IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මට්ටු නොවන ජල්ලි කට්ටු

( රොමේෂ් මධුෂංඛ / සිතුම් චතුරංග)

ගවයාට මහත් සේ හිංසාකාරී වූ පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට ලක් වූ ජල්ලිකට්ටු ක්‍රීඩාව තයිපොන්ගල් සමය හේතුවෙන් මේ දිනවල උතුරේ ස්ථාන කිහිපයකදී දැකගන්නට ඇති අතර එම ක්‍රීඩාවට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී ඇත.

ජල්ලි කට්ටු ක්‍රීඩාව යනු ගවයින් සමඟ පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් කරනු ලබන ඉතා අවදානම් සහගත ක්‍රීඩාවකි.

ජල්ලි කට්ටු ක්‍රීඩාවේදී වරෙක ගවයා බිම ඇද වැටීමෙන් මිය යාම හෝ තුවාල ලැබීම සිදු විය හැකි අතර ඊට වඩා සිදුවන්නේ ගවයා හඹා යමින් ජල්ලි කට්ටු ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයින් තුවාල ලැබීම හෝ මිය යාමයි.

දිව යන ගවයාට පෑගී හෝ ගවයා පසුපස දිවීම නිසා බිම ඇදවැටෙන පිරිස ඊට වඩා විශාලය මේ නිසා ජල්ලි කට්ටු ක්‍රීඩාව බොහෝ රටවල තහනම් කොට ඇති ක්‍රීඩාවකි.

ගවයාගේ අංවලට වැදීම නිසා ගවයා පසුපස එළවන පිරිසගේ ඇස්වලට අනතුරු සිදුවීම ඉතා බහුල ලෙස සිදුවන්නක් වන අතරම ශ්‍රී ලංකාවේ ජල්ලි කට්ටු ක්‍රීඩාව තහනම් නැතත් මුදලට ඔට්ටු අල්ලා ජල්ලි කට්ටු ක්‍රීඩාවන් පැවැත්වීම තහනම්ය.

මේ දිනවල කිළිනොච්චිය පෙරිය පරන්තන් ක්‍රීඩාංගනය ආසන්නයට තරුණයින් පිරිසක් එකව ජල්ලි කට්ටු ක්‍රීඩාවට යෙදෙන අතරම යාපනය දිස්ත්‍රීක්කයේදී ස්ථාන කිහිපයක ජල්ලි කට්ටු ක්‍රීඩාව පැවත්වීමට පියවර ගෙන ඇත

ජල්ලි කට්ටු  ක්‍රීඩාවට විරෝධය පලකරන බොහෝ පිරිස් කියා සිටින්නේ සූදුවට ඇබ්බැහි වී සිටින ඇතම් තරුණයින් නිකරුණේ තුවාල සිදු කරගැනීම හෝ මරණයට පත් වීම සිදු විය හැකි බවත් දේවත්වයෙන් සලකන ගවයාට හිංසා කිරීම අනුමත කළ නොහැකි බවත්ය.

 

 

 

 

 



අදහස් (20)

මට්ටු නොවන ජල්ලි කට්ටු

සපුමල් බණ්ඩාර Wednesday, 17 January 2018 07:54 AM

මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මැතිතුමනි, මේ ම්ලේච්ච ක්‍රීඩාව වහාම තහනම් කරන්න​.

:       461       842

සපුමල් බණ්ඩාර​Wednesday, 17 January 2018 11:29 AM

මගේ කමෙන්ට් එකට අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ ගොංපොර වලට ඔට්ටු අල්ලන කට්ටියද​?

:       140       197

GihanFriday, 19 January 2018 12:27 AM

මම හිතන්නේ ඔබ ජල්ලි කට්‍ටු සෙල්ලං කරන ජාතියේ කෙනෙක්ට නිවට වීමට යාම නිසා වෙන්න ඕනේ. ඔහොම ප්‍රශ්නයක් ආවාම දැන් ඒක විසඳන්න සිංහල නායකයෙක් නෑනේ. ඒ අතින් ඔබට වරදක් පටවන්නත් බැහැ.

:       58       3

abaranFriday, 19 January 2018 02:16 AM

නැහැ, ඒ අය තමයි පිටිය මැද්දේ ඕකට මූණ දෙන්නේ....

:       0       0

සපුමල් බණ්ඩාරSunday, 21 January 2018 06:03 AM

හැම දෙයක්ම ජාතිවාදි ඇහැකින් බලන ඔබ වැනි මිනිසුන් සිටින තුරු අපේ රටට අනාගතයක් නෑ ගිහාන්. තමනගේ සිංහල ආරක්‍ෂක නිළධාරියා මරා දැමු අවස්ථාවේ එතුමා හඬා වැටෙමින් එම නිළධාරියාගේ බිරිඳ ඉදිරියේ වැඳ වැටුන හැටි ඔබ දුටුවේ නද්ද​? හෙළයා උනත් ජඩයකුනම් පහර දෙනු. දෙමළා උනත් විරුවෙකුනම් ගරු කරනු.................. කියා නන්ඳා මාලනිය ගයන ගීයක තිබෙනවා.

