IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රැකියා විරහිත උපාධිධාරීහු හබරණ - පොළොන්නරු පාර වසති

(කරුණාරත්න ගමගේ)

උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධීධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් අද(25) හබරණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර වී තිබිණි.
උතුරු මැද ගුරු පුරප්පාඩු සඳහා තමන් මෙතෙක් බඳවා නොගත්තැයි කියමින් රැකියා විරහිත උපාධිධාරීහු 130ක් පමණ මෙසේ මාර්ගයේ වාඩිවී සිය විරෝධය පළ කළහ.


 



අදහස් (23)

රැකියා විරහිත උපාධිධාරීහු හබරණ - පොළොන්නරු පාර වසති

විකුම් රංගන Monday, 25 September 2017 01:52 PM

කොහොමත් ඔය උපාධිය මහපාරටම තමයි ගැලපෙන්නේ කියලා අපි නම් දන්නවා. මේ දවස්වල කැලේ නරි එක්ක තරගෙට හූ කියන්න ඇබෑර්තු තියනවා කියලා ආරංචියි. උත්සාහ කරලා බලන්න.

:       624       713

ධම්මTuesday, 26 September 2017 06:10 AM

ඒකනේ විද්‍යාත්මක පදනමකින් අමාත්‍යංශ බෙදලා තියෙන්නේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග කියලා.

:       7       12

sahan Monday, 25 September 2017 02:17 PM

අනේ, හේනක් කුඹුරක් කොටාගෙන හිටියා නම් නරකද?

:       59       113

ප්‍රීති Monday, 25 September 2017 02:59 PM

බඩගෝස්තරවාදී දේශපාලන අම්බැට්ටයින්ගේ ගොදුරක් වෙලා මදිවාට දොස්තරලගේ බෙහෙත් වට්ටෝරුවත් දිනපතා පාවිච්චි කරමින් ,, පොලිසියේ කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර බුක්ති විඳිමින්. රැලේ කසකාරයින් වෙමින්, ලිප්ටන් වටරවුම කිහිප විටක් තරණය කරමින්, අසීරුවෙන් ලබා ගත්ත ඒ උපාධියට එහෙමම කියන එක හොඳ මදි නේද විකුම් රංගන?

:       59       289

maheeTuesday, 26 September 2017 12:42 AM

ප්‍රීති, ඔතන වෙලා තියෙන්නේ පෙළපාලියේදී තද ජල ප්‍රහාරයක් ඇල්ලුවට වදින්නේ පස්ස පැත්තටනේ. එතකොට මොළේ හේදෙන බව ඇත්ත. ඒ වුනාට වේලුනාම ආයෙත් දොස්තර මාෆියා කාරයින්ගෙයි බංකොලොත දේශපාලකයින්ගෙයි මොළ ශෝධනයට අහුවෙනවා. ඔහොම ගිහින් දෙපැත්තකින්ම මොළේ සම්පුර්ණයෙන්ම හේදිලා ගිහින්. ඒ නිසා ලක්සිරි කියනවා වගේ කෘෂිකර්ම අමාත්‍යංශයට තමයි කට්ටිය ගැලපෙන්නේ. හැබැයි කන් කෙඳිරි ගෑවොත් ඔය මාෆියා කට්ටිය බෙහෙත් තුන්ඩු ලියන රස්සාවක් වත් දෙන්න ඉඩ තියෙනවා තමන් වෙනුවෙන් මහන්සි වුනාට.

:       5       102

ලක්සිරි Monday, 25 September 2017 03:11 PM

උපාධිය අරගෙනත් මෙයාල කරන්නේ ජනතාවට කරදරයක් වෙන එකද? විශ්ව විද්‍යාලයේ දි පැල උන අං දෙකෙනුයි , වල්ගෙනුයි වැඩක් ගන්න නම් කෘෂිකර්ම අමාත්‍යංශයේම රැකියාවක් ගන්න වෙයි..

