IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහවැස්ස කළුතරත් සසළවයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ, විශ්ව ගැමුණු ප්‍රියංකර)

අධික වර්ෂාව සහිත තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුළ ජීවිත හා දේපළ හානි රැසක් සිදුවී අැතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී ජයලාල් මහතා පවසයි.
මින් වැඩිම හානිය බුලත්සිංහල ප්‍රදේශයට වී ඇතැයි ද ග්‍රාම සේවා වසම් වසම් 138 ක පවුල් 9210ක් පමණ අවතැන් වී ඇතැයි ද ඒ මහතා කියයි.
පාහියංගල කන්ද මේ වන විට නාය ගොස් ඇත. කොබවක කන්ද නායයාමෙන් 9 දෙනකු මියගොස් ඇති අතර අතුරුදන් වූ තවත් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. මේ අතර මතුගම, වලල්ලාවිට, බදුරලිය ආදී ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් වාර්තාවේ.

(කොබවක කන්ද නායයාම / ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අගලවත්ත වේයන්ගල්ල මුස්ලිම් විද්‍යාලය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අයුරු

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

වලල්ලාවිට පැවති තත්ත්වය

(ඡායාරූප-විශ්ව ගැමුණු ප්‍රියංකර)



අදහස් (4)

මහවැස්ස කළුතරත් සසළවයි

wije Friday, 26 May 2017 11:04 AM

පොසොන් පෝයට දන්සල් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම නොනාවරුනේ... මහත්වරුනේ.... දන්සල් දෙන්න වියදම් කරන මුදල් සහ වියලි ආහාර සියල්ල ගං වතුරෙන් නායයාම් වලින් අනාතවෙලා ඉන්න මිනිසුන්ට පරිත්‍යාග කරන්න. ආත්ම ගණනකට ඒ පිංකම ඇති. මොකද දන්සල් වලට කෑම කන්න එන කිසිම කෙනකුට ගෙවල්වල කෑම නැතුව එනවා නෙමෙයි. ගොඩක් අය දන්සල් වලින් කන්න එන්නේ විනෝදෙට... ඇත අතීතයේ ඉඳලාම අපි අසරණ වුනු අයට උදව් කරන ජාතියක්... ඒ නිසා අපි ඒ පරිත්‍යාග කරලා මුළු ලෝකෙටම පෙන්නමු... අපේ රටේ මිනිස්සුන්ගේ තියන මනුස්සකමේ වටිනාකම කොච්චරද කියලා....

:       98       199

Sujeewa Friday, 26 May 2017 11:59 AM

විජේ මහතා විසින් ඉහත දක්වා ඇති ඉල්ලීම ඉතාමත් කාලෝචිත වුවත් මානුෂිකවූත් අදහසකි. අප එය අගේ කල යුතුය. ඇමතිවරුන් සුඛෝපභෝගී කාර් මිලදී ගැනීම සදහා කරන නාස්තිය පිළිබදව පාඨකයන්ව දැනුවත් කිරීම පිළිබඳව ලංකාදීප පුවත්පතට බෙහෙවින් කෘතඥ වෙමි. දැන්වත්, ඇස් විවෘත වේයැයි අප බලාපොරොත්තු වෙමු.

:       0       232

saraSaturday, 27 May 2017 04:08 AM

හරියට හරි...., අපි හැමෝම එකතුවෙන්න ඕනේ මේ වෙලාවේ... පව් අසරණ මිනිස්සු ඉන්නේ දන්සල් වලට වෙන්කරපු දේවල් වගේම මැති, ඇමතිවරුන්ට හම්බවෙන පර්මිට් විකුනපු සල්ලි දැන් තමයි හොඳ දේකට යොදවන්න වෙලාව... මොකද බොරුවට පම්පෝරි ගහනවා අපි ජනතාව වෙනුවෙන් ඉන්නේ කියලා. දුප්පත් මිනිහගෙන් ලැබුණු පර්මිට් එක කෝටි ගණන්වලට විකුණලා සුරසැප විඳින මෙයාලා හිතන්නේ දේශපාලනයත් ෆිල්ම් එකක් කියලා රඟපාන එක තමයි කරන්නේ...

:       0       65

arschfikaa Friday, 26 May 2017 02:09 PM

විජේගේ අදහසනම් වටිනා එකකි.... නමුත් එ්ක මෙතනට එච්චරක්ම ගැලපෙන්නේ නැත. කාරණයනම්.. පොසොන්වලට දන්සල් දෙන්න බලාපොරෝත්තු වුණ අයත් තමන්ගේ අදහස මාරුකොරගෙන මෙයට උදව්කිරීමට පෙළඹෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34250 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site