IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බණපොතට ඉසුඹු දී කුඹුරට බසිති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

වසර ගණනාවක් තිස්සේ පුරන්ව තිබූ කුඹුරු යායක් අස්වැද්දීමට නාත්තන්ඩිය වීරහේන විහාරස්ථානයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ දිනවල  කටයුතු කරති.

විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නිවන්දම ධම්මිස්සර ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම හා අනුශාසකත්වයෙන් මෙය ක්‍රියාවට නැංවීම සිදුවේ.

 විහාරස්ථානය සතු  අක්කර දහයක පමණ කුඹුරු යායක් මෙසේ අස්වැද්දිමට කටයුතු කර  ඇති අතර මේ වන විට අක්කර තුන හමාරක් පමණ  එම ප්‍රදේශයේ මූලික බිම් සකස් කිරීම අවසන් කර තිබේ.

 විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා සහ එහි අධ්‍යාපනය හදාරන සිසුන් මේ  දිනවල කුඹුරුඅස්වැද්දීමේ කටයුතුවල නිරත වෙති.

දිවයින පුරා පිහිටි පුරන් කුඹුරු අස්වැද්දීමේ කටයුතු සිදු වන බවත් සෙසු අයටත් මේ සම්බන්ධව උනන්දුවක් උවමනාවක් ඇති වන අයුරින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කළ බව විහාරාධිපති නිවන්දම ධම්මිස්සර ස්වාමීන් වහන්සේ පැවසූහ.

 



අදහස් (16)

බණපොතට ඉසුඹු දී කුඹුරට බසිති

Nuwan Sunday, 18 October 2020 07:13 AM

අක්කර 10 පන්සලට ඉතුරුවෙලා තියෙන එකත් පුදුමයක්. ඔය පැත්තේ අරාබි සිහින දකින කට්ටිය නැහැ වගේ..

:       0       0

අසේල Sunday, 18 October 2020 07:18 AM

සාදු සාදු... ථේරපුත්තාභය හාමුදුරුවන් ගිය මග යන අපේ පරපුරේ හිමිවරු. චිරං ජයතු බුද්ධ ශාසනං...

:       0       0

sudath kumarasingha Sunday, 18 October 2020 09:38 AM

මේ ස්වාමීන් වහන්සේලා කුඹුරු කරවන නිසා පොත් කියවන්න වෙලාවක් නැත. ඒ නිසාද කොහෙද කිඹුලාවල ඉදිකළ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය සහ පුස්තකාලය බේකරියක් කළේ..

:       0       0

විජිත් Sunday, 18 October 2020 10:25 AM

මේ 1 වෙනි ඡායාරුපය මගේ සිත්ගත් එකක්. මෙහි සිටින ගිහි දරුවා සමහරවිට මේ සාමනේර හිමිවරුන් මහණ වීමට පෙර, ගිහි ජිවිත ගතකළ කාලේදී ඒ අයගේ මිතුරෙක් වෙන්න ඇති. පාසලේදී කෙලි දෙලෙන් දුවපැනපු සුන්දර කාලය, අමතක වෙලා නැහැ වගේ... සාමනේරවරුන් 3 දෙනාම ඈත යමක් දෙස නෙත් යොමුකරගෙන ඉන්නවා. ඒ දිවිමගේ නිස්සාර යථාර්තය දෙසද? ගිහි දරුවා ඒ සියල්ලන්ටම පිටුපසින් හිඳ හැඟීමකින් තොරව බලා ඉන්නවා..".. මට දුර වැඩියි...." වැනි පසුතැවිල්ලකින් ඔහුව පෙළනවාද...?

:       0       0

Champa Sunday, 18 October 2020 11:04 AM

කෝ මේ ගමේ දායකයන්, තරුණයන් එහෙම නැත්ද මේ උතුම් කාර්යයට උදව්වක් දෙන්න?

:       0       1

nimal Sunday, 18 October 2020 11:52 AM

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සත්‍ය වශයෙන්ම මඩට බැස කුඹුරු යායක් අස්වැද්දීමට උත්සාහ කරන මේ ඡායාරූප පෙළ සහ සමහර වැඩිහිටි භික්ෂූන් වහන්සේලා මඩට නොබැස ගොඩ සිට මඩ වැඩකරන අවස්ථාද නැතුවා නොවේ...

:       1       0

Chin Sunday, 18 October 2020 02:04 PM

මහණ විය යුත්තේ කුඹුරු කෙටීමට නොව නිවන් ම අවබෝධ කර ගැනීමටයි. කුඹුරු කෙටීමට ඕනෑතමර් ගිහියන් ඇත. විනය පිටකයට අනුව කුඹුරු කෙටීම තබා, ගසක අත්තක්වත් කැඩීමට අවසර නැත.

