සුනිල් ආනන්ද පැරීසියේ සිට
මහනුවර දී කලහකාරී සිද්ධියට විරෝධය පළ කරමින් සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් සියලු දෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත් විය යුතු යැයි කියමින් පැරිසියේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් අයිෆල් කුලුන අසල දී විරෝධතාවක් පැවැත්වූහ.
ඇද හැලුණු වර්ෂාව සහ අධික සීතල නොතකා එරෙහ ජීවත් වන සිංහල, දෙමල සහ මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ රැසක් එම විරෝධතාවට පැමිණ සිටියහ.
ප්‍රංශයේ ›ලංකා තානාපති බුද්ධි ආතවුද මහතා පැරීසියේ වෙසෙන › ලාංකික මුස්ලිම් ආගමික හා සමාජීය සංවිධාන සමග සාකච්ඡාවක්ද පැවැත්වණි. විදේශයන්හී එවැනි ගැටුම් ඇති නොවීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගීම ගැන ද එහිදී සාකච්ඡා විය.
‘ප්‍රංශය යනු විවිධ ජාතීන් විවිධ ආගම් අදහන ජාතීන් සිටින රටක්. එම රටේත් විවිධ ආගමික අන්තවාදී සුළු කොටසක් ජීවත් වුවද අපේ රටේ මෙන් දේපල ගිනි තියමින් මිනිස් ඝාතන සිදු කරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති වෙන්නේ නෑ. සියලූ දෙනා සමගියෙන් ජීවත් වෙනවා. එයට හේතුව රටේ නීතිය උස් පහත් බේදයකින් තොරව ක්‍රියාත්මක වන නිසා. එබැවින් ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ අයට ද~වම් ලබා දීම අත්‍යවශය කරුනක්. ඈත අතීතයේ සිට පැවත එන සිංහල මුස්ලිම් සහෝදර සබඳතාවය ඉදිරියටත් එලෙසම රැක ගැනීම අපි සියලූ දෙනාගේම සමුහික වගකීමක්.‘ යැයි පැරීසියේ වෙසෙන මුස්ලිම් සංවිධාන නියෝජිතයෙකු වූ මෂාර් කමුර්දීන් මහතා පැවසීය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහනුවර කලහයට එරෙහිව පැරිසියේ විරෝධයක්
erdi Sunday, 18 March 2018 04:02 PM
සෑම පොදු කටයුත්තකදී ඉදිරියෙන්ම සිටින සිංහලයා පුෂ්පසිරි ද අල්විස් මහතාට මාගේ ප්‍රණාමය... එහෙත් මෙය සංවිධානය කළ අය මෙවැනි විරෝධතාවයක් පවත්වන බව සමාජය දැනුවත් නොකිරීම කණගාටුවක්. මාහට ඇස ගැටුනෙත් ලංකාදීප පුවතින්. (විශේෂයෙන් ප්‍රංශ රටේ ප්‍රංශ ජාතිකයින් මෙන්ම වරප්‍රසාද භුක්ති විඳින සිංහලයින් අපේ රට තුළ ජාතින් අතර කලහකාරී ගැටුම් දැක සතුටු කඳුළු වගුරන අවස්ථා නැත්තේද නොවේ)
shafeek Monday, 19 March 2018 04:43 AM
මොනතරම් ලස්සනද
Namal Tuesday, 20 March 2018 11:33 AM
මොකද වුනේ කියල දන්නේ නැතුව කරන දේශ ද්‍රෝහී වැඩක් , මේක කල අයට ගිහින් විරොදේ පෑවානම් හරි.