(මහේෂ් කීර්තිරත්න)
මේ දිනවල පවතින අධික වැසි සමඟ මාතලේ යටවත්ත සැලගම පිහිටි ‘බිසෝ ඇල්ල ‘ වසර කිහිපයකට පසු සක්‍රීය වී තිබේ.
මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම දිය ඇල්ල යටවත්ත සීමාවේ නැව්ගල කන්දටත් හුලංගල පර්වතයටත් පිහිටා ඇත.
මාතලේ කුරුණෑගල පාරේ යටවත්ත පසු කර සැලගම මාර්ගයට පැමිණ එතැනින් නිකගොල්ල මාර්ගයේ පැමිණ දිය ඇල්ල නැරඹිය හැකිය.
සැලගම කඳු මුදුනේ ඇති දිය උල්පත්වල ජලය එක්වී අඩි දහසක් පමණ උසැති ගල් පර්වතය මතින් ඇද හැලෙමින් බිසෝ ඇල්ල නිර්මාණය වේ.
වළගම්බා රජ සමයේ සේනාව යුද්ධයට යාමට පිටත්වෙද්දී වළගම්බා රජු සිය බිසෝවරුන් හත්දෙනෙකු ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පර්වත මුදුනේ සඟවා සිටි බවත් , තමන් යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් සුදු කොඩියක්ද, පැරදුණහොත් රතු කොඩියක්ද ලෙළ දෙනු ඇති බවත්, පවසා යුද පිණිස පිටව ගිය බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.
අනතුරුව රජු යුද්ධය දිනා පැමිණෙද්දී කුමන්ත්‍රණකරුවන් පිරිසක් සුදු වෙනුවට රතු කොඩියක් දමා ඇති බවත් එය දුටු සොවින් බිසෝවරුන් මෙම ඇල්ලෙන් පැන දිවි නසාගත් ජනප්‍රවාදයේ සඳහන් බවඓතිහාසික මාතලේ ග්‍රන්ථයේද සඳහන්ව තිබේ.
ඒ අනුව මෙයට බිසෝවරුන් පැන්න ඇල්ල, බිසෝ ඇල්ල යනුවෙන් නම ලැබී ඇතැයි ද කියැවේ.
බිසෝවරුන්ගෙන් ගලා ගිය රුධිරය කිලෝමීටර කීපයක් ඈතින් එකතු වූ බවත් එතැන ‘රතලේ වැව‘ ලෙස නම් ලැබූ බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බිසෝඇල්ල සක්‍රීය වෙයි
shafa Monday, 23 December 2019 11:54 AM
කොතරම් අලංකාර සම්පත් පිරි රටක් වුණත් පිරිසක් කුමන්ත්‍රණ කරන්නයි, තව පිරිසක් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඉතා මෝඩ විදියට ඒ කුමන්ත්‍රණ වලට අහුවෙන්නයි අපි එදා ඉඳන්ම ප්‍රසිද්ධයි.
Champa Monday, 23 December 2019 02:28 PM
මොන තරම් ලස්සන රටක්ද? කොහොම ඉන්න තිබ්බ රටක්ද? සුද්දගේ වහල් භාවයෙන් මිදුණු දවසේ ඉඳන් ලෝකෙට ණය වෙලා තමන්ගේම කියලා කිසිම ආර්ථික හෝ සමාජමය ප්‍රතිපත්තියක් නැතුව රුවල කැඩුණු නැවක් වගේ හතර අතේ පාවී පාවී යන්නේ? අපි මෙහෙම වෙන්න ඕනෙද? කොහෙත්ම නැහැ. අපිට හොඳට නැගිටින්න පුළුවන්. පාලකයින්ගේ නොදන්නාකම නිසා තමයි අවුරුදු 71ක් ගිහිල්ලත් රටට යන එන මං නැති වෙලා තියෙන්නේ. මේ පාරත් එහෙමයි.
Truth Behind Tuesday, 24 December 2019 01:04 AM
මේක පාලකයන්න්ගේ නොදන්නාකම නිසා නොවේ උවූන්ගේ තියෙන හොරකම සහ කෑදරකම නිසා, නීතියක් නොමැතිකම නිසා මෙරටේ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පාලකයන් ඉඩතියලා නෑ මේක උතුරු කොරියාවට දෙවෙනි නෑ
shafeek Tuesday, 24 December 2019 04:24 AM
ගාල්ලේ පැත්තෙත් තියෙනවද බිසෝ ඇල්ලක්
ජහුටා Tuesday, 24 December 2019 02:04 PM
මේ පොටෝස් ෆේස්බුක් එකේ ගියපු පොටෝස් ටිකක්.
rana Wednesday, 25 December 2019 04:29 AM
ඉන් සැලුණු ගම "සැලගම" බවද සඳහන් .