IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහර රැඳවියන්ගේ ඥාතීහු පොලිසිය හමුවේ වැඳ වැටෙති

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තාවීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට රැදවියන්ගේ ඥාතීහු බහුතරයක්  බන්ධනාගාරය අසලට පැමිණ සිටියහ. මේ වනවිට කලහකාරී තත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර ආරක්ෂක අංශ විසින් සිදුවීම පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

 



අදහස් (26)

මහර රැඳවියන්ගේ ඥාතීහු පොලිසිය හමුවේ වැඳ වැටෙති

දිලාන් Monday, 30 November 2020 09:08 AM

එදාම තමන්ගේ පුතාව, සැමියාව, නෑදෑයාව අපරාධවලින් වළක්වා ගත්තා නම් ඔය විදියට පොලිසියට වැඳ වැඳ දඟලන්න ඕනෑ නැහැනේ...

:       41       63

chandimaMonday, 30 November 2020 03:28 PM

සම්පූර්ණ ඇත්ත කතාව. පොඩි කාලේම ගහලා බැනලා හදාගත්තා නම් එක එක්කෙනාට වඳින්න වෙන්නේ නැහැ.

:       6       7

thusharaWednesday, 02 December 2020 03:25 AM

අංගුලිමාලත් පොඩි කාලෙම ගහල බැනලා හදා ගත්තනම් රාජ පුරුශයො මරන්න යනකොට අම්මට අඩ අඩා කැලේට යන්න වෙන්නෙ නෑනේ. අනේ යන්න නොදන්න මගුල් කියවන්නෙ නැතුව.

:       3       5

upul Monday, 30 November 2020 09:57 AM

කරන්න තියෙන හැම ජරා වැඩක්ම කරලා හිරේට ගියාම එතැනවත් ඒ කාලය හොඳින් ගත කරන්න දන්නේ නැහැ. චණ්ඩිකමයි, නැහැදිච්චකමයි, අනික් මිනිස්සුන්ට අවදානමක්, අනතුරක් කරන්නම තමයි බලාගෙන ඉන්නේ... මේ වෙඩි තැබීම සාධාරණයි.

:       64       69

සෙැMonday, 30 November 2020 01:23 PM

දෙයියනේ ඇයි ඔතරම් නපුරු? මේ ඔබේ ඤාතියෙක් නම් ඔබත් මේ තත්වයට පත්වෙන බව කල්පනා කරන්න. රජයක් ඇත්තේ මිනිසුන් මැරීමට නොව ජීවත් කිරීමට නෙවේද? මෙම අසරණ මිනිසුන්ගෙන් වැඩි කොටසක් මෙම රජය බලයට පත්කිරීමට උරදුන් අය වියහැක. රජයට වගකීමෙන් පලා යා හැකිද?

:       36       64

ravinMonday, 30 November 2020 03:21 PM

ඔබ හරි, බන්ධනාගාරවල වැඩිපුරම ඉන්නේ මේ රජය කරවන අගමැති, ජනාධිපති, ඇමති, මන්ත්‍රීවරුන්ගේ ඕනෑ එපාකම් අනුව එක එක නීතිවිරෝධී වැඩ කරපු සිරකරුවන්...

:       5       9

upulMonday, 30 November 2020 07:16 PM

මානව අයිතිවාසිකම් ගැන හිතන්න කල්පනා කරන්න තිබුණේ හිරේ යන්න ඉස්සරවෙලා නේද?

:       11       9

RaveendraTuesday, 01 December 2020 04:14 AM

සෙැ මයා වෙත, බන්ධනාගාරගත වූවන් නිසා විනාශ වූ පවුල්, මියගිය පුද්ගලයන්ගේ පවුල් පිළිබඳව ඔබගේ කියවීම කුමක්ද යන්න දැන ගැනුමට කැමැත්තෙමු. බන්ධනාගාර ගතවූවන්ගේ කිසිදු ඥාතියෙක් ඔවුන් නිසා අගතියට පත් පාර්ශවයන්ගෙන් අඩු වශයෙන් ඒ පිළිබඳව විමසා තිබේද? සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිලිබදව කෑමොර දීමට ඩොලර් වලින් පවුල්පිටින් යැපෙන කාලකන්නි NGO හැත්ත සැදීපැහැදී සිටියත් ඔය "එකෙකුවත්" බන්ධනාගාර ගතවූ පාපතරයන් නිසා විනාශ වූ මිනිසුන්ගේ පවුල් පිළිබඳව කතා නොකිරීම පිළිබඳව සුදුසුද? නැද්ද? යන්නවත් ඔබට නොතේරීම කණගාටුවකි.

