IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යුද හමුදා සාමාජිකයන්ට හමුදාවේ කුඹුරු වලින්ම සහල්

ශ්‍රී ලංකාව  සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ  අරමුණින් ‘තුරු මිතුරු-නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු යළි අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට  යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය  පසුගියදා පියවර ගත්තේය.

ඒ අනුව  සහල් කිලෝ 25,000 ක් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට ලබා දී  සිදු කෙරිණි.

පසුගිය  2019 ‘මහ’ කන්නයේ සහ 2020 ‘යල’ කන්නයේ දී ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන්වූ කුඹූරු සහ යුද්ධ හමුදා ගොවිපල වලට අයත් කුඹුරුවල ‘සුවඳැල්’ සහ ‘කළුහීනටි’ ආදී වී ප්‍රභේදයන් වපූරා පළිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත නෙලාගත් මෙම අස්වැන්න යුද්ද හමුදා සමාජිකයින්ට සහනදායි ලෙස  ලබා දීමට කටයුතු කර තිබේ.

මෙම සහල් තොග  ආරක්‍ෂක සේනා මූලස්ථාන, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ කැන්දලන්ද, මැනිං ටවුන්, රුක්මල්ගම, පානළුව, ජාවත්ත සහ වත්තල ප්‍රදේශයන්හී පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකක යටතේ පවත්වාගෙන යනු ලබන සුභ සාධක වෙළඳසැල්හි අලෙවි කිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිදුකෙරේ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන සුභසාධන වෙළඳසැල් අතර එම සහල්  බෙදා හැරීම සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි මහතා  විසින් මෙම සහල් තොගය ලබා දීම සිදු කළේය.

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂවරයා නියෝජනය කරමින් කන්දකාඩු 6 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්ත්‍රිගේ මහතා විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ස්ථාපිත සුභසාධන වෙළඳසැල් වලින් යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අලෙවි කිරීමට මෙම සහල් තොගය සේවා වනිතා ඒකකයේ කර්නල් සුමේද බාලසුරිය සහ කර්නල් අරුණ විජේකෝන්  යන මහත්වරුන්ට නිල වශයෙන් භාරදුන්නේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව මෙම ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතිය  සිදු කෙරේ.
 



අදහස් (12)

යුද හමුදා සාමාජිකයන්ට හමුදාවේ කුඹුරු වලින්ම සහල්

upali Wednesday, 14 October 2020 11:04 AM

කුඹුරේ, කමතේ වැඩකරන සොල්දාදුවන්ට වෙනත් ඇඳුමක් දෙන්න.. හමුදා නිලඇඳුමෙන් වැඩකරන්න අපහසුයි... තිබෙන අධික රස්නය නිසා. බොහොම හොඳ වැඩක්..

:       1       44

BamunuarachchiSaturday, 17 October 2020 03:09 AM

හලෝ මොනවද මේ කතා කොරන්නේ? නිල ඇඳුම ඇඳගෙන, බර සපත්තු, ගෙයිටස්, යුද උපකරණ එල්ලාගෙන යුද්ධ කරන්න පුළුවන් නම් නිලඇඳුම ඇඳගෙන ගොයම් කපන්න බැරිද? හිතට ගැම්ම එන්නේ නිල ඇඳුමෙන් බව තේරුම් ගන්න. මේවා හැදුවේ සුද්දා බව තේරුම් ගන්න...

:       5       2

සිල්වා Wednesday, 14 October 2020 11:09 AM

සාමාන්‍ය ජනතාවටත් මෙම සහල් ලබාගැනීමට හැකියාව පවතීද? ඒ පිළිබඳව අවධානය යොමුකරන්න. සාමාන්‍ය ජනතාවටත් මෙම සහල් ලබාගැනීමට කටයුතු කරනවා නම් හොඳයි.

:       1       29

සිරි Wednesday, 14 October 2020 11:34 AM

හොඳ වැඩක්... ඒත් මේ වගාවන් කර ඇත්තේ රාජකාරියට පිටින් සොල්දාදුවන්ගෙන් නොමිලේ ලබාගත් ශ්‍රමයෙන් විය හැකි නිසා ඔවුන්ගේ පංගුව මුලින්ම දීලා හිටියොත් තමයි හොඳ. බිම් පංගුව විකුණුවාට කමක් නැහැ...

:       6       24

නන්දසේන Wednesday, 14 October 2020 11:49 AM

අර දත්ත වල තිබ්බ වී හාල් ගැන ආරංචියක් නැද්ද සර්? නිකමට වගේ මතක් වූ නිසයි ඇහුවේ...