:       0       52

NissankaSunday, 21 January 2018 06:40 AM

ජල්ලි කට්ටු අල්ලන ජාතියෙයි.., කුකුල්ලු කොටවන ජාතියෙයි වෙනසක් කොහෙද ගිහාන්?

:       0       22

කසුන් වික්‍රමසිංහ Wednesday, 17 January 2018 08:10 AM

කෝ අර එන්ජීඕ හැතිකරේ. අලියෙක් පෙරහැරක ගෙනියනකොට කෑ ගහන අය කෝ. ඔබලාට යාපනේ ඒවා පේන්නේ නැද්ද?

:       10       554

Perakum Wednesday, 17 January 2018 08:13 AM

මෙවැනි ක්‍රීඩා දියුණු යයි පවසන රටවලත් අපි දැක ඇත්තෙමු. මේවා සීලාචාර සමාජයට නොගැලපෙන පහත් අමනෝන්‍ය ක්‍රියාවන්ය. ජාත්‍යන්තර සත්ව අවිහිංසාවාදීන් මේ පිලිබඳ වහා ක්‍රියාත්මක විය යුතුය.

:       3       227

රජින්ද Wednesday, 17 January 2018 08:28 AM

බොදු රටක සත්ව හිංසාව හා ඝාතන, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, හොරකම්, මත්ද්‍රව්‍ය සහ මත්පැන්, අනියම් සම්බන්ධතා වැනි සියලුම පස් පව්ද දිනෙන් දින වර්ධනය වන ආකාරය හද සසලවන සුළුයි. මෙවැනි රටක බොදු දහම තබා මනු දහමවත් ඉතිරිවේ යයි සිතීම මහ විහිළුවකි.

:       4       156

Maleyi doreyi Wednesday, 17 January 2018 08:39 AM

ඉන්දියාවේ මේ වසරේ සිව්දෙනෙක් ජල්ලි කට්ටු කරන්න ගිහින් එලොවගියා...

:       7       63

රවීන්ද්‍ර ඒකනායක Wednesday, 17 January 2018 08:46 AM

ජල්ලි කට්ටු කෙසේ වෙතත්, ගෝත්‍රිකයෝ රැලක් වගේ මට නම් පේන්නේ.

:       32       231

sam Wednesday, 17 January 2018 09:29 AM

හරක්ට වඩා හරක් රැලක්. අහිංසක සත්වයින්ට වද දෙන්නේ.

:       18       188

manoj Wednesday, 17 January 2018 09:30 AM

සත්ව හිංසනය පිටු දකින කණ්ඩායම් මේ දවස්වල නිවාඩු ගිහින් එයාල ආයේ වැඩට එන්නේ පෙරහැර පටන් ගන්න කාලෙට.

:       0       152

රූපසිංහ Wednesday, 17 January 2018 09:48 AM

කෝ අර එන්ජීඕ එකේ අය. අලියෙක් පෙරහැරක ගෙනියන කොට කෑ ගහන අය කෝ. ඔබලාට යාපනේ ඒවා පේන්නේ නැද්ද? සහතික ඇත්ත කසුන්

:       4       135

nuwan Wednesday, 17 January 2018 10:07 AM

කොටියා ඉන්න කාලේ කොහෙද දන්නේ නැහැ ඔය කට්ටුව තිබුනේ නේද?

:       0       221

himal Wednesday, 17 January 2018 10:12 AM

සැබෑ ජල්ලි කට්‍ටු ක්‍රීඩාවේදී ගවයාට හිංසාවක් කෙරෙන්නේ නෑ. ඒ වගේම ඉන්දියාවේ ජල්ලි කට්‍ටු ක්‍රීඩාව තහනම් කරවීමට මූලික වුනේ සත්ව හිමිකම් සංවිධානයක්. ඒක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා තමයි ජන විරෝධතා පවත්වලා තහනම ඉවත් වූයේ... මේ ගොන්පොර ක්‍රීඩාව කියලා වරදවා වටහා ගත යුතු නෑ. ගවයාගේ ආරක්ෂාව තහවුරු වීම සැබෑ ජල්ලි කට්‍ටු ක්‍රීඩාවෙදි අත්‍යවශ්‍යයි.

:       216       63

චුට්බබා Wednesday, 17 January 2018 10:34 AM

"ඔක්කොම ගවයෝ එකනේ... මෙහෙම සෙල්ලම් කරන්නේ..." මේ අයව ගවගාලෙමයි ගස්බඳින්න ඕනේ...

:       20       112

Darshana Wednesday, 17 January 2018 01:07 PM

කකුල් දෙකේ ගවයන්ට වඩා කකුල් හතරේ ගවයෝ හොදයි කියල හිතෙන්නේ මේ වෙලාවටයි...

:       0       77

PA - RA Wednesday, 17 January 2018 01:29 PM

සත්ව හිංසාව යහපාලනයට නවත්වන්න නීති ගේන්න බැරිද ?

:       0       0

sahan Wednesday, 17 January 2018 02:10 PM

අනේ අපේ හිටපු සහ දැන් ඉන්න දෙන්නා මේ අයගෙන් බේරා දෙන්න.

:       0       23

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25360 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23403 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site