පුත්තලම - ජුඩ් සමන්ත.
බක් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වී සිටි උවැසි උවැසියන් සදහා බුදු පිළිම වහන්සේලා සියක් නමක් පරිත්‍යාග කිරීමේ වැඩ සටහනක් 31 වැනිදා දහවල් හලාවත - ආරච්චිකට්ටුව,කරුක්කුලිය, ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානයේදී සිදු විය.
මළලසේකර පදනම සහ ගුණ ජය සතුට පදනම මේ සදහා අනුග්‍රහය ලබා දී තිබුණි. හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජන් කුමාරපේලි මහතාගේ උපදෙස් අනුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් වැඩ සටහන සංවිධානය කර
තිබුණි.
සෑම පොහොය දිනකම දුෂ්කර ප්‍රදේශයක පිහිටි විහාරස්තානයක පෙහෙවස් සමාදම් වී ඇති උවැසි උවැසියන් වෙනුවෙන් බුදු පිළිම වහන්සේලා සියක් නමක් ප්‍රධානය කිරීම මළලසේකර පදනම සහ ජය සතුට පදනම විසින්
කරගෙන එයි.එම වැඩ සටහනට අනුව බක් පොහොය දිනයේ කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේ පෙහෙවස් සමාදම්වී සිටි උවැසි උවැසියන් සඳහා පිළිම වහන්සේලා බෙදා දීම සිදු කරන ලදි.
උවැසි උවැසියන් සදහා බෙදා දුන් පිළිමවහන්සේලා කරුක්කුලිය ගම්මානය මැදින් දර්ශණීය පෙරහැරකින් වැඩම කිරීම සිදු කරන ලදි.
හලාවත - පුත්තලම දෙදිසාවේ ලේඛකාධිකාරී ජයතිලකාරාමාධිපති පුජ්‍ය නවදන්කුලමේ මේධානන්ද නායක සවාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුන්‍යකර්මයට හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජිත්
කුමාරපේලි, ආරච්චිකට්ටුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි යන මහත්වරු සහභාගි වී සිටියහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බක් පෝදා බුද්ධ ප්‍රතිමා පූජාකිරීමේ පින්කමක්
හිරාන් Saturday, 31 March 2018 12:06 PM
යහපත් කටයුත්තක්!!! මේ වාගේම මිනිසුන්ගේ වැළලී යන ගුණ ධර්මත් ගොඩ ගන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි.
Kumar Saturday, 31 March 2018 04:31 PM
බුද්ධ ප්‍රතිමා පූජා කලාම නිවන් යනවද? මම දන්නා බුදු දහමේ ඒ වැනි දෙයක් නැතිවග ලියන්න තිබෙන්නේ. ඒ වැනි දෙයට වැය කරන මුදලින් අසරණයන්ට පිහිටවෙන එක තමා හොද. මම ඉන්න කැලිෆෝර්නියාවේ සමහර නගරවල සැමදාම තුන් වේලම කෑම දෙන දන්සල් තිබෙනවා. ඒ සියල්ලම කරන්නේ සම්මාදම් කළ මුදලින්.
manjuMonday, 02 April 2018 04:25 AM
දන්සැල් දාලා නිවන් ගිය අය කැලිපෝනියාවේ ඉන්නවද?
ලපයා Monday, 02 April 2018 06:21 AM
බුද්ධ ප්‍රතිමා පූජා කලාම නිවන් යනවද? නැහැ පත්තු කරන්නේ යන්නේ. දන්නේ නැති නම් පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙක්ගෙන් අහගන්න. එ්කත් බැරිනම් පොතක් පතක් බලලා ඉගෙන ගන්න... බුදු දහමට නිගා කරන්නේ නැතුව.
KumarTuesday, 03 April 2018 04:13 AM
මම උපතින් බෞද්ධයෙක් විතරක් නොවෙයි සිතිනුත් බෞද්දයෙක්. ඒ හේතුව නිස මම මේක ලිව්වේ. මේ පැත්තේ නොයන විහාරයක් නැ. මගේ ලග බොරු සෝබන නෑ. දාන සීල භාවනා කියන එකේ බුදු පිළිම පූජා තියනවද?
nilu Monday, 02 April 2018 01:10 PM
මෙය බුද්දාගමේ එක පැත්තක්-ආමිස පුජාව. අනෙක් පැත්ත තමයි ප්‍රතිපත්ති පුජාව. කැලිෆෝර්නිය කතාව ඇත්ත වුනත් ඒවා දන්සල් නොවෙයි. එම රටේ ඉන්න වීදි මිනිස්සුන්ට (homeless ) තමයි ඔහොම කෑම දෙන්නේ. මුළු ඇමරිකාවම එහෙම කෑම දෙනවා. බුද්ධාගමේ වැඩිදියුණුව සදහා බුදුපිළිම පුජා වැනි වැඩසටහන් කළයුතුව ඇත.
Nalaka Saturday, 31 March 2018 08:57 PM
දැන් ලංකාවේ බොහොමයක් කටයුතු සිද්ධ වෙන්නේ සෝබනයට. මිට වසර 30 විතර පෙර මේවගේ විකාර තිබුනේ නැහැ.
Siri Sunday, 01 April 2018 12:05 PM
ඔය එක ප්‍රතිමාවක් කීයක් වුනාද?
Kumar Tuesday, 03 April 2018 03:50 AM
ආපු කෙනෙක් මෙ පැත්තේ නෑ., ලංකාවේ ඉන්නවද ?
Kumar Tuesday, 03 April 2018 04:01 AM
මම ඉන්න නගරයේ නම් ඕනෑම කෙනෙකුට අහාර ලබාගන්න හැකිබවකියන්න ඕනේ. ඉන්න නිවසක් නැති අයට අමතරව දිලිදු අය මේ තැනට යනවා.