IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මැසිවිලි නොකියන දිරිය කත

 

 

(විනීතා එම්ගමගේ)

තැපැල් දෙපාර්තමේන්තුවේ  සේවය කරන  අනියම් සේවකයෝ බොහෝ දෙනෙක් සිටිති.

ඔවුන් අතර සිටින එකම කාන්තාව පයාගල හෙම්බරවිල පදිංචිකාරියක වන 60  හැවිරිදි චන්ද්‍රාවතී කඹුරාවිලයි. ඇය ගැන කථාකරන්නට හොදම දවස අද වන්නේ ලෝක තැපැල් දිනය අද (09)  සමරනු බැවිනි. 

පෞද්ගලික ධාවකයන්ගේ රාජකාරිය වන්නේ ප‍්‍රධාන තැපැල් හලෙහි ඇති තැපැල් මලු ඒ ඒ උප තැපැල් කාර්යාලවලට ගෙනයාම හා එම තැපැල් කාර්යලවල ඇති තැපැල් මලු ප‍්‍රධාන තැපැල් කාර්යාලවලට ගෙන ඒම වැනි කටයුතු ය. 

පයාගල ප‍්‍රධාන තැපැල් කාර්යාලයත්, හිරිගල්ගොඩැල්ල, හෙම්බරවිල හා පාලන්ගොඩ උප තැපැල් කාර්යාලවලින් තැපැල් මල්ල රැගෙන විත් පයාගල ප‍්‍රධාන තැපැල් කාර්යාලයට දීමත් පයාගල, තැපැල් කාර්යාලයෙන් එම උපතැපැල් කාර්යාල තුනට යන්නට ඇති තැපැල් මලු ආපසු ඒවාට  ගෙනත් දීමත් චන්ද්‍රාවතීගේ රාජකාරියයි. 

චන්ද්‍රාවතී එක් දරු මවකි. ඇගේ සැමියා ස්ථිර රැකියාවක් නැති එදිනෙදා කුලී වැඩකින් දිවි සරි කර ගන්නා අයෙකි.

ඇය තම රාජකාරිය ගැන මෙන්ම ඇය ගැනත් මෙසේ කීවාය. 
 
‘මගේ දුව හතරෙ පන්තියේ ඉන්න කාලෙ මට මේ රස්සාව ලැබුණේ. මම දුව ශිෂ්‍යත්ව පන්තියට දාලා මේල් එක අරන් යනවා. ආපසු පයාගලින් දෙන මේල් එක අරන් ගිහින් උප තැපැල් කාර්යාල තුනට  දෙනවා. ඒක මට මගේ දරුවාගේ කටයුතු එක්ක කරන්න පුළුවන් නිසා මම ආසාවෙන් කරගෙන ගියා. දැන් අවුරුදු 17 ක් මම මේ රස්සාව කරනවා. 

අපි ඉන්නේ හෙම්බරවිල තැපැල් කන්තෝරුව ඉස්සරහ නිවසක. ඉතින් මම පාපැදියෙන් දුව පන්ති ගෙනයද්දි දවසක් තැපැල් නෝනා කිව්වා තැපැල් මල්ල ගෙනයන්න පුළුවන් ද කියලා. මුලදි අදි මදි කළත් පසුව මම ඒක කරා. අද වනතුරුත් කරනවා.

පස්සෙ මට තේරුණා දරුවත් බලාගෙන මට මේක කරන්න පුඵවන් කියල. ඒ නිසා දිගටම කළා. දැන් දුව උසස් පෙළ කරනවා. මේ අවුරුද්දෙ තුන් වෙනි වතාවේ කළා. මොකද කළින් දෙවතාවෙම එයාට ලකුණු මදි වුණා.

මම අපොස සාමාන්‍ය පෙළ සමත් කෙනෙක්. මගේ ගම මතුගම යටදොල වත්ත. මම කොළඹ සමාගමක කාලයක් සේවය කළා. ඒත් දුව ලැබුණට පස්සේ නැවතුණා. එයා වෙනුවෙන් නැවතුණේ. එදා මෙදා තුර මම මේක කරන්නේ දේව කාරියක් හැටියටයි. මට කවදාවත් කවුරුවත් මගේ රැකියාව අතපසු කළා කියා බැන වැදිල නැහැ. ඒකම මට සතුටක්" ඇය පවසන්නීය.

වසර 17 ක් තිස්සේ මේ රැකියාව කරන ඇයට හිමි වැටුප හෝ දිමනාව කියක් දැයි නිකමට මෙන් මම ඇසිමි. තවමත් රුපියල් 4000 කි.

මාසයක් පුරා තැපැල් කාර්යාල තුනක තැපැල් මලු අදින ඇයට මාසය අන්තිමේ රුපියල් 4000 ක් ප‍්‍රමාණවත් ද ඇය නම් ඒ ගැන කථා කරන්නේ නැත. 

