IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ආසියාවේ රිදී සීනුව යන විරුදාවලියෙන් පිදුම් ලද දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියසදී අද(8) පැවැත්විණි. 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිරුවට ප්‍රථමයෙන් පුෂ්පෝහාර දැක්වූ අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත , ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරු එක්ව පිළිරුවට මල්දමක් පැළඳවීය. 
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීහු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

 

 



අදහස් (15)

බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ

Muhan Monday, 08 January 2018 07:22 AM

බණ්ඩාරනායක මැතිතුමා යුගපුරුෂයෙක්... එතුමා කල සමාජ විප්ලවය මේ රටේ ඉදිරි ගමනට රුකුල් වුණා. අපි එතුමාට අපගේ හිස නමා ආචාර කරනවා. ඡන්දෙ කාලෙට කලගුණ සලකන්න කියා මිනිසුන්ට කියමින් බණ්ඩාරනායක මැතිතුමා බිහිකළ පක්ෂයෙන් දෙපාරක්ම ජනාධිපති වූ පුද්ගලයා මෙම සැමරුමේ නැතිවීමෙන් එයාගේ කලගුණ සැලකීමේ තරම රටට හොඳට පේනවා.

:       707       532

siri Monday, 08 January 2018 10:18 AM

බණ්ඩාරනායක ප්‍රතිපත්ති දෙකට බෙදාගෙන බලය ලබා ගන්න පමණක් ඇනකොටා ගන්න තරම් එතුමා සිදුකල වෙනස බලවත් එහෙනම්? අවුල තියෙන්නේ ඒ ප්‍රතිපත්ති මේ කවුරුවත් දන්නෙත් නැති එම ප්‍රතිපත්ති මොනවාද කියා දැනගන්න ඒ කිසිවෙකුට උවමනාවක්වත් නැති එකයි.

:       0       48

sujeewa Monday, 08 January 2018 10:31 AM

ඇත්ත කතාව එය නොව... රටට යුද්ධයක් ඇතිකිරීම පිළිබඳව,1948 සිට 2005 දක්වා කාලය තුල රට පාලනය කල සියලු නායකයින් වගකීම බාරගතයුතුයි. 2005 දී ඡන්ද පොරොන්දුවක් දී, රටට සාමය ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනතාවට කලගුණ සැලකූ නමුත්, රටේ ජනතාව වන අප, 2015 දී, රටටත් අපරාදයක් කළා පමණක් නොව, එම යුග පුරුෂයා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම මගින්, තුච්ඡ ලෙස ක්‍රියා කළෙමු. දැන් අපට නැවතත්, වරද නිවැරදි කර ගැනීමට අවකාශ ලැබී ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අප රටට කීර්තියක් ලබාදුන්, ශ්‍රේෂ්ට කාන්තාවකි. නමුත්, බණ්ඩාරනායක මහතාගේ දියණිය, චන්ද්‍රිකා මහත්මිය රටට දායදයක්ද නැතහොත් බරක්ද යන්න පාඨක ඔබ තීරණය කරන්න.

:       801       1177

Sathyayaa Monday, 08 January 2018 11:31 AM

අන්තිම ඡායාරූපයේ මල් මාලය දාන මැද ඉන්න පුද්ගලයාට හරිම සතුටු ඇති.... ජීවිතයේ කවදාවත් මේ තරම් උසකට ඔසවනු ලබන්න වාසනාව ලැබුණු එක ගැන. සමහර විට හීන දකිනවා ඇති බණ්ඩාරනායකලා ඉතිහාසයට තල්ලු කරලා හෙට දිනයේ හැකිනම් බණ්ඩාරනායක විරෝධී පොහොට්ටු නඩයට එකතු වෙන්න.

:       224       53

kap Monday, 08 January 2018 11:52 AM

මෙයා තමයි සාමාන්‍ය ජනතාවට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ හැකියාව නැති කරලා, මෝඩයො කරලා, තමන්ගේ ළමයින්ට ලොකු ඉස්කෝල, එංගලන්තේ, ප්‍රන්සෙ විශ්ව විද්‍යාලවලට යන්න සෙට් කරලා අනාගත නායකත්වයට සෙට් කරේ. ඒ වගේම සිංහල පමණයි කියලා දෙයක් පටන් අරන් ජාතිවාදෙ ඇති කරේ...

