රාජ්‍ය නත්තල් උත්සවය 2017 ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
කැරොල් ගායනා ඇතුථ විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2017 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රී ලංකා රදගුරු සංගමයේ සභාපති හා බදුල්ල පදවි රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, ත්‍රීකුණාමලය රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය නොයෙල් එම්මානුවෙල් හිම්පණන් ප්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, සංචාරක සංවර්ධන හා කි්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මහරුෆ්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධන, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ....
සමන් ජයවර්ධන Saturday, 16 December 2017 12:59 PM
පොලිසියත් අපේ, නත්තලුත් අපේ.... ඔය ඇවිල්ලා ඉන්නේ.
erdiSaturday, 16 December 2017 02:50 PM
සමන් ජයවර්ධන මහත්මා, අරෙහේ මෙහේ වැඩිවෙලා ලියන දේවල් කරන්න යන්න එපා මොලේ තැලෙයි.
ranavi Saturday, 16 December 2017 03:07 PM
නත්තලේ පණිවිඩය අසල්වැසියන්ට ප්‍රේම කරන එක. රාජ්‍ය නත්තල් උත්සවය කොහේ තිබුණත් මොකද? එහේ ජීවත් වෙන්නෙත් අපේ රටේම මිනිස්සු. සමහරුන්ට ප්‍රශ්නයක්, බහුතරයක් ද්‍රවිඩ මිනිස්සු ඉන්න පළාතක මෙය පවත්වපු එකට. ජරා දේශපාලකයොයි, ජාතිවාදියෝයි එකතුවෙලා අවුලවපු ගිනි ජීවිත ලක්ෂ ගණනින් විනාශ කරමින් අවුරුදු තිහක් ඇදුණා. දැනුත් සමහරු කැමතියි රට ගිනි තියලා තෘප්තියක් ලබන්න..
jayawardena Saturday, 16 December 2017 04:52 PM
හිටපු කෙනා වගේම රාජ්‍ය උත්සව තියතියා යන්න. මහජනයාගේ බදු මුදල් කකා ! අන්තිමට ඔබලාගේ නම් ටික මුල්ගල් වල ඉතිරි වේවි... මිනිස්සුන්ට අරහේ කන්න නැහැ..
Raveendra Saturday, 16 December 2017 06:15 PM
පැවසුව මම පොලිසියත් මගේ කියා.. ඇරියා කට ආණ්ඩුවත් මගේ කියා.. වැදුණා කනට වහපිය තොගේ කටැයි කියා.. ඇනගත්තා ජෝනා මමම කියා......
theshan Sunday, 17 December 2017 03:41 AM
ඔබ සැමට ලබන්නාවූ නත්තල සාමය, සතුට පිරි නත්තල් මංගල්ලයක් වේවා !!!