IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


යටි හනුව පසාරුකර ගිය කම්බිය සාර්ථකව ඉවත්කරති

(ගයාන් සූරියආරච්චි)
පුද්ගලයකුගේ යටි හනුව පසාරුකර ගෙන මුඛයෙන් මතුවූ යකඩ කම්බියක් සාර්ථක සැත්කමකින් පසු ඉවත් කිරීමට හැකිවූ බව හෝමාගම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික‍්‍රමසේකර මහතා පැවැසීය.
ඉදිකෙරන ගොඩනැගිල්ලක ඉහළ කොන්ක‍්‍රීට් තට්ටුවක් මතින් බිමට බැසීමට යාමේදී පය ලිස්සා වැටී මෙම අනතුර සිදුවී තිබේ. පසුව අසල්වැසියන් එකතුවී කොන්ක‍්‍රීට් කම්බිය කපා ඉවත්කර ඔහු හෝමාගම රෝහලට රැගෙන එනු ලැබීය. 
පැය 1 1/2 ක පමණ ශල්‍යකර්මයකින් අනතුරුව රෝගියාගේ ජීවිතය බේරාගැනීමට හැකිවී තිබේ. රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික‍්‍රමසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් වෛද්‍ය චානක රාජපක්‍ෂ සහ කවින්ද නාගොඩවිතාන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්ද, නිර්වින්දන වෛද්‍යවරුන් වන වෛද්‍ය ඉමල්කා, වෛද්‍ය බුද්ධි ඇතුළු දිලිනි, අනූෂා යන හෙද නිලධාරිනියන්ගේ සහයෝගය ඇතිව මෙම සැත්කම සිදු කෙරිණි.
මේවන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර සුව අතට පත්වෙමින් සිටින බව විශේෂඥ වෛද්‍ය වික‍්‍රමසේකර මහතා පැවැසීය.



අදහස් (5)

යටි හනුව පසාරුකර ගිය කම්බිය සාර්ථකව ඉවත්කරති

Tissa Tuesday, 10 October 2017 01:35 PM

මෙවැනි ප්‍රවෘත්ති පල කරන විට දොස්තවරුන්ගේ නම් සඳහන් නොකරනවා නම් හොඳයි. එවිට මහනුවර හදවත් සැත්කම අදාළ කිරීම වැනි දේවල් කිරීමට නම සඳහන් නොවුණ දොස්තරවරු පෙළඹෙන්නේ නැත.

:       42       18

අජිත් Tuesday, 10 October 2017 06:08 PM

මේ පුද්ගලයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. දුප්පත් මනුස්සයෙක් විය යුතුයි. ඔහුගේ පවුලේ සැමටත් ඉදිරියේ ඇතිවන ගැටළු වලට සාර්ථකව මුහුණදීමට වාසනා ධෛර්යය ලැබේවා. මොහුගෙ ජීවිතය රැකගැනීමට දායක වුනු සියළු දෙනාට පිං.

:       0       11

sadun Tuesday, 10 October 2017 07:29 PM

දොස්තරලා කුහකයිලු. හැබැයි මැරෙන්න යද්දි දොස්තර මහත්තයෝ මාව බේර ගනියෝ කියල කෑ ගහනවලු. බේරගත්තට පස්සෙ දොස්තර මාව මරන්න හැදුවෝ කියලත් කෑ ගහනවලු. මාර ජාතියක් නේද?

:       13       35

ranjith Tuesday, 10 October 2017 11:57 PM

මෙම බැරෑරුම් සැත්කම කල ප්‍රධානශල්‍ය වෛද්‍ය තුමා ඇතුළු සියලුම වෛද්‍ය වරුන් සහ අනෙකුත් නිලධාරීන්ට අපගේ කෘතවේදී ප්‍රණාමය හිමිවේව!.

:       0       51

mahinda Wednesday, 11 October 2017 06:57 AM

දොස්තරලා බහුතරයක් ඉතා හොඳයි..... ඒ අයගේ නමත් නිකම් කැත වෙනවා අර සුළු දොස්තරලා පිරිසක් දේශපාලනයේ එල්ලිලා තමන්ගේ වාසියට ජනතාවට වධ දෙන නිසා. අර වෛද්‍ය සිසුන් වත් නාස්ති කරනවා.

:       1       85

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site