IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රාජ්‍ය සේවකයන්ට මහල් 25 ක නිවාස සංකීර්ණයක්

 

(ශාන්ත රත්නායක)

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මිලියන 5,500 ක් වියදමින් ඉදිකරන ලද බොරැල්ල වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘති නාගරික සංවර්ධන හා නිවාස අමත්‍ය-අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (05)  වැනිදා විවෘත කිරීමට නියමිතයි

පෙර විකුණුම් පදනම් මත ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 608  කින් සමන්විතය.
 
නිදන කාමර 3 කින් සමන්විත් නිවාස 304 ක් ද නිදන කාමර 2 කින් සමන්විත නිවාස 304 කි මෙම මහල් නිවාසය තට්ටු 25 කින්  සමන්විතය.

රථ ගාලක් , ළමා උද්‍යානයක් ,ව්‍යයාම මධ්‍යස්ථනයක් 2 ක් ,වෙළද සංකීරණයක් ,පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.



අදහස් (27)

රාජ්‍ය සේවකයන්ට මහල් 25 ක නිවාස සංකීර්ණයක්

ගයාන් Friday, 02 October 2020 11:16 AM

මේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් දක්වන්නේ පුද්ගලික අංශයේ වැඩකරන මහතම මහත්මීන්. ඔවුන් කාර් පර්මිට්, බදුසහන, ණය පහසුකම්, නිවාස යෝජනා ක්‍රම මොකුත් නෑ. ජනපතිඳුනි, ඔබේ අවධානය පිණිසයි.

:       4       78

NuwanSaturday, 03 October 2020 06:19 AM

ජනාධිපති දෙයි අවධානය මේන් කියලා.. හීන දකින්න එපා හලෝ නින්දෙන් නැගිටිනවා.

:       44       40

NMSaturday, 03 October 2020 01:23 PM

රජයේ සේවකයන් හට නිවාස ලබාදීම සතුටට කරුණකි. නමුත් මේ නිසා ගැටළු කිහිපයක් මතුවනු ඇත. දේශපාලකයන් රටේ ප්‍රශ්න විසඳීමට ගන්න තීරණ සහ ලබාදෙන විසඳුම් නිසා තිබෙන්නා වූ ගැටළු තවතවත් උග්‍රවනු ඇත. ලංකාවේ රජයට බදු ගෙවන්නේ රජයේ සේවකයන් පමණද? වැඩිපුර ප්‍රතිලාභ ලැබෙන්නේ ඔවුන්ට... විශාල නිවාඩු ප්‍රමාණයක්ද ලැබේ. වාහන බලපත්‍ර, විශ්‍රාම වැටුප් ලැබෙන්නෙත් ඔවුන්ට, එම විශ්‍රාම වැටුප පසුව බිරිඳට හෝ නොබැඳපු දරුවන්ටද ලැබේ. තව බොහෝ ලාබ ප්‍රයෝජන ඔවුන්ට ලැබේ. මේ සියලු ලාබ ප්‍රයෝජන තිබියදීත් රජයේ සේවකයන් සත්‍ය වශයෙන්ම පීඩනයකින් ඇත්තේම නැත. ඔවුන් එම නිසාම සේවයේ යෙදෙන්නේ පැය 5කටත් අඩු කාලයකි.

:       2       9

Hafeel Friday, 02 October 2020 01:05 PM

ඔන්න විමල්ටත්, සජිත්ටත් තියෙන වෙනස.. විමල් මේ වැඩේ කළා නම් පවුලේ අයට දීලා.

:       75       54

kamalFriday, 02 October 2020 01:39 PM

වැඩකට ඇති වැඩක් කළොත් එජාපය ආණ්ඩුවෙන් තමයි.

:       81       65

ChandiSaturday, 03 October 2020 12:44 PM

අවුරුදු 5ක් තිස්සේ මොනවද කලේ.?

:       4       4

JAFriday, 02 October 2020 08:13 PM

මෙම ව්‍යාපෘතිය 2014 දී ආරම්භ විය. සජිත් ව්‍යාපෘතිය ප්‍රමාද කළේය.

:       25       56

Hafeel Saturday, 03 October 2020 01:01 PM

එහෙනම් හොඳයි. නැතිනම් විමල් පවුලේ අයට තුට්ටුවට දීලා ඇති.

:       2       5

Perera Friday, 02 October 2020 06:51 PM

කොච්චර ඔපේට තිබුනත් වනාතමුල්ලේ කිව්වම ඔපෙ බහිනවා

:       5       19

SL Saturday, 03 October 2020 12:39 AM

බදු ගෙවන පුද්ගලික අංශෙට තියෙන්නෙ රජයේ නෝනලා මහත්තයලා ගෙ කාලය කා දමන ක්‍රියාවන් දෙස දුකෙන් බලා සිටීම සහ ඉල්ලන පගාවකට තමන්ගේ අත්‍යවශ්‍ය කාරණය කර ගැනීම. කාර් පර්මිට් පෙන්ශන් ගෙවල් අවුරුද්දට දින 42 නිවාඩු සති අන්ත දින දෙකේ නිවාඩු, රජයේ නිවාඩු සියල්ල ට අමතරව අපේ බදුවලින් ගෙවලුත්.

