(සුජිත් හේවාජුලිගේ )
වසර 800 කට පමණ පෙර කාලිංග මාඝ ආක්‍රමණයෙන් වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කරගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක්වූ මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය බෞද්ධයන් ඇතුලු සියලු ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා පෙරේදා (5) සිට විවෘත කෙරිණ.
එම පුදබිමේදී විශේෂ පිරිස් සජ්ඣායනයක් පෙරේදා(5) රාත්‍රී පැවැත්විණ. විහාරය ආගමික කටයුතු සඳහා විවෘත කෙරුණේ ඉන් අනතුරුවය.
මෙම පින්කමට වැලිඔය සහ අසිරිමලේ ආරණ්‍ය සේනාසනවලින් වැඩමකළ හතළිස් නමකට අධික මහා සංඝරත්නයද වනජීවී අමාත්‍ය සී බී රත්නායක, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
සද්ධාතිස්ස රජුගේ පුතකුවූ ඛල්ලාඨනාග රජු විසින් ගොඩනගනු ලැබූ බව පැවසෙන කුරුන්දි විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් හමුවූ විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයයි.
ප්‍රසිද්ධ අට්ඨ කථාවක් වන කුරුන්දි අටුවාව රචනා කරනු ලැබ ඇත්තේද මෙම විහාරයේ වැඩ වාසය කළ හිමිනමක් විසිනැයි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ.
තනි කබොක් ගලින් නිමවූ පද්මාකාර චෛත්‍යයක් මෙහි දක්නට ලැබෙන අතර මෙරටින් හමුවූ එවැනි වර්ගයේ එකම නිර්මාණයද මෙය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් මෙම විහාර පරිශ්‍රය බර අවි ස්ථානගත කිරීම සඳහා කලකට පෙර යොදාගනු ලැබ තිබූ බව ආරක්ෂක අංශ පවසයි.
එකම පස් කන්දක් ලෙස පවතින චෛත්‍යය ජගත් සුමතිපාල මහතාගේ මහතාගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේද සහයෝගය ඇතිව ඉස්මතු කරගැනීමට උතුරු පළාතේ සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි හිමිපාණන් වහන්සේ දැඩි කැපවීමකින් කටයුතු කරති.
මෙම විහාරයේ ආගමික කටයුතු පැවැත්වීමට පෙර දින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි පැමිණ විශාල කලබලයක් ඇති කර තිබූ බව උතුරේ ආරංචි මාර්ගවලින් පැවසේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය වන්දනා කරන්න අවසර
කිරි පුතා Monday, 07 February 2022 10:31 AM
වැළලීයන හෙළ බොදු උරුමයන් නැවත පණගැන්වීම ගැන සියලු දෙනාට ජාතිය වෙනුවෙන් උපහාර කරමි...!
සමිත සේනක අලුත්ගමගේ. Monday, 07 February 2022 11:29 AM
සිංහල බෞද්ධ උරුමය රැක ගැනීමට සමත් වූ සැමට ස්තූතියි ... මේ ස්ථානය සැදැහැති ජනතාවට වැඳ පුදා ගැනීමට සැලැස්වීමත් අගය කළ යුතුයි. ඒත්, වෙහෙර විහාර වැඳීමෙන් පමණක් සැබෑ බෞද්ධයන් නිර්මාණය වන්නේ දැයි සිතා බැලිය යුතු කරුණක්. වරක් බුදුරජාණන් වහන්සේ දෙසුවේ " ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන්නා උසස් ලෙස තමන් වහන්සේ පුදන්නා " බවයි. එය එසේ වුවත්, වර්තමානයේ වැඩිපුරම දැකිය හැකි වන්නේ, ධාර්මානු ධර්ම ප්‍රතිපත්තියේ පිහිටීම පසෙක තබා, ආමිස පූජාව පමණක් කරපින්නා ගත් බෞද්ධයින් කොටසක් බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුව පවතී. ආමිස පූජාව හොඳ දෙයකි.ඒත්, සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ඇති වන්නේ, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන සිල්වත්, ගුණවත්, ප්‍රඥාවෙන් හෙබි මිනිසුන් නිසාවෙනි. ඒ බව සැමදෙනා සිහිනුවණින් සිතා බැලිය යුතුයි.
Jiwantha Monday, 07 February 2022 11:51 AM
සාදු සාදු...!! මේ උතුම් කර්තව්‍යයට දායක වූ සියලු දෙනාට උපහාර වේවා..!.
