IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාසල් දරුවෝ මඩුකන්ද වැවේ මසුන් බේරාගනිති

 ( රොමේෂ් මධුෂංඛ)


ජලය නොමැති වීමෙන් මිය යාමට ආසන්නව සිටි මසුන් බේරා ජලය ඇති ළිං තුළට දැමීමේ ක්‍රියාවක නිරත වීමට වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ තරුණ පාසල්  සිසුන් පිරිසක්  පසුගියදා කටයුතු කළේය.  


වවුනියාව මඩුකන්ද වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැවේ ජලය ඉවත් කිරීමට කොන්ත්‍රාත්කරුවන් විසින් පියවර ගැනීම හේතුවෙන් වැවේ ඉතිරි වූ මසුන් ඉතිරි වූ ජලයට වී සිටියද පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් ඉතිරි ජලයද  සිඳී යාම නිසා ඉතිරි මසුන් මිය යාමේ අවදානමක්ව පැවතුණි.


මේ හේතුව නිසාවෙන් මඩුකන්ද ග්‍රාමයේ සිටි තරුණ පාසල් ළමුන් පිරිසක් විසින් මඩුකන්ද වැවේ ඉතිරිව සිටි සියලු මසුන් අල්ලා විශාල බඳුනකට දමා ප්‍රදේශයේ නොසිඳෙන ළිඳකට දැමීමට පියවර ගෙන තිබුණි.


මේ අනුව ලූලන්, කාවයියන්, තෙප්පිලියන්, අංගුට්ටන් , හුන්ගන් ආදි මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා ජලය ඇති ළිඳකට දැමීම ප්‍රදේශවාසීන්ගේද ප්‍රසාදයකට ලක් වූ ක්‍රියාවක් විය

.



අදහස් (12)

පාසල් දරුවෝ මඩුකන්ද වැවේ මසුන් බේරාගනිති

ලහිරු ජයකොඩි Tuesday, 04 September 2018 05:56 AM

වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ තරුණ පාසල් සිසුන් කළ මේ සත් ක්‍රියාව අපේ අනෙක් දරුවනුත් ආදර්ශයට ගන්නවා නම් ඉතා වටිනවා.

:       1       212

ravi Tuesday, 04 September 2018 06:21 AM

හරි හොඳ වැඩක් , මේ මාළු ජීවත්වුනොත් තමයි. තවත් මාළු වැඩිවෙන්නේ. බුද්දිමත්.

:       0       103

nirupa Tuesday, 04 September 2018 07:26 AM

සාධු සාධු සාධු

:       11       104

රසික Tuesday, 04 September 2018 08:07 AM

නිියමයි

:       0       31

lankaputha Tuesday, 04 September 2018 09:08 AM

ලිඳක සිටිය හැකි උපරිම මසුන් ප්‍රමාණය ඇත. වැඩි වූ විට සිදුවන්නේ ලිඳ භාවිත කල නොහැකි තරමට අපිරිසිදු වී සියලුම මසුන් මැරී යාමයි

:       11       105

දිමුත් Tuesday, 04 September 2018 09:10 AM

වටින වැඩක්. ඒත් ඔය ලිඳේ ඒ මාලුන්ට කන්න ආහාර තියෙනවාද?

:       7       209

NUWAN Tuesday, 04 September 2018 09:25 AM

මම අදහන ධර්මයට අනුව මෙය මහා පුණ්‍ය කර්මයකි.

:       0       25

Uditha - Abu Dhabi Tuesday, 04 September 2018 09:48 AM

උපදින හැම අාත්මෙකටම අත්වෙන මහත් වූ පිනක්... හැම ජීවිතයක්ම වටිනවා.. සතාට උගේ ජීවිතේ වටිනවා.. ජීවිතයක් යම් කරදරේකින්ම මුදා ගන්න කළ පින හුගක් වටිනා දෙයක්....

:       115       207

mohamad saleeth Tuesday, 04 September 2018 10:01 AM

හොඳ යහපත් ක්‍රියාවක් ඔබ සියලු දෙනාට අල්ලාහ් දෙවි පිහිටයි.....

:       108       117

Raveendra Tuesday, 04 September 2018 10:59 AM

බොහොම වටිනා සත් ක්‍රියාවක්. පුතේ නුඹලාට මෙලොවදීම මේ රැස්කළ පින් වලින් ඔබලාගේ ජිවිතවලට හොදක් මිස අවැඩක් නොවෙන බව ස්ථිරය...

:       106       205

mahin Tuesday, 04 September 2018 12:32 PM

මම අහල තියන විදියට මෙවෙනි මාළුන්ට ජලය නොතිබුනත් මඩ යටට වී කාලයක් ජීවත් විය හැකිය බොහෝ අප්‍රිකානු රටවල මෙය සිදුවන දෙයකි. මේ මසුන් ඊළඟ වැස්සට වැව පිරෙන තුරු මඩ යටට වී සිට නැවත මතුපිටට පිවිසෙයි. නමුත් මෙසේ කුඩා බිම් ප්‍රමාණයකට කොටු වූ පසු වෙනත් සතුන් සහ මිනිසුන්ගේ ආහාරයට ගොදුරු වීමේ අවදානම ඇත.

:       52       16

ධනුෂ්ක Wednesday, 05 September 2018 08:18 AM

පාසලේ දහය වසරට එද්දිම කොහේ හරි අගු පිලකට රිංගලා මත් පෙත්තක්, දුන්කොල කෑල්ලක්, බීඩියක්, බොන්න පුරුදුවෙලා ඉන්න සමාජයක මෙවැනි යහපත් වැඩ මහත් ඉහළින් අගය කල යුතුයි. එය ගමක, පාසලක දෙමාපියන් එකතුවෙලා කල යුතු වැඩක් මොකද අද පාසල් යන පිරිමි ළමුන්ගෙන් 50%ට වඩා ඉහත දුසිරිතට අැබ්බැහි වෙලා ඉන්නේ. දරුවා සමජයේ වැඩිපුර දක්නට අැති පැත්තට තමා අනුවර්ථනය වෙන්නේ. එ් නිසා යහපත අගය කල යුතුයි. හැබැයි දරුවනේ මේ මාළු වතුර නැතිව පොලොව යට වසරක් දෙකක් ඉන්න පුලුවන් වෙන විදියට අනුවර්ථනය වෙන මාළු. වතුර අාවම අය උඩට එනවා. මේ ලිඳේ උන්ට අාහාර හා ඔක්සිජන් ගැටළුවක් එයි. මොනා වුනත් ඔබගේ චේතනාව යහපත්.

:       0       139

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18718 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site