:       7       19

aselaTuesday, 01 December 2020 10:05 AM

මෙයාලා එළියට පනිනකම් බලන් හිටියා නම් ඔයාලා මොකද කියන්නේ? එතකොට සර් පාස් කියනවද?

:       3       8

ranaTuesday, 01 December 2020 06:12 AM

upul, ඔබට වළකාලීමට නොහැකි වුණු අවස්ථාවක සිදුවූ රිය අනතුරකට රිමාන්ඩ් ගත ව සිටි අවස්ථාවක මෙය සිදුවී නම්? මෙම බන්ධනාගාරයේ වැඩි පිරිස සුලු වැරදීම්වලට රිමාන්ඩ් කළ ඈයෝ ඔවුන් ඉල්ලා සිටින්නේ නිවැරදි බව නොවේ... නඩු ඉක්මන් කරන හෝ කෝවිඩ් රෝගයෙන් පණ බේරා ගන්න ඇපපිට නිදහස් කිරීමයි. එහි ඇති වරද කුමක්ද? මෙවැනි අවස්ථාවක අතිවන බිය, මරණ බිය ඔබට ඇති නොවෙවා යැයි පතමි. මිනිසුන් යනු වරදින් පිරි සතුන්. මුදල් ඇති ඈයෝ වරද මුදලින් ගත් බලයෙන් වරදින් මිදෙයි, එහෙම නේද අපෙ සමාජය?

:       1       12

upulTuesday, 01 December 2020 09:14 AM

තෝර මාලු කෑවා නම්, විඳවාපන් බළලෝ...

:       3       2

Nihal Monday, 30 November 2020 12:14 PM

මිනිස්සු හිරේ දමන්නේ වැරැදි කරපු නිසයි. නමුත් රජයෙන් ඒ අයව නිදහස් කරනවා නම් හිරේ දමන එකේ තේරුමක් නැහැ.

:       1       3

Nisha Monday, 30 November 2020 12:45 PM

ලෝකේ කොහේවත් නැහැ. හිරකාරයෝ මරණ සිරිතක් නැහැ. හිරේ ඉන්නේ ඔක්කොම වැරැදි කරපු අය නෙමෙයිනේ. 2018 දී මටත් ඉන්න වුණා දවස් 14ක් මහර බන්ධනාගාරයේ. මේ විදිහට මටත් මැරුම් කන්න වුණා නම් කොහොමද? මේවා හිතාමතා කරන වැඩ. සහෝදරයා.. ඔයාට මේවා තේරෙන්නේ නැහැ. ඔයා තාම පොඩියි.

:       1       8

fairoos Monday, 30 November 2020 01:33 PM

දැන් ඉතින් අන්දලා වැඩක් නැහැ. සර් ඕවා බලාගනියි.

:       12       30

sampath Monday, 30 November 2020 01:45 PM

බන්ධනාගාරවල ඉන්න හැමකෙනාම වැරැදි කරපු අය නොවේ. බොහෝ දෙනා අහිංසකයන්.. නමුත් සිරගත වෙන්න දඬුවම් විඳින්න තව හේතු ගණනාවක්ම බලපානවා. විශේෂයෙන් හොඳ නීතීඥ සහායක් ලබාගන්න බැරිවීම, ඒ වගේම වරද පිළිගන්න ඇති බලපෑම් නිසා වරද පිළිගැනීම වගේ හේතු බලපානවා. ඒ වගේම දඩ ගෙවන්න බැරි වීම වගේ හේතු නිසත් බන්ධනාගාර ගත වෙනවා. මේ සියල්ලට වඩා සමස්ත අධ්‍යාපන පද්ධතියම, සමාජයම වග කියන්න ඕනේ මේ වගේ දේට...

