේ පහත් තැනින් යයි ගලා ජලේ...!

:       1       21

Maharoof Friday, 16 December 2022 01:34 PM

තෝරු මෝරු ඉද්දී හාල් මැස්සන්ට දැල්දානවා. රට්ටු හිනස්සන වැඩ මේවා... විස ගහේ මුදුන් මුල නොකපා. අතු රිකිලි කපලා වැඩක් නැහැ. මුලින්ම ඕවා ලංකාවට එනඑක වළක්වන්න වැඩ පිළිවෙලක් හදාගන්න. ඊට පස්සේ ඔය කුඩු මුදලාලිලාට උදව් කරන මහජන නියෝජිතයින්ටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න. නාකොටික් අය කුඩු මුදලාලිලාත් එක්ක සම්බන්ධයි. පොලිසියේ ලොකුඅය කුඩු මුදලාලිත් එක්ක සම්බන්ධයි.. දේශපාලකයින්, කුඩු මුදලාලිලාත් එකක් ලඟින්ම සම්බන්ධයි. රේගුවේ ඉන්න අය කුඩු මුදලාලිලාත් එක්ක සම්බන්ධයි... ජේලර්ලා කුඩු මුදලාලිලාත් එක්ක සම්බන්ධයි... ගුවන්තොටුපලේ අය කුඩු මුදලාලිලාත් එක්ක සම්බන්ධයි. ඔන්න ඔය ටික පුළුවන් නම් හරියට හදා ගනිල්ලා. ජීවිතේට බැහැ. ඒකනිසා බොරුවට මිනිස්සු අන්දන්න හදන්න එපා...

:       1       30

SanthuFriday, 16 December 2022 02:48 PM

ඖ,පිස්සුනෙ.. මේ කතාව ඉහේ හිස කෙස් ගනට ලියල කියල ඇති වැඩක් වෙලා තියේද. කොහොමත් ලමයි ඔවැනි දේ school bag එකේ දාන් එයිද. පොලිසිය උනත් හොඳටම දන්නව ඇතිනෙ විකුනන්නෙ කවුද කියන වග. මේ කඩා වැදීම එහෙම තැනකටනෙ පනින්න ඕන. හැබැයි ඉතින් පොල් සිවෙන් ඔත්තුවක් කලින් නොදි.

:       1       13

බද්රානි Friday, 16 December 2022 02:33 PM

මෙතන මේ මොන්ටිසෝරි හා බාලාංශ පන්ති වල ළදරුවන් බය කරන්නේ නැතිව, පුලුවන්නම්, අර O/L සහ A/L ටියුෂන් කඩ කාරයින්ගේ පන්ති පරීක්ෂා කරපල්ලා මෝඩ මිනිසුනේ.. මොලේ කලඳක් නැතිව කොහොමද නීතියක් ක්‍රියාත්මක කරන්නේ. මේවා, ළමුන්ව හඬවා ලෝකයා හිනස්සන වැඩනේ ....

:       41       15

kamalFriday, 16 December 2022 07:24 PM

බාලාංශ වුණත්, ඉහළ පන්තියේ වුණත්, වැරැද්ද වැරැද්දක්ම තමයි... ඇත්තට මෙවැනි පරීක්ෂණ කළ යුත්තේ පෙර දැනුම් දීමකින් තොරවයි...

:       4       27

janahitha Friday, 16 December 2022 03:15 PM

දරුවන්ට මත් ද්‍රරව්‍ය බෙදන ජතියෙ ගහලයන් සොයා මරන දඩුවම ක්‍රියත්මක කලයුතුයි

:       0       44

achini Friday, 16 December 2022 03:41 PM

රජපක්ශලට ලංකාවෙ පොඩි හරි බලයක් තියනකන් ලන්කවෙ මත්ද්‍රව්‍ය නැති කරන්න බෑ.

:       31       23

sugath Friday, 16 December 2022 07:20 PM

මේ පරීක්ෂා කිරීම හොඳ දෙයක්... මෙවැනි පරීක්ෂා කිරීම් මුලින් නොදන්වා කළ යුතුයි.

:       1       11

nihal Saturday, 17 December 2022 12:40 AM

මුලින්ම පරීක්ෂා කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩින්ගේ වාහන බව මතක තියාගන්න... එතකොට ළමයින්ගේ බෑග් නිකන්ම හිස්වේවි..!

:       0       21

දිසාපාමොක් Saturday, 17 December 2022 05:07 PM

මේ නොසරුප් තීන්දුව ගත්තු අයගේ මස්තිෂ්කය අනිවාර්යයෙන්ම පහළට බැහැල‍ා උණ්ඩුක පුච්ඡය ස්පර්ශ කරනවා ඇති...

:       0       2

අබරන් Sunday, 18 December 2022 12:30 AM

අල්ලයි මේන් කියලා අයිස්...ගොබ්බ හැත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6693 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site