වසන්ත චන්ද්‍රපාල
අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජා භුමියේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කිරිමට ආරම්භ කළ කැණීම්වල දෙවැනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ මහා ලෙන දී ආරම්භ කළ අතර මෙම කැණීම් වලදි මධ්‍යම ශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් සොයාගත් බව ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව මහතා පැවසීය.
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්මේන්තුව, සහ ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලය විසින් මෙම කැණීම් ආරම්භ කළ අතර මෙහි පළමු කැණිම 2016 වසරේ ආරම්භ කළ බවත් එයින් තහවුරු වු කරුණු අනුව මෙම කැණිමේ දෙවැනි පියවර ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජීතිස්ස රජු විසින් කරවා ඇති රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ පිහිටා ඇති මහා ලෙනේ ස්ථාන තුනක මෙම කැණීම් කර තිබේ.
මෙම කැණිම්වල මුල් කාලයේ දී මානවයා විසින් තමන්ගේ කටයුතු සඳහා එදිනෙදා භාවිතා කරන ලද ගල් ආයුධ යැයි විශ්වාස කරන ආයුධ කිපයක් මුල් කැණිමේදී හමුවු අතර පසුගියදා ආරම්භ කරන ලද දෙවැනි කැණීම් වලදී තවත් වැදගත් තොරතුරු රැසක් හමුවී තිබේ.
දෙවෙනි කැණීම් වලදී මිනිස් දත්, ආහාරයට ගන්නා ලද සත්වයන්ගේ අස්ථි කොටස්,ආහාරයට ගන්නා ලද කැකුණ ඇට,ආහාරයට ගැනීමට ගෙනා ගොලු බෙල්ලන්ගේ කොටස්, අගුරු, අලු , සර්පයකුගේ අස්ථි කොටස්, සහ ක්ෂුද්‍ර ශිලා මෙවලම් හමුවු බව ද මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව මහතා සඳහන් කළේය.
මෙම කැණිමේදි හමුවු කොටස් මධ්‍යම ශිලා යුගයට අයිත් ඒවා බවට විශ්වාශ කළ හැකි අතර මෙම හමුවී ඇති සාධක සහ පස් රසායනාගාර පරීක්ෂණ වලින් පසුව මෙහි ඉතිහාසය පිළිබඳව තවත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කීය.
2012 රජගල පුරාවිද්‍යා භුමියේ කැණිම් ආරම්භ කළ අතර මෙහිදි ඉපැරැණි නටබුන් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. මෙම කැණීම් වලදී පිළිමගේ, ලහබද්ගේ (භික්ෂුන් වහන්සේලා දානයට පෙර හමුවු ස්ථානය) , ජන්ඨාගරය (භික්ෂුන් වහන්සේලා ඖෂධ පැන් ස්නානය කරන ලද ස්ථානය), දාන ශාලාව, චෙත්‍යය දෙකක් බෝධිගරයක් හමුවි තිබේ.
රජගලතැන්න කන්දට නැගිම සදහා පෙර රජ දවස පැවැති පෙත් මඟ ඒ අයුරින්ම සංරක්ෂණය කර ඇති අතර මේ වෙන විට සෙල්ලපි 80 ක් පමණ සොයා ගෙන ඇත.
මෙම පුජා භුමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා තිබේ. දැනට රජගල පුරාවිද්‍යා භුමියෙන් ඓතිහාසික ස්ථාන 700 හඳුනා ගෙන තිබේ.
මෙම කාර්ය සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පි.බි.මණ්ඩාවල මහතාගේ අධීක්ෂණය යටතේ ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර , මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව. කථිකාචාර්ය ඉනෝජ් කෞශල්‍ය අබේනායක නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නිල්මල්ගොඩ යන මහත්වරුන් ගේ මෙහයවිමෙන් මෙම කාර්ය සිදුවෙමින් පවතී .
මෙවර කැණිම් සඳහා ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලයේ උපකුලපති පුරා විද්‍යාඥ වසන්ත සිංදෙයි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ද විශ්ව විද්‍යාල සිසුන් ද මෙයට සහභාගී වුහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මධ්‍ය ශීලා යුගයට අයත් සාධක රජගලතැන්නෙන්
risvi Friday, 01 June 2018 02:25 AM
නාමුත් මෙම ප්‍රදේශයේ වෙනස් කල නොහැකි අපේ ඉතිහාසයක්ද ඇත
sadis Friday, 01 June 2018 03:54 AM
වැඩිකල් නොගොස්ම මේ බුද්ධ භූමිය බවට තහවුරු වනුඇත!
SasankaFriday, 01 June 2018 08:27 AM
ඒ කොහොමද මධ්‍යම ශිලා යුගයට අයිත් සාධක මගින් බුදුරජාණන්වහන්සේගේ බුද්ධ භූමිය බවට තහවුරු කරන්නේ ?
HerathFriday, 01 June 2018 12:32 PM
බලන් කඩතුරා හැර දෑසේ. එතකොට යුගයත් හරියට හමු වේවි.
wasantha Friday, 01 June 2018 06:04 AM
අපේ ගම ගැන ආඩම්බර
nuwan Friday, 01 June 2018 06:28 AM
උතුරේ, නැගෙනහිර වගේ පැති වල කට්ටිය ඕවා විනාශ කරන්නේ ඒගොල්ලන්ගේ මෑත ඉතිහාසේ විතරක් පෙන්වන්න.
rasika Friday, 01 June 2018 09:20 PM
මේවයේ වටිනාකම් බොහොමයි. මේවා ආරක්ෂා කරන්න ඕනේ ජාතික උරුමයක් විදියට. මේවා එක ජාතියකට ආගමකට අයිති නැ. මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම අයිතියි. තමන් අදහන අාගම දර්ශනය කුමක් වුනත්, මේ පෞරාණික අපේ උරුමය රැක ගන්න ඕනේ. නමුත් කියන්න කණගාටුයි, ලංකාවේ නොමග ගිය සුළු මුස්ලිම් පිරිසක් මේවා විනස කරනවා, ඉන්දුනීසියාව, මාලදිවයින, බංගලාදේශය වගේ 80% විතර ඉන්න මුස්ලිම් රටවලත් අතීත බෞද්ධ උරුමයන් අරක්ෂා කරනවා ජාතික උරුමයන් විදියට. ඒත් ලංකාවේ මේ විනාසය නැති කරන්න සාමාන්‍ය මුස්ලිම් ජාතිකයන් ගේ සහ අනෙක් සියලු ජාතීන්ගේ වගකීම. ඒ වගේම නිදන් හොරුන්ගෙන් රැකගන්නත් අපි වග බලා ගන්න ඕනේ. මේවා තුල තියෙනවා ඉතා වටිනා තාක්ෂණික ක්‍රම අපිට අදත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්, දාගැබ ඇතුලේ නොයෙක් වටිනා බීජ වර්ග නිදන් කරලා තියෙනවා, සමහර දේවල් අද වෙනකොට වඳ වෙලා ගිය.. තව බොහෝ දේවල්, බෙහෙත් වර්ග , පැරණි වාරිමාර්ග ක්‍රම.