(චමිල් රුපසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ඇරඹුම සඳහා සතර මහා දෙවාල වල කප්සිටුවීමේ මංගල්‍ය අද (21) සුබ මොහොතින් මහනුවර සතර මහා දේවාල වලදී සිදුවිය.
කප් සිටුවිමෙන් පසු සිව් මහා දේවාල වල අභ්‍යන්තර පෙරහැර දින 5 ක් පැවැත්වීමෙන් පසු මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍ය පළමු කුඹල් පෙරහර මෙම මස 25 වන දින විදි සංචාරය කිරිමට නියමිතය.
අලුත්නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දෙවාල භුමියේ හටගත් “කප “(ඵල නොදැරු කොස් පැලය) පුරාණ චාරිත්‍ර සිදුකර වන්නකුරාල විසින් කපා ගත් කපා සකසා අලුත්නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දෙවාලයට ගෙනවිත් වතාවත් සිදුකර මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලය දක්වා කප් වැඩවීම (කල්ප වෘක්ෂ පෙරහර ) නමින් හදුන්වනු ලබයි.
එම පෙරහර ඊයේ (20) උදැසන 6 ට පමණ මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයෙන් අරඹා මහනුවර විෂ්ණුදේවාලය දක්වා ගමන්කළේය. එය පුරාණ චාරිත්‍ර විධි අනුව උත්සවාකාරයෙන් අලි ඇතුන්ගෙන් සපිරි පෙරහරකින්( “ කල්ප වෘක්ෂ පෙරහර “ ) සිදුකරනු ලැබීය.
මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලයේ පල්ලේ දේවාලයට ගෙවදුණු කප පුද පූඡා පවත්වා ශ්‍රි විෂ්ණුදේවාලයේ බස්නායක නිලමේගේ උපදෙස් පරිදි “කප “සවස කොටස් 4 කට කපා ඉන් කොටස් 3 ක් නාථ, කතරගම සහ පත්තිනි දේවාල වල බස්නායක නිලමේවරුන් හා රාඡකාරිකරුවන් වෙත භාරදෙයි. එම “ කප “ තම දේවාල වලට ගෙන ගොස් අද අලුයම කප් සිටුවීමේ මංගල්‍ය සිදුකරන ලදි.
අද (21) සවස සතර මහා දේවාල වල අභ්‍යන්තර පෙරහර ආරම්භ කරන අතර ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගා පෙරහර අවසානයේ දිය කපනා මොහොතේදී ඒවා ගැටඹේ දිය කපනා තොටේදි දියේ පා කර හරි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහනුවර සතර මහා දේවාලයන්හි කප් සිටුවයි