IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රට නොවැහුවත් කොළඹ පාලුවට යයි

(ශාන්ත රත්නායක )

කොරෝනා වසංගත  දැඩි භයානක ලෙස පැතිරී යන  තත්වයත් සමඟ රට වසා දැමිය යුතු බවට වෛද්‍යවරු ඇතුළු බොහෝ දෙනකු රජයට බල කරමින් සිටින මේ මොහොතේදී සියල්ලටම පෙර තමා ආරක්ෂා විය යුතු බවට ජනතාව තීරණය කිරීමෙන් සාමාන්‍යයෙන් කර්ය බහුල කොළඹ පොදු ස්ථාන බොහොමයක් අද  (13) රථවහන හා මහජනතාවගෙන් තොර ප්‍රදේශ බවට පත්ව තිබුණි.

කොළඹ කොටුව, බොරැල්ල සහ රාජගිරිය ඇතුළු ප්‍රදේශවලට පැමිණිමෙන් වැළකීමට ජනතාව ස්වයං වාරණයක් පනවා ගෙන ඇති  ආකාරයක් දක්නට ලැබිණි.

 
 



අදහස් (25)

රට නොවැහුවත් කොළඹ පාලුවට යයි

දාස Friday, 13 August 2021 06:07 PM

යනවිදියට ලොක්කාට මෙම තීරණ නිසා මිය යන මිනිසුන් සම්බන්ධව කවදා හරි වගකියන්න වේවි...!!!

:       162       96

BamunuarachchiSaturday, 14 August 2021 07:33 AM

විශේෂ නීතියකින් රට ලොක්ඩවුන් කළ යුතු නැහැ.. තම තමන් ලොක්ඩවුන් වෙන්න. එතකොට ඉබේම රට ලොක්ඩවුන් වෙනවා. එතකොට කාටවත් රැකියාව කරගන්න බැහැ කියලා රජයට දොස් කියන්නේ නැහැ. මිනිස්සු ගමන් බිමන් යන්නේ නැතිනම් ත්‍රීවීලර් නිකම්ම ලොක්ඩවුන්.

:       57       46

Hafeel Saturday, 14 August 2021 03:07 PM

කොහොමටත් දැන් මිනිස්සුන්ට රස්සවාලුත් නැහැ. ආදායම් මාර්ගත් නැහැ. ආණ්ඩුවට රු 5000 දෙන්න බැරි නිසා රට වහන්නේ නැතුව ඉන්නේ....

:       3       28

BamunuarachchiSaturday, 14 August 2021 06:44 PM

මොලේ තිබෙන්නේ ඔලුවෙද වෙන කොහේවත්ද? ඉතුරුටික කියන්න ඕනේ නැහැ නේද? නිකන් බෙදන්න රටට සල්ලි වැස්සක් එන්නේ නැහැ...

:       26       4

jayasekaraSaturday, 14 August 2021 12:18 PM

මිනිස්සු මැරෙන එකට වගකියන කතා ගැන අහගන්න එපා... 30 අවුරුදු යුද්ධය ඉවර කළේ නැතිනම්, තාම යුද්ධය වවන් කාපු අය වගකියනවා... දැන් විපක්ෂයට වෙලා කෑ ගැහුවට.. ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්.. අලිමංකඩ කියලා පාමංකඩ ගිය ඒවා... මතකයිද?

:       67       79

AjanthaSaturday, 14 August 2021 03:40 PM

යුද්ධය ඉවර කරන එක මොන රජයේත් වගකීමක්.... ඒක මේ ගොල්ලන් කලා කියලා කරන හැම ගොං වැඩේම හරි කියනවා නම් ඊටත් වඩා මෝඩයින් නැහැ...

:       4       31

janahithaWednesday, 18 August 2021 03:04 PM

මෙතැනදී දේශපාලනය අත්හැරිය යුතු වෙනවා. වයෝවෘද්ධ, උගත් නැති එහෙයියන් කැබිනට් එකෙන් ඉවත් කළ යුතුමයි. නමුත් පක්ෂයේ අයිතිය ජනපතිට නැහැ. ජනතාව ඡන්දය දුන්නේ අන්තවාදයට එරෙහිව මිසක් සොරුන්, දූෂකයන් ඇමැතිකම් දී නැවත රජකරවන්න නොවේ..

:       0       0

බද්රානි Friday, 13 August 2021 06:37 PM

දැන් නම් මරබිය හොඳටම දැනිලා වගෙයි. නැත්නම් ඉතින් කොහෙන්ද අපේ රටේ මිනිස්සුන්ට ස්වයං විනයක්. එහෙම නැත්නම්, තමන් නොමැරී ජීවත් වෙලා හිටියොත්, මැරෙන මිනිස්සුන්ගේ ධනය හා දේපොළ කොල්ල කෑමේ සැඟවුණු සැලැස්මක් වෙන්නත් බැරි නැහැ. අනුන්ගේ විපත තමන්ගේ සැපත කර ගන්න පෙරුම් පුරන අය ගැන අපි නොදන්නවයි??

:       0       0

Kasun Friday, 13 August 2021 07:02 PM

රට වහන්න කියන්නේ මාධ්‍ය මාසේ පඩි ලබන අය.

:       0       0

මුණසිංහ Friday, 13 August 2021 07:07 PM

ඇත්තටම විය යුත්තේ එයයි. එහෙමනම් ජනතාව බුද්ධිමත් .

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 August 2021 07:36 PM

රට වහන්න අවශ්‍ය නැහැ මිනිස්සු දැනගන්න ඕනේ පරිස්සමින් වැඩකටයුතු කරන්න. ඔලුවේ ඇතුලේ තිබෙන මොලේ පුස්කන්න නොදී පාවිච්චි කරන්න.

