IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්ද : ගෝඨාභය සෝමාවතීය - දිඹුලාගල වැද පුදා ගනිති

(නාලක සංජීව දහනායක)

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරු අද (19) පෙරවරුවේ දී ඓතිහාසික පොලොන්නරුව සෝමාවතී රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවූහ.

එහිදී ඔවුහු සෝමාවතී රජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ, කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ බැහැදැක ආශීර්වාද ලබාගත්හ.

මේ අතර ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැදපුදාගෙන මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත්හ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් තෙරුවන් වැදපුදා ගැනිමෙන් අනතුරුව වත්මන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් බැහැදැක ආශිර්වාදයද ලබා ගත්තේය.

 (ඡායාරූප - නිමල් ජයරත්න)



අදහස් (14)

මහින්ද : ගෝඨාභය සෝමාවතීය - දිඹුලාගල වැද පුදා ගනිති

Chathuri Thursday, 19 September 2019 11:02 AM

පුදුම වැඳිල්ලක්නේ මේක.., ජනාධිපති තරගෙට එනවා කියලා ජනතාව බලකරන්නේ නැහැනේ. දෙන්නගේම වයස අනුව ටික කාලයකට මහණ වී... හිත සුවපත් කරගන්න. කලින් බලයේ ඉන්නකොට කරපු හොර දූෂිත වැඩවලට. නඩුපිට නඩු බලන්න. කවදාවත් බුදු හිමියන් නරකයින්ට, බොරුකාරයින්ට, ආශිර්වාද කරන්නේ නැහැ. බලය ගන්න කම් ලංකාවේ පන්සල් වටේ යනවා. බලය ලැබුණු ගමන් තිරුපති තමන් හොඳ නම්, දෙවියොත් නමට වඳී.., සුදු අඳින බොහෝ දෙනාගේ යටිහිත නරකාදියක්..

:       793       663

MaheeThursday, 19 September 2019 02:36 PM

චතුරි, දැන් මේ පින්තූර ටික දැක්කාම, ඒ වගේම මේ ගොයියලා එතෙන්දී කරපු කතා ඇහුවාම අපේ කට්ටිය අනේ බුදු හාමුදුරුවෝ පහළ වෙලා කියලා සාදුකාර දෙනවා. සාදුකාර විතරක් නම් මදැයි, ඡන්දෙත් දෙනවා. රට බේරාගත් වීරයා, රනිල්ගේ හොරකම් අල්ලන්න එන ශුද්ධවන්තයා කියල වැඳ වැටෙනවා. එච්චරයි. කවුද දන්නේ රටට එන්න තිබුණු කෝටි ගණනක් ඇවන් ගාඩ් එක මගින් පුද්ගලික සාක්කුවලට ගිය බව, කවුද දන්නේ අපේ සල්ලිවලින් තාත්තගේ සමරු හදපු බව, කවුද දන්නේ පුතයි, ලේලියි නමින් ඇමෙරිකාවේ කෝටි 16ක ගෙවල් ගත් බව, "රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි".

:       162       141

sujeewaThursday, 19 September 2019 04:01 PM

චතුරිටයි, මහීටයි, සිරිමල්ටයි... එකයි කියන්න තියෙන්නේ. මේ ගමන, ජනතාව පිරිවරාගෙන යනවා නෙවේ. ජනතාව සිය කැමැත්තෙන් එකතුවීමක්. ලාංකික ස්වාධීන මාධ්‍ය විශ්වාශ නොකර අපි, මුහුනුපොත, යූ ටියුබ්, රත්තරන් අස්සයෝ, ලම්බෝගිනි, හෙලිකොප්ටර, ඩුබායී $ 18 බිලියන බැංකු ගිණුම් වැනි පච කතා විශ්වාස කරලා, අවුරුදු 4ක්, ඇනගෙන ඉන්නේ. ආයිමත් කියනවා නම් හොඳට ඇනගෙන ඉන්නේ. වැඩිකල් නොගිහින්, රටට නැවතත් හුස්මගන්න පුළුවන් වෙයි. එදාට, චතුරිට තරු පෙනෙයි. මහිට නහින්න වෙයි. සිරිමල්ට, මල් පෙනෙයි.

:       0       0

චමින්දFriday, 20 September 2019 01:28 AM

මේ අපේක්ෂකයාට තියෙන බිය කොතරම්ද කියා 6 වැනි ඡායාරූපයේ හාමුදුරුවන් හිටගෙන කථාකිරීමෙන්ම පේනවා.

:       0       0

sarathFriday, 20 September 2019 09:17 AM

එහෙනම් කළු අඳින නරක සමනලයෙක් වෙලා රටම විකුණමු. ඒවාට කැමති ගොන්නුත් එක්කම...

:       0       0

kanishkaFriday, 20 September 2019 09:19 AM

අපි නම් ඡන්දෙ දෙන්නේ බදුර්දීන්, සම්බන්ධන් උදව් කරන අපේක්ෂකයාට. හොරුන්ට නෙමේ..