:       31       429

SathyayaaMonday, 08 January 2018 03:25 PM

ඉංග්‍රීසි ඉගෙනගෙන ටයි, කෝට් දාගෙන මහා බැංකුවට මහා දවාලේ වැඩේ දුන්න හැටි.... බණ්ඩාරනායක එංගලන්තයෙන් ඇවිල්ල වැල්ලම්පිටියේදී මෝහන්දාස් මහත්මයාගේ ගෙදරදී ටයි කෝට් ගිනි තියල ජාතික ඇඳුම ඇන්දා. වැළලී යමින් තිබුණු දේශීයකමට හා බුදු දහමට නිසි තැන ලබා දුන්නා. විදුදය හා විදුලකර පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත්කර ගම්බද තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබන්න ඉඩ කඩ සලසා දුන්නා. ජාත්‍යන්තරව නොබැඳුණු රටක් බවට පත් කළා. අන්තිමට නුඹලා වැනි කළගුණ නොදත් මිනිසුන් වෙනුවෙන් ජීවිතය වෙඩි උණ්ඩයකට පිදුවා. දරුවෝ පිටරට අධ්‍යාපනයට ගියේ ඒ මහතා මියගොස් වසර ගණනකට පසුයි. අන්තිමට දේශපාලනය නිසා ඉඩ කඩම් විකුණන්න වුණා. ගේදොර උගස් තිබ්බා. ඔබලා වන්දනා කරන හිටපු පාලකයා ඒවටත් හරියන්න හම්බ කර ගත්ත මයිල් ගහකට වත් හානි නොකර ගෙන... දැන් ඔබට සතුටුද?

:       1537       373

මනෝජ් Monday, 08 January 2018 12:45 PM

මගේ මතය නම් මෙතුමා කරපු සමහර දේවල් නිසා අපේ රට ආපසට ගිහින් කියලා. අපේ රටේ තිබ්බ ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිවුණා. සී.ටී.බී. එක නිසා රටට පාඩුවුණු මිසක් ලාභයක් නැහැ. සමහර දේවල් රජයට පවරා නොගෙන හිටියා නම් හොඳයි වගේ....

:       258       155

janatha anuraMonday, 08 January 2018 07:50 PM

මේ කියන්නේ නිදහස ලබල සියවසකට පස්සෙත් කළු සුද්දෙක් වෙන්න හිතන හැටි සිංහල භාෂාව සිංහල කම අපේ කම රැක දුන් බණ්ඩාරනායක තුමන් ....නොහිටින්න කලුසුද්දෝ අපි නැති කරලා හමාර යි...............

:       0       15

jayasena Monday, 08 January 2018 02:42 PM

කැප් සහ මනෝජ් කියන කතා හරියටම හරි. ජාත්‍යන්තරයට පුළුවන්කම තිබුණු දක්ෂයෝ කී දෙනෙක් එතුමා අනාථ කළාද?

:       202       138

janatha anura Monday, 08 January 2018 07:40 PM

පණ්ඩිත කතා ඇති අපි අද මෙහෙම ඔලුව උස්සල ඉන්නේ එතුමා නිසා...........

:       64       32

s w ar dee Monday, 08 January 2018 07:44 PM

යු අන් පි යට ත උස්සන සහ මගේ පක්ෂය පාවා දුන් අය මට මල් මාලා දමා තවදුරටත් මගේ ජනතාව මුල නොකරපල්ලා....................

:       0       42

ලුම්බිණි Tuesday, 09 January 2018 02:26 AM

බණ්ඩාරනායක මැතිතුමා හොඳ දේවල් කළා මෙන්ම 'සිංහල පමණයි' කියන ප්‍රතිපත්තියෙන් රටට ලොකු හානියක් කළා. සමහර හොඳ දේවල් කරපු විදිය වැරදි නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති උනා. විදුදය හා විදුලකර පිරිවෙන් නිසා බුදුදහමට ඇති උන සේවය නැති උනා. හාමුදුරුවරුන්ට රජයේ රැකියා දීම තුළින් උනේ හොඳක් නොවෙයි.

:       11       7

janatha anura Tuesday, 09 January 2018 03:06 AM

රිදී සීනුව අලියාගේ කරේ බැඳීමට හවුල් වූ එකෙකුවත් මට මල් මාලා දැමිය යුතු නැහැ කියා එතුමා කියනු ඇත..................

:       1       34

janatha anura Tuesday, 09 January 2018 03:11 AM

සිරිමාවෝ මේ රටේ දුප්පත් ජනතාවගේ දරුවන්ට මොරටුව සරසවිය බිහි කලා සමගි පෙරමුණ රජය පැමිණි වහාම මාතර රාහුලයේ සිසුන් කළ ඉල්ලීමට කතරගම සිදු වූ අපරාදයට මුල් උන අයට සමාව දුන්නේ නැහැ අයුක්තියට පිටු පෑව ඉන්දිය ඇතුළු ලෝක නායකයන් ගේ ඉමහත් ගෞරවයට පත් වුණා.

:       0       1

Sunil Tuesday, 09 January 2018 08:32 AM

අනේ මේ රිදී සීනුවට අද පන තිබුනා නම් මෙතෙන පෙනී ඉන්න කීදෙනෙක් කඩුවක් අරගෙන පන්න ගනීවිද?

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site