:       61       154

dasun Monday, 25 September 2017 03:29 PM

තවත් නිකමුන් බිහි කරන්න එපා... රටට වැඩක් ඇති දෙයක් ඉල්ලන්න. මෙහෙම රජයේ ජොබ් දෙන්න ගියොත් රටක් ඉතුරු වෙන එකක් නැතිවෙයි. උපාධිධාරීන් ජොබ් ඉල්ල ඉල්ලා ඉන්නේ නැතුව, මොකක් හරි තමන්ට වැඩක් ඇති දෙයක් කරන්න. තවත් රජය රැකිය දිය යුතු නැත.

:       13       179

chamara Monday, 25 September 2017 05:13 PM

සයිටම් වහන්න කියන දොස්තරලාගේ ලණු.... දැන් ඔබට ජොබ් දෙන්න ඕන කියල වැඩ වර්ජනය කරන එක දොස්තර කෙනෙක් ඉන්නවද? කලා උපාධි දෙන බාහිර උපාධි ආයතන වහල නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියලා කෑ ගහන එක දොස්තර කෙනෙක් දැකල තියේද?

:       4       307

chathuri Monday, 25 September 2017 06:28 PM

ඉගෙන ගන්න කොටත් කෙරුවේ ඔය ටිකනේ මොලයක් තියෙන කිසිම හම් පුතෙක් මේ කට්ටියට රැකියා දෙන්නේ නැහැ රැකියාව දුන්න ගමන්. වර්ජනය පටන් ගන්නවා ඉල්ලීම් ඉල්ලලා ඔය කට්ටියව. ගෙදරිනුත් එලියට. දමන. කම්. ඉන්න

:       3       115

කරුණාපාල Monday, 25 September 2017 06:40 PM

නිදහස් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න කියලා නොමිලේ උගන්වලා මහපාරේ අව්ව තපින්න සුදුසු අය බිහිකරනවා වෙනුවට, වුර්තීය අධ්‍යාපනය නගා සිටුවීමේ ක්‍රමවේදයකට මේ රටේ පාලකයින් යොමු උනොත් නරකද? ඒ උනත් බොහෝ බඩගෝස්තර දේශපාලකයින්ට අවශ්‍ය කරන්නේ, බක පණ්ඩිතයින් බිහි කරවන්න මිස, රටට වැඩදායි තරුණ පරපුරක් බිහිකරවන්න නොවෙයිනේ..

:       0       149

රොෂාන් Monday, 25 September 2017 07:57 PM

අපි මෙතෙක් කල් දැනගෙන හිටියේ හබරණ පැත්තේ වල් අලි මහපාර අවහිර කරනවා කියලනේ. බලාගෙන ගියාම දැන් වල් නරිත් එහෙම කරනවනේ.

:       3       110

Upali Tuesday, 26 September 2017 01:09 AM

මේ පිරිස පාරවල්වල කට්ට කන කාලේ එක මොහොතකටවත් තමන්ට අනාගතයක් ගොඩ නගා ගතයුතුයි නේද කියල හිතුනෙම නැද්ද? කුලියට කහිමින් ගතකල ඒ 'සොඳුරු අතීතය' වගේ නෙමෙයි සැබෑ ලෝකය කියල හිතලම නැති බවයි පෙන්නේ. හැබැයි එහෙම හිතපු කීපදෙනෙක් හරි ඉන්න ඇති. සමහරවිට ඒ අය දැන් පෞද්ගලික අංශයේ ලොකු රැකියාවල් කරනවා ඇති. දැන් තියෙන්නේ ඒ ඔක්කොම ජනසතු කරන්න කියල ආයෙත් පාරවල් වහගෙන පෙළපාලි යන එකයි.

:       2       68

Nimal Tuesday, 26 September 2017 01:36 AM

උපාදිය පෙන්වන්නද , ඔය ආකාරයෙන් මහජනතාවට අපහසු තාවයට පත්වන අයුරින් පාර මැද්දට වෙලා කටයුතු කරන්නේ? මේ වගේ අයටද මේ උපාධි දීල තියෙන්නේ ?