:       0       0

sirimal Thursday, 19 September 2019 11:11 AM

කවුද දන්නේ නැහැ පාර පෙන්නුවේ. මිට කලින් මේ මහත්තයට පන්සල් වන්දනාවේ යන්න ඔය තරම් උනන්දුවක් තිබුන බවක් දැක්කේ නැති නිසයි අහන්න හිතුනේ. අයියනම් ඉතින් පටන් ගත්තෙම පන්සලෙන්නේ. ඒඋනාට වඳින එකට වැඩිය "වොයිස් කට්" දෙන එකටයි මුල් තැනක් ලැබුනේ. එ්කනේ යන යන හැම පන්සලකටම මාධ්‍ය කණ්ඩායමකුත් අරගෙන ගියේ. කවුද දන්නේ නැහැ මේ වතාවේ අන්දන්න හදන්නේ. " අපිනං තෙමෙයි වැස්සට " කීවලු.

:       454       525

Chathuri Thursday, 19 September 2019 11:27 AM

මේ අයියා මලෝට කට්ටිය පිරිවරා ගන්නේ නැතිව පන්සල්වත් යන්න බැරිද? කවුද මේ ගොල්ලන්ට හිරිහැර කරන්න එන්නේ? ජනතාව විලාපදෙයි ඕනෑනම්.. අපි කාබාසිනියා කෙරුවා කියලා.. දෙමව්පියන්ට ඔයතරම් ආදරේ නම්, ඇමරිකාවේත් සොහොනක් හැදුවා නම් හරි.. නිවාස ඉදිරිපිටින්, කොහෙද ඉතින් නීති තදයිනේ.., ඇමරිකාව පුරවැසිකම තියෙන ඕනෑම කෙනෙකුට ඒ රටේ ජනාධිපති වෙන්න පුළුවන්. ඉගෙනීම තියෙන්න ඕනෑ. හොරකම, වංචාව, මිනීමරුම් මේ මුකුත් කරන්න බැහැ.. ජනතාව හිර ගෙදරට අරින්නේ.., ඒකට ලංකාවේ දුෂිතයින්ට ගිය රට, ජනතාවට, අධිකරණට ඇරියම, පිළිගත හැකි සාක්ෂි මදි කියලා, එළියට දමනවා. මේ දෙගොල්ලන් ඉන්නකම් මේ රට ගොඩගන්න බැහැ..

:       427       407

ප්‍රීති Thursday, 19 September 2019 04:26 PM

මේ අයගේ ආගමික භක්තිය දෙස බැලුවාම දේශපාලනයට වඩා, පන්සලකම නතර වෙලා මහන වුවා නම් කොතරම් හොදද? මෙතරම් ආගමට දහමට පන්සල් වලට ගොස් වන්දනා මාන කරන අය දේශපාලනයට ආවේ මොනාටද මන්ද? පන්සලේම හිටියා නම් අපිටත් සතුටින් දානේ වේලක් ගිහින් දීලා, පිරිත් නුලක් අතේ බැඳගෙන එන්න තිබුනා.

:       0       0

rohana Thursday, 19 September 2019 04:47 PM

මම දාන්න හිටපු කොමෙන්ට් ටික මේ අය දාල ඔබලා හරියටම හරි.

:       0       0

[email protected] Thursday, 19 September 2019 06:19 PM

මෙයා මෙහෙම වඳිනවා දකිනකොට අර හිරගෙදර සිටි මංජු ශ්‍රී ඇතුළු රැඳවියන් 27 දෙනාට දඬුවම් දීලා කියලා කොහොම හිතන්නද?

:       0       0

Chanak los angeles Thursday, 19 September 2019 08:39 PM

වැලිකඩ වඳින්නේ කවදාද ?

:       0       0

Chanak los angeles Thursday, 19 September 2019 09:15 PM

මහා සාටක ඉන්නේ එක පින්තූරයක පමණයි නේද? අනෙක් පින්තූරවල පෙනෙන්නවත් නැහැ. ඔබ හිතනවද මහාරජා කැමති වෙනවද එයාව පින්තූරවල ඉස්මතු නොවී වෙන කෙනෙක් මෙහෙම ඉස්මතුකරලා පෙන්වන එකට? මහ සාටකට ජනපතිකමට ආශාවක් නැත ඒ ඔහුට දැරීමට නීතියෙන් ඉඩක් නැති නිසාය.. නමුත් ඔහුගේ ගෝල් එක හා ගිජුකම අගමැතිකම... ඒ තුළින් ගිලිහී ගිය ආධිපත්‍ය ඇඟට ආරුඨ කරගෙන මහරජා වගේ වැජඹෙන්නයි බලාපොරොත්තුව...

:       0       0

kamal Friday, 20 September 2019 09:10 AM

මේ ජෝඩුව දකින හැම වාරයක් ගානෙම මට මතක්වෙන්න සුභ සහ යස කතාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20350 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18192 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site