(චමිල් රුපසිංහ)
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (14) 8.05 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ විය.
පෙරහැර දළදා වීදිය( වෝඩ් වීදිය ) , යටිනුවර වීදිය , කන්දෙ වීදිය ( හීල් වීදිය ) , ඩී එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ගෙවදිමට නියමිතය.
පෙරහැරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්ථියා විසිණි.දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා හස්ථියා සහ මියන් රාජා හස්ථියා ගමන් කරණු ලැබූහ.
හෙට (15) අලුයම 2.12 ට දකුණු දිශාමුඛව ශ්‍රී ධන්ත ධාතු මන්දිරයෙහි පෙරහැර සිවුදේවාලයන්හි පෙරහැර සමඟ පෙරහැර දළදා වීදිය( වෝඩ් වීදිය ) , ඩී එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , ඔස්සේ ගෙඩිගේ විහාරයට ( ආදාහනා මඵවට ) ගොස් සිරිත් පරිදි දළඳා කරඬුව එහි තැන්පත් කොට සිවු දේවාලයන්හි පෙරහැර ආපසු දෙවාලයන් වලට පැමිණ දේව ප්‍රජා පැවැත්විමෙන් පසු කටුකැළේ විදිය ඔස්සේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදුකරනු ලබයි.
මහනුවර ගණදෙවි කෝවිළ ඉදිරි පිටින් පෙරවරු 11.52 ට පිටත්වන සිව් මහ දේවාළ පෙරහර දළදා වීදිය,ඊ.එල් සේනානායක වීදිය,කන්දේ වීදිය ඔස්ස් ඩී.එස් සේනානාය වීදියේ මංසන්ධියට පැමිණෙයි.
ගෙඩිගේ විහාරයෙන් පස්වරු 3.12 ට පිටත්වන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර හා එක්වන සිව් මහ දේවාළ පෙරහර ඩී.එස් සේනානාය වීදිය ඔස්සේ ඉදිරියට ගමන් ගෙන පන්සල පාර,දේව වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට ගෙවැදීමට නියමිතය.
ඉන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව අවසන් කළ බව දැක්වෙන් පෙරහර සංදේශය දියවඩන නිළමේතුමන් ප්‍රමුඛ සතර මහ දේවාළ බස්නායක නිළමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වෙයි.
දවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පමුඛ බස්නායක නිළමේවරු පෙරහර සංදේශය ජනපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කරයි.
පෙරහර සංදේශය පිළිගැන්වීමෙන් අනතුරුව මහනුවර ඇසැළ පෙරහරට සම්බන්ධ වී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන්ට ත්‍යාග හා මුදල් පිරි නැමීම ජනපති ප්‍රධානත්වයෙන් සිදු කෙරයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අදයි