(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහෝත්සවයේ ගිනි පෑගීමේ මංගල්‍ය සෞඛ්‍ය නීති රීති වලට යටත්ව අද (27) පස්වරුවේ පැවැත්විණි.
වෙනත් වර්ෂවල දී දහසකට ආසන්න බැතිමතුන් පිරිසක් මෙහිදි ගිනි පාගන නමුත් කොරෝනා වයිරසය සමඟ ඇති අවදානම හේතුවෙන් මෙවර ගිනි පෑගිමට එක්වුයේ දේවාලයේ ප්‍රධන කපු මහතා පමණි.
වෙනත් කිසිඳු අයෙකුට මෙවර ගිනි පෑගීම සඳහා එක්වීමට අවස්ථාව සලසා දී නොතිබුණි.
මෙවර මෙම අවස්ථාව නැරඹීමට පැමිණි බැතිමතුන් සංඛ්‍යාවේද විශාල අඩුවක් දැක ගත හැකි විය.
මේ මස 31 වන දින දහවල් ප්‍රධාන රථ පෙරහැර සිදු කරණු ලබන අතර සැප්තැම්බර් මස 1 වැනි දින දහවල් 12 ට හලාවත දැදුරු ඔයේ දී දිය කැපීමේ චාරිත්‍රය සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව පවත්වන බව දේවාලයේ ප්‍රධාන පුජක බ්‍රහ්මසාරි ශ්‍රී පත්මනාභ කුරක්කල්වරයා කීය .
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුන්නේශ්වරම් දේවාලයේ ගිනි පෑගීමේ උත්සවය
බද්රානි Friday, 28 August 2020 08:20 AM
කොහෙවත් තියන ගින්දරත් පාගාගෙන හැමදාම ගින්දරේම තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ... මෙවැනි දේවල් කිසිම ආගම දහමකට අයත් දේවල් නොවෙයි. නුගත් ගෝත්‍රික සමාජයන් විසින් කරන සාම්ප්‍රදායික චාරිත්‍ර. නූගත් මෝඩයින් තමයි මෙවැනි තැන්වලට ගිහින් අතේ තියන තුට්ටු දෙකත් වියදම් කරගෙන මොලේ කුරුවල් කර ගන්නේ... ඒ මෝඩයින්ට නම්, මොනවා කරත් මට කමක් නැහැ. අර අහිංසක සතුන්ගේ බෙලි කපන්නේ නැතිව...
jayasekaraFriday, 28 August 2020 08:42 AM
සහතික ඇත්ත... මාත් පාගලා තියෙනවා යාලුවෝ එක්ක. රෑට ගෙදරින් මාලුත් කාලා.. හාස්කමක් නැහැ. දැන් එළුවන්ගේ බෙලි කපන්නේ නැහැ නේද?