:       2       47

Athula kSaturday, 03 October 2020 08:58 AM

කතාව ඇත්ත.

:       1       20

ChampaSaturday, 03 October 2020 09:49 AM

රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශය අතර වැටුප් විෂමතාවය අහසට පොළව වගේ. අවම වැටුපකට රාජ්‍ය යාන්ත්‍රණයේ බර උසුලන්නේ රජයේ සේවකයන්... පෞද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන වැටුපම රජයේ සේවකයින්ටත් ගෙවන්න රජයට බැරි නිසා, සමාජයේ ආදායම් විෂමතාවය තරමක් දුරට හරි නැති කරන්න රජයේ සේවකයාට සහන සලස්වන්න සිද්දවෙලා තියෙනවා.

:       26       7

PradeepSaturday, 03 October 2020 12:55 PM

චම්පා කියන විදියට මේ වෙනකොට රාජ්‍ය සේවකයින්ගේ කොඳු කැඩිලා ඇති රාජ්‍ය යාන්ත්‍රනයේ බර උසුලලාම. බොහෝ වෙලාවට අපිටත් දකින්න ලැබෙනවා රජයේ කාර්යාලයකට ගියාම... හැබැයි බර උසුලන ආකාරය නම් නොවෙයි, මේසවල් උඩ නිදා සිටින ආකාරය හෝ තැන්තැන්වල ඕපා දූප කතා කර කර ඉන්න ආකාරය... සමහර විට ඒ බර උසුලලා වෙහෙස මහන්සිය නිවාගන්න වෙන්න ඇති. සැබවින්ම කාර්යයේ නියැලී සිටින අයත් නැතුවාම නොවෙයි. නමුත් බහුතරයක් එලෙසයි.

:       3       27

ChampaSaturday, 03 October 2020 03:24 PM

රජයේ සේවකයන් සේවයට තෝරා ගන්නේ විභාග දෙපාර්තුමේන්තුව මගින් පවත්වන තරඟ විභාගයකින්. නමුත් පුරප්පාඩු සීමිත නිසා සමහර විට අඩු ලකුණු තියෙන පිරිස් දේශපාලකයන් හරහා සම්මුඛ පරීක්ෂණ වලදී බලපෑම් කරලා තනතුරු ගන්නවා. (දැන් සම්මුඛ පරීක්ෂණ වලට ලකුණු දීම නවත්තලද දන්නේ නැහැ.) ඊට අමතරව දේශපාලකයන් තව පිරිස් රාජ්‍ය සේවයට අනුයුක්ත කරනවා. ස්ථිර සේවයට ගන්න බැරි හින්ද අනියම් සේවකයන් විදිහට අරෙගන පස්සෙ ස්ථිර කරනවා. විවෘත විභාගයකින් සමත් වෙලා හරි විදිහට රජයේ සේවයට ඇවිල්ල, කඩයිම් විභාග සමත් වෙලා රාජකාරිය කරන සේවකයන් කාර්යාල වල නිදා ඉන්නේ නැහැ. ඔවුන් වැඩ දන්නා නිසා තමන්ට අයිති වැඩ ටික කරනවා. නිදා ගන්නවා ඇත්තේ වෙනත් පාරවලින් රජයේ සේවයට ආපු අය වෙන්න ඕනේ. රජයේ සේවකයන්ට විවේක කාල තුනක් තියෙනවා. උදේට සහ හවසට පැය කාලක් බැගින් සහ දිවා ආහාරයට පැය භාගයක්. හැමෝම එක වෙලාවේ මේ විවේකය ගන්නේ නැහැ. තමන්ට හිමි විවේක කාලයේදී ඔවුන්ට කැමති විදිහට ගත කරන්න පුළුවන්. හැම අංශයකම අංශ ප්‍රධානියෙක් ඉන්නවා. ඒ හින්ද වැඩ කරන වෙලාවේ කතා කර කර ඉන්න හෝ නිදා ගන්න බැහැ.

:       8       3

චමින්දWednesday, 07 October 2020 01:48 PM

රජයේ සේවයේ වසර 30කට වඩා සේවයකර විශ්‍රාම ලබා සිටින මම චම්පා මහත්මියගේ දෙවැනි අදහස ඉතාම නිවැරදියි කියන්නේ අත්දැකීම් නිසා.1993 පමණ වනතුරු පරිපාලන සේවයට ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයෙන් (දේශපාලන හිතවත්කමට) ලකුණු දුන්නත් ප්‍රේමදාස ජනපතිතුමා එම ලකුණු ක්‍රමය ඉවත්කර විභාගයෙන් පමණක් ගැනීමට නියම කළා. නමුත් ඉන්පසුව පත්වූ රජයන් නැවතත් ලකුණු ක්‍රමය ඇතිකළා පමණක් නොව එමගින් හිතවතුන් ගැනීමටත් කටයුතු කළා. ඒක එසේවුණත් මෙම නිවාස සංකීර්ණ ගැනීමට රජයේ සේවකයින්ට නොහැකිවේවි. නමුත් දීප ව්‍යාප්ත සේවා එකොළහේ රජයේ නිලධාරීන්ටත් රජයේ කාර්යාලවල සැපයීම් බාර සේවකයින්ටත් මේවා මිලට ගැනීම එතරම් ගැටළුවක් නොවේවි. චම්පා මහත්මියට ඩිස්ලයික් දාපු අයට කියන්න කැමතියි හැකි නම් මේ අදහස සටහන්කර තබාගෙන නිවාස බෙදුවාට පසුව පරීක්ෂාකර බලන්න කවුද හරි කියලා...