:       0       0

asanka Friday, 13 August 2021 07:59 PM

පහුගිය අලුත් අවුරුදු කාලේ ඔන්න ඔය වගේ රටේ මිනිසුන් හැසිරුණා නම්, අද රට මේ තත්වයට වැටෙන්නේ නැහැ. අවාසනාවකට අපේ රටේ මිනිසුන් යමක් ඉගෙන ගන්නේ ඒ දේ විපාක විඳීමෙන් පසුවයි. කෙසේවෙතත්, පාලකයින්ට නොවැටහෙන සත්‍ය, රටේ මිනිසුන්ට වැටහීම සතුටට කරුණක්... අවසානයේදී පාලකයින් අපට කියා තිබෙන්නේත් තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතු බව නිසා, රට වැසියන් මෙසේ තමන්ගේ ආරක්ෂාවට වගවීම හොඳ දෙයක් කියලයි...

:       0       1

Rohana Friday, 13 August 2021 10:36 PM

මේ යන විදියට ආණ්ඩුව බලෙන් රට වසනවාට වඩා තමතමන් ස්වයං වාරණය කරගන්නවා නම් රෝග ව්‍යාප්තිය සහ මරණ අඩුකරගන්න පුළුවන්...

:       4       96

jayasekaraSaturday, 14 August 2021 12:19 PM

ඇත්ත, අපිම තමයි වරද්දා ගත්තේ... අවුරුද්දට සාප්පු සවාරි ගියා. පිස්සු නැටුවේ අපිමයි. දැන් රජයට බනිනවා.

:       20       35

saaliSaturday, 14 August 2021 04:47 PM

ඔයාට තාම හැදුණේ නැතෙයි...? ඔච්චර විකාර වැඩ කරලත්...

:       22       24

Sunil Saturday, 14 August 2021 01:24 AM

අනේ මන්දා අපිට මොනවා වෙන්නද යන්නේ !

:       7       3

මෝ Saturday, 14 August 2021 03:16 AM

ජනපති අනිවාර්යයෙන්ම මේ මරණවලට වගකිව යුතුයි.පලමු රැල්ල,සෞක්‍ය ය,බලධාරීන් ඉතා හොදින් පාලනය කලා.ඊටපසු ඒ නිලධාරීන් දොස්තරවරුන් පන්නා දමා ඉන්දොයන්,යුක්‍රේන් සහ රුසියන් සංචාරකයො ගේන්න ඉඩ දුන්නා .තමන්ගෙ නෑයින්ට සහ හෙංචයියලාට.අර,ගාමන්ට් ෆැක්ටරියෙ ආසාදිතයින්ට වගකිවය යුත්තන් වසං කලා.කවදාහෝ මේ මහා මිනිස් ඝාතනයට ජනපතිට වග කියන්න වෙනවා.දැන් ඉතිං ජනතාවවත් ගෙවල් වලට වී පරිස්සං විය යුතුයි.

:       125       64

samanSaturday, 14 August 2021 07:46 PM

පළමු රැල්ල පාලනයට ජනපති සම්බන්ධ වුණේ නැද්ද?

:       1       0

mp Saturday, 14 August 2021 08:51 AM

ලෝකයේ ප්‍රීතිමත්ම ජනතාව සිටින රට ශ්‍රී ලංකාව බව මොනවට ඔප්පු කර ඇත.

:       2       12

nima Saturday, 14 August 2021 10:11 AM

රටවැසියා බොහෝ දේ තේරුම්ගෙන ඇති බව පෙනේ... ඊළඟ මැතිවරණයේදී දේශපාලකයාට ඒ හැන්දෙන්ම බෙදනබව වැඩි ඈතක නොවේ...

:       75       65

janahithaWednesday, 18 August 2021 03:10 PM

දේශපාලකයාට මේවා මර්ධනය කිරීමට නොහැක.

:       0       0

සිරි Saturday, 14 August 2021 12:29 PM

අන්න හොඳයි. අපේ මිනිස්සුන්ට ස්වයං වාරණය තමයි හොඳම කියල තේරුම් ගන්න කොච්චර කල් ගියාද ?

:       0       30

Chinthaka Saturday, 14 August 2021 02:36 PM

මිනිස්සු මේ විදිහට හරි පරෙස්සම් වෙනවා නම් ඉතා හොඳයි. ඊළඟ මැතිවරණයේදී මෙයාලාගේ ඉරණම ජනතාවටම බාරකරමු. හැබැයි එහෙමයි කියලා ... පුතාණෝලා ගෙනාවොත් එදාටත් රටට අබ සරණ තමයි..

:       2       3

BamunuarachchiSaturday, 14 August 2021 06:47 PM

ඔහොම හිතලා නේද 2015 දුන්නේ? ලැම්බෝගිනිත් බැලුවා. ප්ලේන් දැක්කා.. රත්තරන් අශ්වයින් දැකලා බෝම්බත් වැදිලා, බැංකුත් නැතිවෙලා තමයි නැවතුනේ...

:       73       4

Gotta Wednesday, 18 August 2021 03:09 PM

වුවදුරට ගොට්ට ඇදලා නැහැ... ඔබතුමාලා ඕන පැත්තකට ගොටුව අල්ලගන්න ඇතිතරම් නාගන්න මෙතැනදී පරිස්සම් වන්න... එන්නත් ලබාගන්න. ආගම දහම අදහන්න. නිවෙසට වී සිටින්න. ගොටු අල්ලන්න වාද විවාද වලට නොයන්න. එමගින් රෝගය පැතිරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 783 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site