(ඔගස්ටින් ප්‍රනාන්දු)
මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වරන් දේවාලයේ නිකිණි පූජා මහෝත්සවය වෙනුවෙන් කප් සිටුවීමේ පූජාව අද (17) දහවල් 12ට යෙදි තිබූ සුබ මොහොතින් උත්සවාකාරයෙන් යුතුව දේවාලය තුළදී සිදු කෙරුණි.
දේවාලයේ ප්‍රධාන පූජක එස්. පත්මනාභ කුරුක්කල්වරයාගේ ප්‍රධානත්වයෙන් හා දෙදහසකට වැඩි බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කප් සිටුවීම සිදුකෙරිණි. හස්තියෙකු පිට තබා ගෙන පෙරහරකින් කප් ගස දේවාලය තුළට රැගෙන ආ අතර අනතුරුව සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් ආගමික වතාවත් වලින් අනතුරුව පැමිණි කප් සිටුවීම සිදු කෙරිණි.
අදින් (17) පසු දෛනිකව විවිධ පූජාවන් හා පෙරහැර පවත්වමින් මෙම නිකිණි මහෝත්සවය වර්ණවත් වන අතර සැප්තැම්බර් මස 13 වන දිනට යෙදී ඇති පුන් පොහෝ දින දහවල් 12ට හලාවත දැදුරු ඔයේදී දිය කැපීම සිදු කරණු ලබන අතර එම මස 15 වන දින රාත්‍රී 7ට මංගල උත්සවය පැවැත්වීමෙන් පසු මෙම නිකිනි මහෝත්සවය නිමාවට පත්වනු ඇත.
මෙවර මෙම උළෙලට අති විශාල බැතිමකුන් සංඛ්‍යාවක් එකතුවනු ඇතැයි විශ්වාස කරනු ලබන අතර එසේ පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව පිණිස පොලිසිය හා යුද හමුදා රැකවරණය ලබා දෙනු ඇත.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුන්නේශ්වරම් දේවාලයේ කප් සිටුවීමේ පූජාව අද