චමිල් රූපසිංහ
පැවැති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මහනුවරට පනවා තිබූ ඇදිරි නීතිය අද (08) පෙරවරු 10ට ඉවත් කර තිබුණද අද දිනය පුරා මහනුවර නගරය පාලු ස්වභාවයක් ගත්තේය.
ව්‍යාපාරික ස්ථාන රැසක් වසා තිබුණු අතර මහජනයා නගරයට පැමිණීමද ඉතා මන්දගාමී අයුරින් සිදුවිය. ඇදිරිනීතිය ඉවත් කළ පසුව සුළු පිරිසක් නගරයට පැමිණ සිටි අතර පොදු ප්‍රවාහන සේවාද මන්දගාමීව ක්‍රියාත්මක විය.
මහනුවර ඔරලෝසු කණුව අසල බස් නැවතුම හා ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ ලංගම බස් කිහිපයක් ගාල් කර තිබිණු අතර දුර ගමන් සේවා සඳහා යම් බස් රථ ප්‍රමාණයක් යොදවා තිබුණු නමුත් මහනුවර හා ඒ අවට සුළු වශයෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක විය.
ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා ත්‍රිවිද හමුදාව ස්ථාන රැසක රැකවල්ලා සිටි අතර ඇදිරිනීතිය පැවැති අවස්ථාවේදී සුලු සිද්ධි කිහිපයක් වාර්තා වී තිබුණු නමුත් සමස්ථයක් වශයෙන් මහනුවර හා ඒ අවට ප්‍රදේශ සාමකාමී තත්ත්වයක් පැවතුණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහනුවර පාලුවට ගිහින්
Nimal Thursday, 08 March 2018 04:40 PM
දැන්වත් අපි රටක් හැටියට සත්‍ය තේරුම් ගෙන සියලු ජාතීන්, ආගම් අතර සහජීවනය සමගිය ඇති කරන්නට එකට එකතු වී ජීවත් වෙන්න ඉගෙන ගනිමු. අපගේ රට මෙවැනි අන්දමින් ප්‍රපාතයට යන්නට ඉඩ නොදී සැබෑ ශ්‍රී ලාංකීකයින් වශයෙන් සමගියෙන් සමාදානයෙන් කටයුතු කරන්න අධිෂ්ඨානය කරගනිමු. රටක් හැටියට අපි දුක් වින්දා ඇති. අපගේ ඉදිරි දියුණුව රඳා පවතින්නේ අපගේ සියලු ජාතින් අතර ඇති සමගිය එකමුතුකම මත පමණයි.
ටි. ඉන්දික Thursday, 08 March 2018 06:26 PM
තිරිසන්නු නිසා වෙනස් වූ අපේ අභිමානවත් මහනුවර
Athula Thursday, 08 March 2018 10:10 PM
ලංකාවේ මිනිසුන්ට සමාජ මාධ්‍ය පහසුකම් ලබා දීම වඳුරන්ට දැලි පිහි ලබා දීම හා සමානයි.