:       3       54

ජෝසප් පෙරේරා Tuesday, 26 September 2017 02:09 AM

ජනතා වියදමින් උසස් අධ්‍යාපනය ලබා දුන්නේ රැකියා ඉල්ලන්නට නොව, නව රැකියා බිහි කිරීමටයි.

:       2       256

Pradeep Liyanage Tuesday, 26 September 2017 02:33 AM

කැම්පස් හිටිය කාලෙත් වර්ජන, එලියට ඇවිල්ලත් වර්ජන... අනේ ළමයිනේ තරුණ කාලය ඔය විදියට නිකරුනේ ගෙවා දමන්න එපා. තව ටික කාලයක් ගතවෙන කොට තමයි තේරෙන්නේ කරපු මෝඩකම් වල රග. උපාධියක් තියාගෙනත් රැකියාවක් නැතුව ඉන්නවානම් ඒක තමන්ගේ වරදක් මිසක් වෙනත් කෙනෙකුගේ වරදක් නොවෙයි. සති අන්ත පුවත්පතක් අරගෙන බැලුවොත් උපාධිධාරීන්ගේ සිට පහල මට්ටම් සදහා රැකියා අවස්ථා ඕනෑතරම් තියනවා පුද්ගලික අංශයේ. ගොඩක් අයට උපාධිය තිබුනට පරිගණක දැනුම, ඉංග්‍රීසි දැනුම වගේ අද කාලයට අත්‍යවශ්‍ය වන සුදුසුකම් නෑ ඒ රැකියා සදහා ඉල්ලුම් කරන්න. ඔය වර්ජනය කර කර ඉන්න කාලයේ ඊට අදාල පාඨමාලාවක් හැදෑරුවානම් රජයේ රැකියාවකට වඩා වැඩි වැටුපක් ගතහැකි රැකියාවක් පහසුවෙන් සොයාගන්න පුළුවන්. රජයේ රැකියාවකින් බලාපොරොත්තුවන විශ්‍රාම වැටුපයි රැකියාවේ නිදහසයි වෙනුවෙන් තරුණ කාලය බිල්ලට නොදී ජිවිතයේ හොදම කාලයේදී රටේ සංවර්ධනයට සක්‍රියව දායක වෙන්න බලන්න.

:       2       170

akila Tuesday, 26 September 2017 05:05 AM

මේ ගොල්ලොන්ට කරන්න පුළුවන් අන්තිමට ගුරු රස්සාව තමයි. හැමතිස්සෙම බළධාරීන් වර්තමාන රැකියා වෙළඳපළට හරියන විදියට විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය වෙනස් කරන්න හැදුවම මොවුන්ගේ අර ශිෂ්‍ය සංගමය කියන කට්ටිය එකට විරුද්ධ වෙලා නැහැ .... හිතන්න පුළුවන් උපධිදාරීන් බිහිකෙරන්න වර්තමන් අධ්‍යාපන ක්‍රමය හොඳයි කියනවා.... දැන් පේනවානේ... අන්තිමට හිතන්නත් බැහැ ,රැකියා වෙළඳපොළට ගළපෙන්නෙත් නැහැ...

:       1       164

aseTuesday, 26 September 2017 06:14 AM

එක වත් හරියට කරන්නේ නෑනේ, පළමුව ටියුෂන් දෙවනුව පාසල

:       3       0

kap Tuesday, 26 September 2017 05:38 AM

වෙනත් ජාත්‍යන්තර බාෂාවක් ඉගෙන ගන්න. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. එතකොට ඇති තරම් රස්සාවල් තියෙනවා පුද්ගලික අංශයෙන්.

:       2       0

srimala Tuesday, 26 September 2017 05:43 AM

අපේ රටේ ඇත්තටම පාලනයක් නීතියක් නැද්ද ? මිනිසුන්ට ප්‍රශ්න තියෙන බව ඇත්ත, නමුත් හැමදෙයට පාරවල් අවහිර කරන එක අද විලාසිතාවක් වෙලා .