:       0       1

විමල්Thursday, 08 October 2020 03:06 AM

අනේ චම්පෝ ළඟකදී ආණ්ඩුවේ කන්තෝරුවකට එහෙම ගිහිල්ලා තියෙනවද..? නඩු කොපියක් ගන්න උසාවියකට.. සමාගම් රෙජිස්ට්‍රාර් කන්තෝරුවට.. එහෙම නැත්නම් ඔය අමාත්‍යාංශ කාර්යාලයකට කෝල් එකක් ගහලා බලන්න. ... විභාග පාස් කරපු අයගේ කෙරුවාව පෙනෙයි.

:       1       0

kamal Saturday, 03 October 2020 06:23 AM

මේවා නඩත්තු කරන්න එහෙම ක්‍රමවේද සකසලා ඇති නේද?

:       1       7

Bamunuarachchi Saturday, 03 October 2020 08:33 AM

අපරාදේ සල්ලි... මීට වඩා හොඳයි මන්ත්‍රීන්ට කාර් අරන් දුන්නානම්...

:       6       9

Bamunuarachchi Sunday, 04 October 2020 12:56 AM

ඇයි බල්ලන්ට කන්න අරන් දුන්නානම් අඩු ගන්නේ උන් නකුටවත් වනනවා.

:       2       3

ISURU Saturday, 03 October 2020 10:03 AM

ණයට ලාබෙට මේ සංකීර්ණයෙන් ගෙවල් කීයක් දේවිදෝ කියලා දෑස් ඇර සිටිති..

:       0       5

KAMANI Saturday, 03 October 2020 10:04 AM

වැඩේ හොඳයි.. දූෂණකාරී වැඩ ගැන තමයි ප්‍රශ්නේ...!!!

:       1       5

Mahesh Saturday, 03 October 2020 11:35 AM

එක නිවසක සාමාන්‍ය දළ පිරිවැය රුපියල් ලක්ෂ 90 කට මඳක් වැඩියි.

:       1       4

krishanthaMonday, 05 October 2020 03:04 AM

ඒක තමයි. එකක පිරිවැය ලක්ෂ 90ක් වුනාම සහන මිලට දෙන්නේ කොහොමද.?

:       0       2

Dasa P Saturday, 03 October 2020 12:46 PM

දවස් 365න් වැඩි දවසක් කරන්නේ කාර්යාල වල කාලෙ කන එක... අනික් ටික දවස දේශපාලන වැඩ සහ මළ ගෙවල්වල යාම.. තව දීපල්ලකෝ ගෙවලුත් හදලා...

:       2       18

ravin Saturday, 03 October 2020 01:12 PM

මේ නිවාස සංකිර්ණයම දකුණේ පොහොට්ටුවන්ගේ 3 වෙනි පන්තියේ බයියන්ටනේ දෙන්නේ... කට්ටිය පදිංචියට ආවාට පස්සේ තමයි වැඩ තියෙන්නේ. බොන අය බොන්න පටන් ගන්නවා. පෙරන අයගේ ඇතුලේම පෙරනවා... විකුණනවා. රෑවෙනකොට ගෙදර අවට මිනිස්සුන්ට කරදරේ, බීලා හූ කියනවා. වලියට කතාකරනවා. රෑ 12ටත් මහා හයියෙන් සින්දු දාගෙන. කුඩු බෙදාහරින්නත් ඔතනම ඔෆිස් එකක් පටන් ගනිවි. ඔවුන් මොනවා කළත් පොහොට්ටු බයියන් නිසා පොලීසිය එන්නේ නැතිවේවි. හැබැයි ඉතින් වෙන ආණ්ඩුවක් ආපුවම අවුරුදු 5 ක් විතර බල්ලන් වගේ සද්ද නැතුව ඉඳීවි. ඕක තමයි තට්ටු නිවාසවල තත්වය...

:       5       5

Anwiksaya Saturday, 03 October 2020 03:09 PM

බාර්ත්රූම් එකේ ටයිල් වල පාසි බැඳිලද, ඩිසයින් එකද.?

:       0       6

jaye Sunday, 04 October 2020 05:37 AM

අපි මහනුවර ඉන්නේ. අපිත් රජයේ සේවකයෝ, අපිට ගෙවල් දෙන්නේ නැතිද.?

:       1       5

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31675 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23792 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 438 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site