IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මැරුණු අය සමරන්න මහවිරු සොහොන් සරසති

රොමේෂ් මධුසංඛ 

නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දින සැමරුම වෙනුවෙන් උතුරේ මහවිරු සොහොන් ආශ්රිතව   තරුණ තරුණියන් විවිධ සැරසිළි සිදුකරමින් මහවිරු දිනය සැමරීමට සූදානම් වන අයුරු දැකගැනීමට හැකි විය.
 
මේ අතර මුලතිව් විශ්වමඩු තෙරාවිල් මහවිරු සුසාන භූමියද හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුමට සැරසිලි සිදු කරන අතර තේරාවිල් පිවිසුම් දොරටුවේ නිර්මාණය කොට ඇති තොරණ විශේෂ විය. එයට හේතුව වී ඇත්තේ තොරණ යොදා ඇත්තේ ජාතික මහවිරු දිනය යනුවෙන් මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කරණ ලද ජාතික පුෂ්පය වූ නියගලා මලය යොදාගනිමිනි.
 
උතුරු පළාත් ප්රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන කේන්ද්රකර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ඊට අමතරව යාපනය, මුලතිව් හා මන්නාරම දිස්ත්රික්කයන්හි පිහිටි මහවිරු සොහොන් ආශ්රිතවද  සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත.
 
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම වෙනුවෙන් කිසිවෙකුගෙන් අවසරය ලබා ගැනීම අවශ්ය නොවන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශිවඥානම් ශ්රීධරන් මහතා මීට පෙර මාධ්යටද ප්රකාශ කොට ඇත.



අදහස් (10)

මැරුණු අය සමරන්න මහවිරු සොහොන් සරසති

කුමාර් (ගල්ෆ්) Sunday, 26 November 2017 11:20 AM

එල්ටීටීඊ කියන්නේ දෙමළ ජනතාව නොවෙයි. එල්ටීටීඊ කියන්නේ ජාත්‍යන්තර හා ජාතික මට්ටමෙන් තහනම් කර ඇති ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක්... සිංහල මිනිස්සුන්ට වඩා එල්ටීටීඊ එකෙන් දුක් වින්දේ, වැනසුනේ දෙමළ ජනතාවයි. ඉතින් මේ සමරන්න හදන්නේ දෙමළ ජනයාගේ වීරයන් නොවෙයි, දෙමළ ජනයාගේත් මුළු රටේත් සතුරෝ රැලක්. මේ විදිහට ජර්මනියේ හිට්ලර් හා නාසීන් වත් සමරන්න අවසර තිබිය යුතුයි. නමුත් මේ වනතෙක් හිට්ලර් ඇතුළු නාසීන් ජර්මනියේත්, ලෝකයේත් සතුරන් සේ සලකනවා. කොටින්ම හිට්ලර් නමවත් පාවිච්චි කරන්න තහනම්. ඉතින් ඇයි ලංකාවේ රජයට කොන්දක් නැත්තේ මේ ටික තේරුම් ගෙන මේවා නතර කරන්න?

:       2       2213

BamunuarachchiMonday, 27 November 2017 12:38 AM

"ඉතින් ඇයි ලංකාවේ රජයට කොන්දක් නැත්තේ මේ ටික තේරුම් ගෙන මේවා නතර කරන්න?" මේ කොන්දක් නැති උදවිය අහසින් පාත් වුණේ නැත. ක‍ොන්දක් නැති 62 ලක්ෂයක් මේ රජය මෙතනට ගෙනාවා. දැන් ගෙනාපු කවුරුවක්වත් බෙහෙතකටවත් සොයා ගන්න බැරිය" අපියි ගෙනාවේ" කියන්න තරම් කොන්දක් නැත.

:       2       464

gunarathnaMonday, 27 November 2017 03:06 AM

මේවා කරන්නේ සාමාන්‍ය දෙමල ජනතාව නෙමෙයි. දෙමල දේශපාලකයෝ.

:       1       174

HafeelMonday, 27 November 2017 11:20 AM

එ්ක තමයි කියන්නේ ප්‍රභාකරන් වරක් බීබීසී එකට කියා තිබුණා... ඕනෙම විශාල විනාශයක් වුණත් සිංහල ජනතාව උපරිම සති දෙකකින් අමතක කරනවයි කියලා. ලෝකේ කොහෙවත් ත්‍රස්තවාදීන් සමරන්න අවසර දෙන්නම නැහැ. අද උතුරට එක නීතියක්, දකුණට තවත් නීතියක්. හම්බන්තොටදී අධිකරණ නියෝගය කඩ කරයි කියමින් පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ වකවානුවෙම උතුරේ සිවාජිලිංගම්ලා අධිකරණ නියෝගය කඩ කළා. නමුත් ඔවුන් තාම නිදහසේ ත්‍රස්තවාදීන් සමරනවා. ඒ මොහොතේ පොලිස්පති කිව්වා උතුරටත් එකම නීතිය, දකුණටත් එකම නීතිය කියලා.

:       0       122

emerson Sunday, 26 November 2017 03:41 PM

මොකුත් කියන්න බැහැ... සහජීවනේට බාධා වෙනවා. අනිත් එක අපිට රටක් නැති වුණත් හොඳ දේශපාලන අම්බරුවෝ ටිකක් ඉන්නවනේ. රට නැතිව ගියත් ඒ අය රට පාලනය කරන එකනම් අත අරින එකක් නැහැ.

:       2       571

rohan Monday, 27 November 2017 01:46 AM

අපේ සිංහල අම්බරුවෝ ටික දෙනෙකුත් අර අප්‍රේල් මාසයේ සමරන මහසැමරුමත් තහනම් කල යුතුයි.

:       1       197

kasun Monday, 27 November 2017 01:59 AM

එල්ටීටීඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානය විසින් මරාදමන ලද අහිංසක නිරායුධ සිවිල් වැසියන් සමරන්නේ කවුද? කවද්ද?

:       0       446

Thilina Monday, 27 November 2017 09:39 AM

අප වෙනුවෙන් ජීවිත පූජා කල රණවිරුවන් මේවා බලාගෙන කඳුළු සලනවා නියතයි. කෙලෙහි ගුණයක් නොදත් බහුතරයක් ජීවත් වෙන රටක එක අතකින් මේවා අරුමයක් නොවෙයි.

:       0       452

Hafeel Monday, 27 November 2017 11:22 AM

කණගාටුයි,!!! කොළඹ එක්තරා නාලිකාවක් මේකට ප්‍රමුඛත්වය දෙනවා.

:       0       60

pradeep Tuesday, 28 November 2017 08:35 AM

ඔබට සතුටුද දැන්? කොහොමත් ලංකාවේ අපිට ඉස්සරහට තමිල්නාඩු ආණ්ඩුවක් දකින්න පුළුවන් වෙයි. එකනේ දැන්ම තියා අපේ දරුවන්ට දෙමල ඉගෙන ගන්න කියල බලකරලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site