:       9       27

siri Wednesday, 14 October 2020 12:10 PM

යුද්දෙට නැති කඩුව කුඹුරු වැඩට හරි යොදාගමු නේද? අනුන්ගේ සොහොන්කොත් හදන එකට වැඩිය මේ වැඩේනම් ආඩම්බර එකක්.

:       3       33

sumangala yapa Wednesday, 14 October 2020 01:48 PM

හමුදාවට ඔවුන් වවපු හාල්, ප්‍රභූ ජනයාට පාකිස්තානයෙන් බාස්මතී හාල්, 69 ලක්ෂයේ ඉතිරි අයට දෙන දෙයක් කාලා ඉන්න එකයි තියෙන්නේ. මේ දූපතේ තියෙන දූපතේ තියෙන සහල් මාෆියාවත් ඇවිත්...

:       12       22

AsankaThursday, 15 October 2020 08:05 AM

පුන්නක්කු මිලේ වෙනසක් කළේ නැත්තේ 69 ලක්ෂය ගැන හිතලා තමයි මහත්තයෝ...

:       4       14

BamunuarachchiSaturday, 17 October 2020 03:41 AM

දැක්කා නේද? පුන්නක්කු වල රස දන්නා කෙනෙක් පුන්නක්කු වෙනුවෙන් කතා කළා. එයාගෙන් ඉගෙන ගන්න. බාස්මති ලංකාවේ වවන්නේ නැතිබව දන්නේ නැද්ද? නිවුඩු හාල් බත් කන්න බැරි දියවැඩියා රෝගීන් බාස්මති කන බව දන්නේ නැද්ද? බාස්මතී ඔපමණ ගෙන්වන්නේ රටේ ඉල්ලුමක් තිබෙන නිසා බව දන්නේ නැද්ද?

:       8       1

Walter White Thursday, 15 October 2020 01:38 AM

හමුදාවේ උදවිය වගාවට බැස්සා කිව්වට ඒ වගා කරන්නේ වෙනම ඒකකයක්, සේවාවක් මගින්.. ඔවුන්ට එයට පඩි ගෙවනවා. වගාවට අවශ්‍ය සියලුම වියදම් ගෙවනවා. මේ වියදම් පියවන්නේ මහජනයා ගෙවන බදු මුදල් මගින්.. ඔවුන් ඒවායෙන් කළු හීනැටි සුවඳැල් සහල් නිෂ්පාදනය කරලා හමුදාව අතරේම සහන මිලකට බෙදනවා... දේශපාලකයෝත් ඔවුන්ගේ පරිභෝජනයට බාස්මතී ගෙන්වනවා. ඒවාට වියදම් ගෙවපු මිනිස්සුන්ට හුළං... හරිම අපූරුයි. ලංකාවත් ටිකෙන් ටික හමුදා රජයක් වගේ වෙමින් පවතිනවා. හමුදාවේ උදවියට රජයේ උසස් තනතුරු, වරප්‍රසාද ලැබෙනවා. සිවිල් සේවාව කළයුතු තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කෙරෙනවා. දූෂණවලට මේවා හොඳ උත්තර කියලා අහිංසක මිනිස්සු සිතාගෙන ඉන්නේ... එ්ත් මේවා ඇත්තටම සිවිල් නීතියට අනුකූලව නොව හමුදා අණට කීකරු පිරිසක් මගින් රටක් පාලනය කිරීමේ උත්සාහයක් කියලා තේරුම් ගන්න බුද්ධියක් මේ රටේ මිනිස්සුන්ට නැහැ.

:       9       14

අානන්ද පිටබැද්දර Thursday, 15 October 2020 06:00 AM

වැඩේ නම් නියමයි. හැබැයි වස විස නම් දාන්න ඒපා

:       1       6

Bamunuarachchi Saturday, 17 October 2020 03:00 AM

අපේ හමුදාව ඉස්සර කලේ රටේ කලබල නැති කාලෙට බොත්තම් පොලිෂ් කරන එක සහ වරායේ වර්ජනයකදී බඩු ගොඩබෑම පමණයි. දැන් හමුදාව ඉහළ නියෝග වලට අවනත වී ප්‍රශ්න නොකර රටේ සැම කටයුත්තකටම දායක වෙන ගන්න වැටුපට ණය නොවෙන සේවාවක් බවට පත්වෙලා.

:       5       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31588 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23773 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site