(රොමේෂ් මධුෂංඛ)
මන්නාරමේ මුහුදු යන ධීවරයින්ට මේ දිනවල එක් මුහුදු මාළු විශේෂයක් අසාමාන්‍ය ලෙසින් හසුවෙමින් ඇති අතර දිනකට මාළු කිලෝ 25,000 කට අධික ප්‍රමාණයක්ද ඉක්මවන බවට මන්නාරම් ධීවරයෝ පවසති.
ගෙවී ගිය දින කිහිපයක සිට මේ දක්වා බෝල්ලු නැමති මුහුදු මාළු විශේෂය මන්නාරම් ධීවරයින්ට අසාමාන්‍ය ලෙස හසු වෙමින් පවතින අතර මේ හේතුවෙන් බෝල්ලු මාළු කිලෝවක් මන්නාරමේදී රුපියල් 150 ත් 200 ත් අතර මුදලකට විකිණීමට හැකිව තිබේ.
බෝල්ලු නැමති මෙම මුහුදු මාළු විශේෂය වැඩි වශයෙන් හසු වීම හේතුවෙන් මේ දිනවල මන්නාරම් ධීවරයින්ගේ ආර්ථිකයටද වාසියක් ඇති අතරම වෙනදා මුහුදු ගමන් ගොස් ගතවන කාලයටත් වඩා දෙගුණයකටත් අඩු කාලයක් තුළදී විශාල මාළු තොගයක් ලැබීම හේතුවෙන් මන්නාරම් ධීවරයින්ට මහත් අස්වැසිල්ලක් වී ඇත.
මේ අතර මන්නාරම් ධීවරයින් වැඩි දුරටත් කියා සිටියේ මෙම මුහුදු මාළු විශේෂය ගැන ඉන්දීය ධීවරයින් දැන ගන්නේ නම් ඔවුන් ට්‍රෝලර් යාත්‍රා වලින් පැමිණ සිදු කරන මසුන් ඇල්ලීමේ ක්‍රමය මගින් තමන්ගේ මාළු ඉල්ලම නැති කිරීමට බොහෝවිට ඉඩකඩ ඇති බවටයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මන්නාරමේ බෝල්ලුන්ට දිවි එපාවෙයි
Nalin Jayatissa Tuesday, 30 January 2018 10:26 AM
මේ පුවත ඉන්දියන් ධීවරයින් දැනගන්න හොදනැතිනම් පත්තරේ දැම්මේ ඇයි? රට වෙනුවෙන් කට පියාගෙන ඉන්න තිබුනණේ.
කින්ග් කැකිල්ලේ Wednesday, 31 January 2018 12:50 AM
මේ බෝල්ලුන්ට දිවි එපාවෙලා නොවෙයි... උන්ගේ දිවි ධීවරයන් විසින් අහිමිකරලා නේද?