චන්දන Monday, 07 February 2022 12:17 PM
දකුණේ කිසිඳු බාධාවක් නැතිව ඕනෑම ආගමික කටයුත්තක් කරන්න පුළුවන්... එහෙම නම් උතුරට විශේෂයක් වෙන්න බැහැ. දෙමල සන්ධාන නායකයින් එය තේරුම් ගත යුතුයි. දකුණේ මෙහෙම දේශපාලකයින් ආගමික ස්ථානයකට කඩා වැදුණා නම් මෙලහකට ජිනීවා ගිහිල්ලා... මෙම සිද්ධස්ථාන රැකගන්න මහනායක හිමිවරුන් මූලිකත්වය ගත යුතුයි... රජය ප්‍රමුඛ බෞද්ධ ජනතාව මෙම ස්ථාන රැකගැනීමට දායකත්වය දැක්විය යුතුයි...
janahitha Monday, 07 February 2022 12:27 PM
මෙතැන සිට එල්ලකරන ලද බර අවි ප්‍රහාර නිසා මියගිය සොල්දාදුවන්ට පින් පමුණුවමු. එනමුත් ප්‍රභා විසින් මෙම නටබුන් විනාශ කිරීමට කිසිවිටෙක අණදී නොතිබුණි.
චන්දිම ෆොන්සේකාMonday, 07 February 2022 02:19 PM
මෙහෙමයි, ප්‍රභාගේ කාලේ එතන පස් කන්දකින් වැසිලා තිබුණා කියනවනේ. ඒ නිසා ප්‍රභාට ලකුණු දෙන්න ඉක්මන් වෙන්නත් එපා. අනික ප්‍රභා හින්දු නෙමෙයි. කතෝලිකයෙක්... හැබැයි ඔතන දෙමළ ජාතිවාදියෙක් දැක්කා නම් හැරෙන තැපෑලෙන් ඔතනම කෝවිලක් කරවලා බොරු ඉතිහාස කතාවකුත් හදලා ඉවරයි.
sharm warn Monday, 07 February 2022 01:56 PM
මේ ගැන රාසමානික්කම් ප්‍රකාශයක් කරලා තිබුණා... අවුරුදු 100ක් විතර ද්‍රවිඩ ජනතාව වන්දනා කරපු පුදබිමක්ලු කියලා... අපේ පුරාවිද්‍යා කට්ටියගේ කාර්යක්ෂම කමත්, උනන්දුවත් නිසා තමයි මෙවැනි දේවල් සිදුවෙන්නේ. කෝනේෂ්වරම් කෝවිල හදන්න කරපු අපරාධය මෙතැනත් කරන්න උත්සාහ කරන්න ඇති. ලස්සනම කතාව... කෝනේෂ්වරම් කෝවිලේ බිතුසිතුවම් හදලා තියෙනවා... කන්තලේ වැව හැදුවේ දෙමළ රජෙක් කියලා.. පුරාවිද්‍යා කාරයින් උඩබලන් ඉන්නවා.
uk ran Monday, 07 February 2022 03:46 PM
දැන් සර් ෆේල් කියපු කට්ටිය කොහේද දන්නේ නැහැ ඉන්නේ...? වෙන්න ඕනෑ දේ හෙමින් හෙමින් හරි වෙනවා... ඒකට සතුටුයි.
සත්‍ය ගවේෂී.Tuesday, 08 February 2022 07:35 AM
එතැනත් ලකුණු දාගන්න හදන්නේ.මේ වැනි පුරාවිද්‍යාත්මක උරුම රැකීමට රටේ කොයි නායකයාත්,බැඳී සිටිනවා සර් නොහිටියත්,ඒ දේ කිරීමට පුරාවිද්‍යා අංශ බැඳී සිටිනවා.ඒ නිසා අනුවණ කතා කියන්නට එපා.මේ ගැන ක්‍රියාකළ රජයට,පුරාවිද්‍යා ඇතුළු සියලු අංශ වලට ස්තූතියි.
ජනක යාපා අබේවර්ධන Tuesday, 08 February 2022 05:30 PM
උතුරු, නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීමට වත්මන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මා අතිශයින්ම අගය කරමි. එතුමාගේ බෞද්ධ පුනර්ජීවන වැඩ පිළිවෙල සාර්ථක වේවා. බුදුසරණින් හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා..!!!