“මට ලැබෙන දෙයින් සතුටු වෙලා මේක කරනවා. මට කරන්න පුළුවන් තාක් කල් මම මේක කරනවා“ ඇය කියයි.

එහෙත් මාසයක් පුරා පරිස්සමින් තැපැල් මල්ල ගෙන ගොස් දෙන්නට ගෙවන මුදල ප‍්‍රමාණවත්ද  නැද්ද යන්න අද දවසේ වියදම අනුව සිතාගත හැකිය.ඇය වැනි නිහඩ සේවාවක් කරන අය ගැන සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටුකරන්නට ලෝක තැපැල් දිනය යෙදෙන මේ සතියේ වත් තැපැල් බලධාරින් පියවර ගත යුතු වුවත් වසර 17 ක් පුරා ඒ ගැන කිසිවකුටත් වගේ වගක් නොතිබිණ.

එහෙත් වසර 17 ක් තිස්සේ කිසිවකුටත්  මැසිවිලි නොකියන චන්ද්‍රාවතී කඹුරාවිල  තැපැල් කාර්යාලයට කඹුරන්නීය.



අදහස් (8)

මැසිවිලි නොකියන දිරිය කත

Raveendra Wednesday, 09 October 2019 09:16 AM

ඔබතුමියගේ කතාව කියවීමේදී අපට ඔබතුමිය ඇතුලේ සිටින අභිමානවත් ඒ කාන්තාව පිළිබදව මහත් ආඩම්බරයක් ඇති උනා.ඔබතුමියගේ සියලු පැතුම් සපල වේවා! දරුවාගේ අනාගතය සාර්ථකවේවා! සෑම දෙයක්ම දියව් දියව් කියන පුවරවැසියන් සිටින සමාජයක දිරිය කාන්තාවක් පිළිබදව දැනගැනීමට හැකිවීම ගැන ලංකාදීපයට ස්තුතිවන්ත වෙන්නෙමු.

:       0       580

nimal Wednesday, 09 October 2019 09:57 AM

අනේ පවු

:       0       3

sharm warn Wednesday, 09 October 2019 11:56 AM

ඔබ වැනි කාන්තාවන් නියම සිංහලකම පෙන්වන අය. ඔබේ නිහතමානි කමත් විශ්වාසවන්ත භාවයත් මුළු රටටම ආදර්ශයක්. හැම දේකටම කොටුවේ පාරවල් හරස් කරගෙන මර හඬ තලන උපාධිධාරීන් ඔබේ නිහඩ ආදර්ශය මහත් ඝෝෂාවක් වෙනු නියතයි. ඔබේ දියණියට දෙවි පිහිටෙන් අයගේ ඉලක්කයට යන්නට ලැබේවා කියා පතනවා සොයුරිය ...

:       0       52

Nuwan Wednesday, 09 October 2019 12:10 PM

ලක්ෂ ගණන් වැටුප ලබා නිවාඩු ලබා ඉනිවාස ණය, කාර් පර්මිට් සේරම ලබමින් නිකන් ඉන්න බොහෝ අලස රජයේ ස්ථිර සේවකයෝ අතරේ ඔබතුමිය වගේ අනියම් නිහඬ සේවකයෙක් මේ සොච්චම් වැටුපට රටට කරන සේවයට හිසනමා ගරු කරමි තෙරුවන් සරණයි

:       0       107

Chathuri Wednesday, 09 October 2019 12:38 PM

නඩේ එකතුවෙලා රටට වැඩක් නොකර වෙඩි නොවදින වාහන, අති සුඛෝපභෝගී වාහන ඇනවුම් කරනවා නොමිලේ වැඩ කරන ජනතාව කකුල් කැඩෙන කම් බයිසිකල් පදින්න ඕනෑ.. සජිත් හෝ අනුර කුමාර මහතාට ඡන්දය දෙන්න. දුප්පතාට වැඩක් කරයි. නැතිනම් බේබිලා ,නෝනලත් සමග රට විනාශ කරයි..

:       38       66

සරනී Wednesday, 09 October 2019 10:56 PM

අනේ චතුරී අනුර මහතා කෙසේවෙතත් සජිත් නම් තාම ගොඩක්ම පොඩි වැඩියි සිතන මතන හා ප්‍රකාශ කරන අන්දම බලනවිට.

:       17       101

janatha anura Thursday, 10 October 2019 03:21 AM

මෙතුමියට වැඩි නොවදින වාහනයක් වැස්සට නොතෙමී යන එකක් දෙන බව රජයෙන් දැනටමත් කියා ඇත..

:       1       11

sharm warnThursday, 10 October 2019 04:05 AM

හා හා හා ... නියම කතාව ..කියලා වැඩක් නැහැ ..චන්දෙ ලග පාත නිසා එහෙමත් කියන්න බැරි නැහැ ...

:       1       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21118 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20373 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 109 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 319 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 166 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site