:       0       0

ජනිත් Tuesday, 26 September 2017 06:43 AM

ප්‍රදීප් ලියනගේ ඉතිං ඔය ඉංග්‍රීසි දැනුම, කම්පියුටර් දැනුම ඔවුන් සරසවියේ ඉගෙනුම ලබන කාලෙදිම සරසවියෙන්ම දෙන්නෙ නැත්තෙ ඇයි? එහෙම දැනුම නම් අඩුපාඩුව ඇයි එම දැනුමත් සරසවියෙදි ලබාදීලා මේ ළමයි තව දුරටත් සවිමත් කරන්නැත්තෙ? මේ වැරැද්ද ළමයින්ගෙමද? ආණ්ඩුව තමන් යටතේ පවතින උසස් අධ්‍යාපනයට මීට වඩා සැලකිල්ලක් දැක්වූවනම් මේ ගැටළු අඩුයි නේද? සමහරක් මෙහෙම ප්‍රවෘත්තියක් දැක්ක ගමන් අදාල එකයි, නැති එකයි පටලගෙන ශ්‍රී මුඛය විවෘත කරන්න විතරයි දන්නේ.

:       21       1

Pradeep LiyanageWednesday, 27 September 2017 02:43 AM

ජනිත්, පළමුවෙන්ම බලන්න ඔය උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද කියල. ඔවුන් ඉල්ලන්නේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් නම් මම ඔබ සමග 100% ක් එකග වෙනවා. නමුත් ඔවුන් ඉල්ලන්නේ ගුරුපත්වීම්, රජයේ රැකියා. ඒ ඇයි, ඔවුන් දන්නවා පෞද්ගලික අංශයේ රැකියාවලට වැඩිය නිදහසක් සහ යම් යම් වරප්‍රසාද රජයේ රැකියාවල තිබෙන බව. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ විශාල ගැටළු තියනවා. මම කිසි වෙලාවක කියන්නේ නෑ මේ ක්‍රමය හරි කියලා. මේක කිසිසේත් අද කාලයට ගැලපෙන්නේ නෑ. නමුත් ගැටළු තියනවා කියා අපි ඒවා විවේචනය කර කර විතරක් හිටියොත් ඇද්ද? අපි ඒවා විවේචනය කරන්න ඕන තමයි, මොකද අඩුම තරමින් ඉදිරි පරම්පරාවලටවත් මේ ගැටළු වලට මුහුණ නොදෙන්න. එත් ඒ අතරේ ඔය වර්ජනය කරන අය පෞද්ගලික අංශයට ගැලපෙන ආකාරයේ පාඨමාලාවක් හැදෑරුවනම් මිට වැඩිය ප්‍රතිපල දායකයි කියන එකයි මගේ අදහස. ඔය නිකරුනේ ගත කරන කාලයේ වටිනාකම දැනෙන්නේ තව අවුරුදු ගානක් ගියාට පස්සෙයි. මොකද ඔය අත්දැකීම මමත් වින්දා.

:       0       34

බණ්ඩාර(කැකිරාව) Tuesday, 26 September 2017 09:26 AM

දැන් කලේ උපාධි ගන්නවට වඩා හොදයි කාර්මික විද්‍යාලයකට ගිහින් වෘත්තීය පාඨමාලාවක් කරන එක. එවිට රැකියාවක් හොයාගන්න අවුරුදු 30, 35 වෙනකන් ලතවෙන්න ඕන නැහැ.මේ අපේ යාළුවො දැක්කම ගොඩක් දුක හිතෙනවා.

:       2       1

sunil Tuesday, 26 September 2017 01:29 PM

මේ උගතුන්ද? අර අසනීපෙකට බෙහෙත් ටිකක් ගන්න, හදිස්සියකට දුවන ජනතාව මොනතරම් අසරණ වෙලා ඇතිද? විභාග දුසිම් තුන හතරක් පාස් කලාට බුද්ධියක් කමක් නැහැ කියන්නේ මේකට නොවේ නම් වෙන මොනවටද?

:       4       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28678 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site