:       0       4

කමල් Sunday, 18 October 2020 03:16 PM

අහෝ මේ භික්ෂූන් වහන්සේලාද? මේ හිමිවරු ඇයි මේ අකැප දේ කරන්නේ? යම් මහණෙක් පොළොව කණින්නේ නම් හෝ කණවන්නේ නම් එය පඨවි ඛණ ශික්ෂාපදයට අනුව එය පචිති ඇවතක්. යම් මහණෙක් රුක් සිඳීමත් සිඳවීමත් කරන්නේ නම් භූතගාම ශික්ෂාපදයට අනුව එයත් පචිති ඇවතක්. කුඹුරු කරමින් දුසිල්වත් බවට පත්වුණාම තමන් ශාසනයේ පැවිදි වූ කාරණය ඉෂ්ඨ කර ගන්නේ කොහොමද? අනික තව පිරිස් මේ දුසිල්වත් ක්‍රියාව නිසා නොමඟ යනවා.

:       1       4

ලසන්තTuesday, 27 October 2020 07:21 AM

සිදුහත් කුමරු ඉපදී දින ගණනකින් සුද්ධෝදන රජතුමාගේ කුඹුරේ වප්මගුල් උලෙලට රජතුමා ගියේ සිදුහත් කුමරාද සමගය. එම පරිසරයේ පැවති නිදහස් තත්වය නිසා සිදුහත් කුමරා අහසේ සිට භාවනා කලබවක් අසා තියෙනවා. ඒ වගේම ජනතාව කුඹුරු වැඩට දිරි ගැන්වීමට බුදුහිමියන් උපදෙස් දුන්නේ සිවුරු සැකසීමේදී මගධයේ කුඹුරුවල ආකාරයට සිවුරු සකසා ගන්න කියලයි. ඒ අතරම කියන්න කැමතියි කුඩා හිමිවරුන් මේවා කරනවිට ගිහිගේ ගැන කලකිරෙනවා. ඒ නිසාම බණදහම් ඉගෙන ගන්නත් හිතනවා. සිවුරුහැර යන්න නොසිතාවි ඒ නිසා කමල් අපහාස නොකර චුට්ටක් මොළයක් තිබේ නම් කල්පනා කරලා වගකීමෙන් අදහස් ඉදිරිපත් කරන්න...

:       0       0

Clarence de Silva Monday, 19 October 2020 12:31 AM

දරුවන්, දෙමව්පියන් කැමැත්තෙන් මිස පැවිදි නොකළ යුතු බව ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළහ...!!! 

:       2       6

සුනිල් ගීකියනගේ Monday, 19 October 2020 01:06 AM

මෙය ඉතා නරක ආදර්ශයක්.... හාමුදුරුවරු කුඹුරු කොටන්න නෙවෙයි ඉන්නේ. ඒ මදිවට ෆොටෝ ගහලා පත්තරෙත් දානවා. මේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ශිෂ්‍ය භික්ෂූන්ට ලබාදෙන්නේ නරක ආදර්ශයක්... පස්සේ බෙරිහන් දෙනවා තරුණ භික්ෂූන් සිවුරු අරිනවා කියලා...

:       4       4

Dammashetty Kunuwathurabubula - Maha-oya Monday, 19 October 2020 02:52 AM

අනේ කාලේ... වනේ වාසේ.. කිව්වලු නේද හාමුදුරුවනේ... සුවපත් වේවා..!!!

:       2       3

suranga Monday, 19 October 2020 03:24 AM

මොනවද මේ කරන විහිළු සහගත වැඩ...? බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවද හාමුදුරුවන්ට කුඹුරු අස්සද්දන්න කියලා. මීට වඩා හොඳ නැද්ද පාත්‍රයක් අතට දීලා පිණ්ඩපාතය වඩින හැටි පුරුදු පුහුණු කළා නම්... මේවා කවුරුවත් අගය කරන්න එපා. මේව බුද්ධ දේශනාවට සම්පූර්ණ විරුද්ධ වැඩ.

:       1       6

jagath Monday, 19 October 2020 04:41 AM

හරිම ලස්සනයි. ආදර්ශමත් ක්‍රියාවක්.

:       6       3

‍ගීතානි වර්ණසූරිය Monday, 19 October 2020 07:56 AM

මෙය හොඳ ප්‍රවණතාවයක් නොවේ. භික්ෂූන් වහන්සේලාගේ විනයට පටහැනි දෙයකි. ගිහියන් විසින් කළයුතු දෙයකි. මෙවන් දේවල්වලට අනුබල දීමෙන් වළකින්න.

:       6       7

virath Tuesday, 20 October 2020 12:54 AM

ළමයින්ට ඔවුන්ගේ ළමාකාලය දෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31588 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23773 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site