(ඩයනා උදයංගනී)
මෙරට වැඩිම රථවාහන තදබදයක් පවතින මාර්ගයක් වන මාලබේ සිට පිටකොටුව දක්වා වූ මාර්ගයේ බස් මංතීරු ක‍්‍රමවේදය අද (29) සිට ක්‍රියාත්මක කෙරේ.
එහි පළමු අදියර ලෙස පොල්දූව මංසන්ධියේ (දියත උයන) සිට බොරැල්ල දක්වා කොටසේ උදෑසන 6 සිට 9 දක්වා බස් මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බොරැල්ල මරදාන මාර්ගය මේවන විට පිළිසකර කරමින් පවතින අතර එම කටයුතු නිම වූ පසු නොවැම්බර් මසයේදී බොරැල්ලේ සිට මරදාන දක්වා ද ස්ථාවර බස් මංතීරුවක් ආරම්භ කරන බව අමාත්‍යවරයා කියයි.
නිදහස් මාවතේ සිට තුම්මුල්ල මංසන්දිය දක්වා මාර්ගයේ සවස් කාලයේ දී බස් මංතීරු ක‍්‍රමවේදය ක‍්‍රියාවට නැංවෙන අතර එය ද අද (29) සිට සවස 4.00 - රාත‍්‍රි 7.00 දක්වා ක‍්‍රියාත්මක බව ඇමතිවරයා පවසයි.
මෙම නව මංතීරු ආරම්භ කිරීමේ අවස්ථාව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහභාගීත්වයෙන් අද (29) පොල්දුව මංසන්ධියේ දී පැවැත්විණි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාලබේ-පිටකොටුව බස් මංතීරු ක්‍රමය අද සිට
sachith Tuesday, 29 August 2017 08:11 AM
කොලබ පවතින අධික තදබදයට සුළු පිලියමක් උනත් මේ ගත්ත ක්‍රියාමාර්ගය අගය කරන්න ඕනි. බස් වගේම දුම්රිය වලටත් මේ ප්‍රමුකතවයම ලබා දෙන්න.
ravi Tuesday, 29 August 2017 11:33 AM
එක් දිශාවකට මංතීරු දෙකක් පමණක් ඇති කොටා පාර සහ බොරැල්ල මරදාන වැනි මාර්ග වල මෙම මංතීරු වෙන්කිරීම බස් රථ හැර වෙනත් රථවාහන තදබදය දෙගුණ තෙගුණ වීමට හේතුවකි. විධිමත් පොදු ප්‍රවාහන සේවයක් නැති මෙම මාර්ගයේ ක්‍රියාත්මක වන මෙම මංතීරු ක්‍රමය ඉතාම අනුවණ ක්‍රියාවකි. මංතීරු තුනකින් සමන්විත පාර්ලිමේන්තු මාර්ගයේ නියමු ව්‍යාපෘතියක් සිදුකර ගන්නා ලද මෙම තීරණය ඉතාම මෝඩ තීරණයකි.
Prasanna - saudi arabia Tuesday, 29 August 2017 11:57 AM
ඉතාමත් හොඳ ආරම්භයක්