:       3       12

sugath Monday, 30 November 2020 03:14 PM

මෙහි ඇති ඛේදවාචකය නම්, මේ අයගේ පව්වලට අවසානයේ දුක් විඳින්නේ ඔවුන්ගේ පවුල්වල අයවීමයි.

:       0       4

isuru Monday, 30 November 2020 07:58 PM

මේවට කවුද වගකියන්නේ... කවුද උත්තර දෙන්නේ...? මේත් මිනිස්සු නේද බුදු හාමුදුරුවනේ..?

:       2       7

kamala Monday, 30 November 2020 08:01 PM

විධායකයාගේ අවසර නැතිව වෙඩි තියන්න බැරි බව කවුරුත් දනිති අනේ දෙවියනේ...

:       2       10

ලුම්බිණි Monday, 30 November 2020 10:23 PM

අපේ රටේ ඉන්නේ කිසිම මනුෂ්‍යත්වයක් හඳුනන්නේ නැති මිනිසුන් කියා ගන්නා සත්ව කොටසක්. හිරකරුවන්, අපරාධකරුවන් මරා දැම්මට සතුටු වෙන්න තරම් පහත් සිතක් ඔවුන්ට තිබෙන්නේ. ලෝකෙට කියන්නේ අපි කරන්නේ මානුෂික මෙහෙයුම් කියලා. ඉතාම ලැජ්ජා සහගතයි.

:       4       11

upulTuesday, 01 December 2020 07:18 AM

ලුම්බිණි, ඔයා මෙතන ලියන්නේ මොන ලෝකයක්, කොහේ තියන රටක් ගැනද? අපේ රටේ විතරයි හිරගෙවල් ඇතුලෙත් මුඩුක්කු තියෙන්නේ. ඔයා ඒක දැනගෙන හිටියාද?

:       5       2

Nisha Tuesday, 01 December 2020 01:40 AM

රටේ ජනතාවගේ මතය නොවේ.. මේ උඩ අය දක්වලා තියෙන්නේ. මේ අදහස් ම්ලේච්ඡයි. කවුරු කොහොම කිව්වත් එහෙම හිරේ ඉන්න මිනිස්සුන්ව මරන්න බැහැ.

:       3       11

laal Tuesday, 01 December 2020 06:38 AM

අර එක එක අයියලාට කුලියට හිරේ ගියා. මල්ලිලාට නම් හොඳ පාඩම්...

:       2       0

Bishan Tuesday, 01 December 2020 06:59 AM

සිරකරුවෝත් මනුෂ්‍යයෝය...

:       2       6

upulTuesday, 01 December 2020 09:41 AM

මනුෂ්‍යෙයා් තමයි මනුෂ්‍යයින්ට වෙඩි තියන්නේ. අද වෙනකම් මේක ලෝකයේ කිසිම තැනක වෙනත් විදිහකට සිදුවෙලා නැහැ.

:       1       2

ranaWednesday, 02 December 2020 05:50 AM

ලියන්න පෙර සිතා තේරුමක් ඇති එකිනෙකට අදාළ දේ ලියන්න. ගහේ ගිය මිනිසාගේ දැක්මට ලියන්න එපා.. අපරාදේ අපගේ කාලය...

:       1       1

දිලිත් Tuesday, 01 December 2020 07:08 AM

Raveendra මහත්මයා. බොමුද සීතල වතුර වීදුරුවක්? අමුඩ හෝදලා මහන්සිත් ඇතිනේ. තවත් එන්.ජී.ඕ වලට බැන බැන ඉන්නේ නැතුව හරි විදියට නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්නේ. වරදින කොට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා ඇඟ බේරගන්න බලන්නේ නැතුව. තුනෙන් දෙකක්ම මිනිස්සු දුන්නේ ඔය බයිලා අහන්න නෙමෙයි.

:       3       12

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32793 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site